ඔප්පු ලිවීමේදී වෙනස් වුන නීති...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    6vRrRss.jpeg

    ඔප්පු ලිවීම සම්බන්ධයෙන් වන නොතාරිස් පනතට මෑතකදී නව සංශෝධනයක් එකතු විය... ඒ අනුව ඔබ ඔප්පුවක් ලිවීම සදහා නොතාරිස් වරයෙකු හෝ නොතාරිස් බලපත්‍ර හිමි නීතිඥ වරයෙකු ලගට යනවා නම් ....

    1.ඔබ ඔබගේ දේපල විකුණන්න නම් යන්නේ
    විකුණන අයගේ හා එම දේපල ගන්නා අයගේ පාස් පෝට් ප්‍රමාණයේ ඡායා රූප 3ක්
    රැගෙන යන්න

    2.ඔබ දේපලක් ඔබගේ නෑ කෙනෙකුට ට හෝ දරුවා ට හෝ තෑගි දෙන්න යනවා නම් ඔබ
    තෑගි දෙන අයගේ හා තෑග්ග ගන්නා අයගේ යන දෙදෙනාගේම ඡායා රූප 3 බැගින් 6 රැගෙන යන්න ...

    3..බදු ඔප්පු සදහා මෙය අදාල නැත...

    දේපලක් විකුනන විට දේපල විකුණන අය මෙන්ම දේපල ගන්නා අයද එම ඔප්පුව සදහා අත්සන් කිරීම අනිවාර්ය වේ...

    විදෙස් රටක රැකියාවක් කරන්න ගිහින් ඉන්න කෙනෙක් මීට පෙර නීතිය අනුව ලංකාවේ දේපලක් ගන්න බාධාවක් තිබුනේ නෑ..
    නමුත් නව නීතිය අනුව ගැනුම්කරු අත්සන් කරන්න ඕන නිසා එම අවස්ථාව අහිමි වී ඇත..

    නමුත් ඇටර්නි බලපත්‍ර යක් මගින් එම කාර්යය කරන්න පුලුවන්...

    මෙම නීතියේ ප්‍රයෝගික දුර්වලතා පවතී...

    මොකද විකුණුම් කරුවන් හෝ තෑගි දීමනා කරුවන් හෝ ගැණුම්කරුවන් හෝ තෑගි ලැබුම්කරැවන් හෝ එක් අයෙකු ට වඩා සිටින විට ඔවුන්ගේ ඡායාරූප ඔප්පුව පුරාම ඇලවීමට සිදුවේ...

    ඡායා රූපය අලවා එයට යටින් එය නොතාරිස් සහතික කර ඡායා රූපයේ පහලින් සිය නිල මුද්‍රාව තැබිය යුතුය...

    මෙම කටයුත්ත සදහා යම් ඉඩක් ඔප්පුව තුල වෙන් කිරීමට සිදුවේ.පාර්ශ්වයන් ගණන වැඩි වූ විට ...ඒ සදහා අතිරේක කොලයක්
    Blue sheet යෙදීමට පවා සිදු විය හැක
    ඒ සදහා එම කොලයට පාර්ශ්ව සියල්ලන්ගේම අත්සන හා ඇගිලි අත්සන් ද ලබාගත යුතුය...

    ඡායාරූප නොඇලවීම නොතාරිස් දඩුවම් ලබන වරදක් කරයි..

    එම නිසා මුල් පිටපතට දෙවන පිටපතට වගේම අපි ලග තබා ගන්නා පිටපතටත් ඡායා රූප අලවා තබාගැනීම වඩා ආරක්ෂා කාරී වේ...

    සංගීත් රුවන් ගේ ලිපියක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,348
    32,071
    113
    සංකීර්ණ කරන ක්‍රම මිනිස්සුන්ට අප්පිරිය කරලා, රස්තියාදුවේ යවල කාලකන්නි කරන්නද මුන් සිස්ටම් හදන්නේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විකුණුම් කරුවා පදිංචි ප්‍රදේශයේ ග්‍රාමසේවකගේ සහතිකයක් ප්‍රදේශීය ලේකම් සහතික කරලා පත්තරේක දැන්වීමක් දාල මස 6ක් ගියාට පස්සේ සහතික කරලා අලවන්න ඕන කියල නැද්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,348
    32,071
    113
    විකුණුම් කරුවා පදිංචි ප්‍රදේශයේ ග්‍රාමසේවකගේ සහතිකයක් ප්‍රදේශීය ලේකම් සහතික කරලා පත්තරේක දැන්වීමක් දාල මස 6ක් ගියාට පස්සේ සහතික කරලා අලවන්න ඕන කියල නැද්ද?
    inna inna ukkawana ratak meka...........
    ko? araka meek naha
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,011
    113
    ආශ්චර්යමත් රටක
    සංකීර්ණ කරන ක්‍රම මිනිස්සුන්ට අප්පිරිය කරලා, රස්තියාදුවේ යවල කාලකන්නි කරන්නද මුන් සිස්ටම් හදන්නේ?

    ඔව්.
    ක්‍රමේ සංකීර්ණ වෙන තරමට හොරකමට ඉඩත් වැඩියි. ඒ අනිත් හේතුව.

    රනිල් රාජපක්ෂ එක්ක රට හදන්න යන බයියන්ට ඔහොම තමයි වෙන්න ඕන. :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,348
    32,071
    113
    ඔව්.
    ක්‍රමේ සංකීර්ණ වෙන තරමට හොරකමට ඉඩත් වැඩියි. ඒ අනිත් හේතුව.

    රනිල් රාජපක්ෂ එක්ක රට හදන්න යන බයියන්ට ඔහොම තමයි වෙන්න ඕන. :lol:
    ෆොටෝ අලවන්නත් පගාවක් හදා ගනී...
    ලකේපන්කාව තවම ඉන්නේ 70 ගණන් වල
    අරක මීක් නැහැ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    අර buyer's sign එක නම් වටිනවා. නැවත ඔහු ඒක විකිණීමේදී ගහන අත්සන නිවැරදි දැයි බලාගන්න පුළුවන්.
    නැත්නම් වැරැදි අස්ත්සනක් නොතාරිස් ඉදිරියේ යොදලා අහු උනො ත් නඩු ගිහිල්ලා තමයි විසඳ ගන්න වෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    Bim saviya kiyanne sinnakara nemeida???
    සින්නක්කර ඔප්පු වල next gen එක කියල අඳුන්වලා දුන්නෙ, සින්නක්කර ඔප්පු digitize කරල හිමිකම් පත්‍ර දුන්න, ඉඩම් වල සීමා එහෙම GPS එකෙන් රෙකෝඩ් කරල තියෙන්නෙ
     
    • Wow
    Reactions: animation

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    සින්නක්කර ඔප්පු වල next gen එක කියල අඳුන්වලා දුන්නෙ, සින්නක්කර ඔප්පු digitize කරල හිමිකම් පත්‍ර දුන්න, ඉඩම් වල සීමා එහෙම GPS එකෙන් රෙකෝඩ් කරල තියෙන්නෙ
    Kawda bola ahema kale...galle wala ahema karala nane ????
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    සින්නක්කර ඔප්පු වල next gen එක කියල අඳුන්වලා දුන්නෙ, සින්නක්කර ඔප්පු digitize කරල හිමිකම් පත්‍ර දුන්න, ඉඩම් වල සීමා එහෙම GPS එකෙන් රෙකෝඩ් කරල තියෙන්නෙ

    first quality tama itin 👍
    බිම් සවිය කියන්නේ සින්නකර වලට වඩා බලය අඩු එකක් නේද?
    සින්නක්කර (deed of transfer) නේද බලවත්ම..?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    TFS