ඔත්තු_බැලූ_චීන_නෞකාවක්_කොළඹ_වරායට
ඉන්දීය නාවික හමුදාවේ දර්ශනයට ලක් වූ ධීවර ටෝලර් යාත්‍රාවක් ලෙස හැඟවෙන චීනයේ රහස් ඔත්තු සේවයට අයත් නෞකාවක් කොළඹ වරාය පර්යන්තයට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වරාය බලධාරීන් පවසන්නේ මෙවැනි යාත්‍රාවක් කොළඹ වරායට පැමිණි බවට දැනුවත් නැති බවයි.
එන්.ඩී.ටී.වී. රූපවාහනි නාලිකාව අනුව මීට දින 22කට පෙර කුඩා අන්දමන් දූපත් ආශ්‍රීත වෙරළට නුදුරින් ධීවර ටෝලර් යාත්‍රාවක් ලෙස හැඟවෙන පරිද යාත්‍රා කළ චීන රහස් ඔත්තු සේවයට අයත් මෙම නෞකාව ඉන්දීය නාවික හමුදාව විසින් සොයාගනු ලැබ තිබේ.
ජාත්‍යන්තර මුහුදු සීමාවේ තිබූ මෙම යාත්‍රාව ඉන්දීය නාවික හමුදාව ලුහුබැඳ ඇති අතර එය මඟහැර නෞකාව කොළඹ වරායට පැමිණ ඇතැයි එන්.ඩී.ටී.වී. රූපවාහනි නාලිකාව සදහන් කළේය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ නෞකාව විද්‍යාගාර 22කින් සමන්විත බවයි.
මෙම නෞකාව ඉන්දීය සාගර සිතියම්ගත කරමින් එහි ඉතා වැදගත් දත්ත රැස් කර තිබේ.
රැස්කර ඇති දත්ත සබ්මැරීන් ක්‍රියාකාරීත්වය සහ ට්රොපීඩෝ ප්‍රහාර එල්ල කිරීමසදහා වැදගත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.