ඔත්තු_බැලූ_චීන_නෞකාවක්_කොළඹ_වරායට

uditha224

Well-known member
  • ඔත්තු_බැලූ_චීන_නෞකාවක්_කොළඹ_වරායට

    tZfexKaP.jpg

    spacer.gif


    ඉන්දීය නාවික හමුදාවේ දර්ශනයට ලක් වූ ධීවර ටෝලර් යාත්‍රාවක් ලෙස හැඟවෙන චීනයේ රහස් ඔත්තු සේවයට අයත් නෞකාවක් කොළඹ වරාය පර්යන්තයට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

    කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වරාය බලධාරීන් පවසන්නේ මෙවැනි යාත්‍රාවක් කොළඹ වරායට පැමිණි බවට දැනුවත් නැති බවයි.

    එන්.ඩී.ටී.වී. රූපවාහනි නාලිකාව අනුව මීට දින 22කට පෙර කුඩා අන්දමන් දූපත් ආශ්‍රීත වෙරළට නුදුරින් ධීවර ටෝලර් යාත්‍රාවක් ලෙස හැඟවෙන පරිද යාත්‍රා කළ චීන රහස් ඔත්තු සේවයට අයත් මෙම නෞකාව ඉන්දීය නාවික හමුදාව විසින් සොයාගනු ලැබ තිබේ.

    ජාත්‍යන්තර මුහුදු සීමාවේ තිබූ මෙම යාත්‍රාව ඉන්දීය නාවික හමුදාව ලුහුබැඳ ඇති අතර එය මඟහැර නෞකාව කොළඹ වරායට පැමිණ ඇතැයි එන්.ඩී.ටී.වී. රූපවාහනි නාලිකාව සදහන් කළේය.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ නෞකාව විද්‍යාගාර 22කින් සමන්විත බවයි.
    8.gif


    මෙම නෞකාව ඉන්දීය සාගර සිතියම්ගත කරමින් එහි ඉතා වැදගත් දත්ත රැස් කර තිබේ.:nerd:

    රැස්කර ඇති දත්ත සබ්මැරීන් ක්‍රියාකාරීත්වය සහ ට්‍රොපීඩෝ ප්‍රහාර එල්ල කිරීමසදහා වැදගත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

     
    • Like
    Reactions: BC_Dilum

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ටෝලර් එකක කොහොමද බන්,විද්‍යාගාර 22ක් තියෙන්නේ.:oo:
    මේ චීන්නු කරන වැඩ වලින් හිරෝෂිමාවට උන දේ අපිට වෙයිද දන්නේ නෑ....:angry:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එහෙම එකක් ඇවිත් නැත්නම් නැතුව ඇති. මොකද අපි ඉන්දියාව කියන දේ විශ්වාසකරන්නයැ
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ටෝලර් එකක කොහොමද බන්,විද්‍යාගාර 22ක් තියෙන්නේ.:oo:
    මේ චීන්නු කරන වැඩ වලින් හිරෝෂිමාවට උන දේ අපිට වෙයිද දන්නේ නෑ....:angry:

    COMPACTED :lol: Typical chineese :P
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මේක හරි කෙලියක් නෙ දැන් ලංකාවට බෝටිටුවක් ආවත් මුන් කියන්නෙ චින ඔත්තු සේවාවල්ලු:lol::lol::lol:
    ඔකුන්ව බය කරන්ඩ තියෙන්නෙ වැඩිය දගලන්ඩ ආවොත් අර කලුගල් වරාය චි‍නෙට දෙනව කියල:lol::lol: