මම මේ ත්‍රෙඩ් එක දාන්න හිටියේ දවස් ගානකට කලින්. ඔන්න අද තමයි වෙලාවක් හම්බුනේ.
මේකේ ගොඩක් අය අහලා තියෙනවා දැක්කා ඔන්ලයින් පාස්පෝර්ට් එක ගන්න ඇප්ලයි කරලා මාස දෙක තුන ගියත් ඒක තාම ආවේ නැහැ, ඇප්ලිකේෂන් එක Accepted වෙලත් නැහැ කියලා.
ඇත්තටම කිව්වොත් ඔන්ලයින් සිස්ටම් එකෙන් අපේ විස්තර අරගෙන මුදල් ගෙවීම් භාර ගත්තට පාස්පෝර්ට් එක හදලා එවන්නේ නැහැ, මොකද එහෙම එවන්න බැරි තරං විශාල ඇප්ලිකේෂන් ප්‍රමාණයක් ලැබෙන නිසා. ඉතින් ඒ හින්ද නොර්මල් සර්විස් එකෙන් පාස්පෝර්ට් එක ගන්නේ මෙහෙමයි.
1) ඔන්ලයින් අදාල විස්තර ටික දීලා මුදල් ගෙවන්න. (මේක කරන විදිය ගැන වෙන අය ත්‍රෙඩ් කීපයක්ම දාලා තියෙනවා.)
2) ඊට පස්සේ ආදාල ලැබෙන දිනයට ෆින්ගර්ප්‍රින්ට් එක දෙන්න.අවුරුදු 60 ට වැඩි අයට සහ 16 ට අඩු ළමයිට මේක අවශ්‍ය නැහැ.
3) ෆින්ගර් ප්‍රින්ට් එක දීලා මාසයක් ගියාම පස්සේ බත්තරමුල්ලේ පාස්පෝර්ට් කන්තෝරුවට දවල් 12 ට කලින් යන්න. පලවෙනි තට්ටුවේ 15 කවුන්ටර් එකට යන්න. උදේම ගියාම පෝලිම වැඩියි. දවල් 11 න් පස්සේ පෝලිම අඩුයි. කොහොම දවල් 12 ට කලින් යන්න ඕනි. ඒ යද්දී මුදල් ගෙවූ රිසිප්ට්, අයිඩී කාඩ් එක, උප්පැන්න සහතිකය ඔරිජිනල් ඒවා අරගෙන යන්න. සමහර අයට මේක අවශ්‍ය වෙනවා ආයේ චෙක් කරද්දී එකයි.
4) පලවෙනි තට්ටුවේ 15 කවුන්ට්ර් එකට ගිහින් රිසිප්ට් එක දුන්නම ඒක බලලා ඇප්ලිකේෂන් එක Okay කරනවා. ඒක අපිට සයිට් එකට ලොග් වෙලා බලන්න පුළුවන්.
5) ඊට පස්සේ එදාම හවස 2:30 න් පස්සේ ආයේ අර මුලින් කිව්ව 15 කවුන්ටර් එක ලගට වෙලා ඉන්න.
6) ඔයාගේ නම කියලා පාස්පෝර්ට් එක දෙයි. අයිඩී එක පෙන්නලා අත්සන් කරලා ගන්න තියෙන්නේ.
7) සයිට් එකේ ලොග් වෙලා ඉන්න. එකේ අප්ඩේට් වෙනවා පාස්පෝර්ට් එකේ තත්වය. පහල පහල ස්ක්‍රීන් ෂොට් එකක් දාලා තියෙනවා., එකේ Passport Printed කියලා Okay උනාම 15 කවුන්ටර් එක ලගට යන්න. එතකොට පැයක් වගේ යනකොට පාස්පෝර්ට් එක දෙයි. හැබැයි නම කියද්දී හිටියේ නැත්තන් ඒක තැපෑලේ එවන්නේ. ආයේ දෙපාරක් නම් කියන්නේ නැහැ, තමුන්ගේ පාස්පෝර්ට් එක වෙන කෙනෙක්ට දෙන්නෙත් නැහැ. එහම කර කර ඉන්න වෙලාවකුත් නැහැ එතන ඉන්න පිරිස වැඩි නිසා.
ආයේ මොනා හරි දැන ගන්න තියෙනවා නං අහන්න. මේ විදියට ප්‍රාදේශීය පාස්පෝර්ට් ඔෆිස් වලින් ගන්න පුලුවන්ද කියලා නං මම දන්නේ නැහැ.

Last edited: