ඔන්න Linux පහසුකමක් Windows වලටත් - Automatic Drive Icons on your Desktop

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ඔන්න Linux පහසුකමක් Windows වලටත් - Automatic Drive Icons on your Desktop

    ඔයාල Ubuntu, Fedora වගේ Linux පාදක මෙහෙයුම් පද්ධති පාවිච්චි කරල තියෙනවනම් දැකල ඇති මේ දේ. Linux පාදක මෙහෙයුම් පද්ධතියක් සහිත පරිඝණකයකට removable storage එකක් ඒ කියන්නෙ USB pen එකක් වගේ දෙයක් සම්භම්ධ කල ගමන්ම ඒ storage device එකට shortcut එකක් ඉබේම desktop එකේ හැදෙනව. මේ post එක මම ලියන්නෙ ඒ පහසුකම windows XP/Vists/7 වලට ලබාගන්න කැමැත්තක් දක්වන අයටයි.

    මේ සඳහා free softwares net search කරල ලබාගන්න පුලුවන්. ඒ අතරින් මට ලැබුනු හොඳම සහ පහසුම software එක තමයි මම ඔයාලට දෙන්න යන්නෙ. මෙයාගෙ නම තමයි Desktop Media.

    මේකෙ තවත් හොඳක් තමයි ඔයාගෙ RAM ධාරිතාවයෙන් ඉතාමත් සුලු ප්‍රමාණයක් විතරයි මේකට වැය වෙන්නෙ. සරල user interface එකක් මේකට තියෙන්නෙ. මෙතන කොටල Desktop Media බාගන්න. බාගෙන කෙලින්ම install කරගන්න. install කරල run කලාම ඔයාගෙ notification area එකේ පහල රූපයේ විදිහට Desktop Media icon එක පෙන්නනව.

    DesktopMedia-NotificationArea.jpg


    මේක right click කරල එන menu එකෙන් OPtions click කරල ඕනෙනම් settings වෙනස් කරගන්න.

    DesktopMedia-Options.jpg


    මේ ලිපිය ඔයාට වැදගත් උනා කියල හිතනව. අදහසුත් කියලම යන්න.

    [උපුටා ගත්තෙ මගෙම blog එකෙන්. ඒ නිසා අයිතිය මා සතුයි. Do Not Copy]

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ♥-Aurora-♥