ඔප්පු ලිවීම සම්බන්ධයෙන් වන නොතාරිස් පනතට මෑතකදී නව සංශෝධනයක් එකතු විය... ඒ අනුව ඔබ ඔප්පුවක් ලිවීම සදහා නොතාරිස් වරයෙකු හෝ නොතාරිස් බලපත්‍ර හිමි නීතිඥ වරයෙකු ලගට යනවා නම් ....
1.ඔබ ඔබගේ දේපල විකුණන්න නම් යන්නේ
විකුණන අයගේ හා එම දේපල ගන්නා අයගේ පාස් පෝට් ප්‍රමාණයේ ඡායා රූප 3ක්
රැගෙන යන්න
2.ඔබ දේපලක් ඔබගේ නෑ කෙනෙකුට ට හෝ දරුවා ට හෝ තෑගි දෙන්න යනවා නම් ඔබ
තෑගි දෙන අයගේ හා තෑග්ග ගන්නා අයගේ යන දෙදෙනාගේම ඡායා රූප 3 බැගින් 6 රැගෙන යන්න ...
3..බදු ඔප්පු සදහා මෙය අදාල නැත...
දේපලක් විකුනන විට දේපල විකුණන අය මෙන්ම දේපල ගන්නා අයද එම ඔප්පුව සදහා අත්සන් කිරීම අනිවාර්ය වේ...
විදෙස් රටක රැකියාවක් කරන්න ගිහින් ඉන්න කෙනෙක් මීට පෙර නීතිය අනුව ලංකාවේ දේපලක් ගන්න බාධාවක් තිබුනේ නෑ..
නමුත් නව නීතිය අනුව ගැනුම්කරු අත්සන් කරන්න ඕන නිසා එම අවස්ථාව අහිමි වී ඇත..
නමුත් ඇටර්නි බලපත්‍ර යක් මගින් එම කාර්යය කරන්න පුලුවන්...
මෙම නීතියේ ප්‍රයෝගික දුර්වලතා පවතී...
මොකද විකුණුම් කරුවන් හෝ තෑගි දීමනා කරුවන් හෝ ගැණුම්කරුවන් හෝ තෑගි ලැබුම්කරැවන් හෝ එක් අයෙකු ට වඩා සිටින විට ඔවුන්ගේ ඡායාරූප ඔප්පුව පුරාම ඇලවීමට සිදුවේ...
ඡායා රූපය අලවා එයට යටින් එය නොතාරිස් සහතික කර ඡායා රූපයේ පහලින් සිය නිල මුද්‍රාව තැබිය යුතුය...
මෙම කටයුත්ත සදහා යම් ඉඩක් ඔප්පුව තුල වෙන් කිරීමට සිදුවේ.පාර්ශ්වයන් ගණන වැඩි වූ විට ...ඒ සදහා අතිරේක කොලයක්
Blue sheet යෙදීමට පවා සිදු විය හැක
ඒ සදහා එම කොලයට පාර්ශ්ව සියල්ලන්ගේම අත්සන හා ඇගිලි අත්සන් ද ලබාගත යුතුය...
ඡායාරූප නොඇලවීම නොතාරිස් දඩුවම් ලබන වරදක් කරයි..
එම නිසා මුල් පිටපතට දෙවන පිටපතට වගේම අපි ලග තබා ගන්නා පිටපතටත් ඡායා රූප අලවා තබාගැනීම වඩා ආරක්ෂා කාරී වේ...
සංගීත් රුවන් ගේ ලිපියක්.

