ඔබටත් උපතින්ම සංගීත කණක් හිමි දැයි try කර බලන&

kabba123

Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    ඔබටත් උපතින්ම සංගීත කණක් හිමි දැයි try කර බලන&

    කොහොමද කට්ටියට,ආයෙ කාලෙකින් මේ පැත්තට ආව පොඩි thread කෑල්ලක් දාල යන්න;);):D:rolleyes::yes:

    ඉතාම සීමිත පිරිසකට විතරක් උපතින්ම ලැබෙන අපූරු Perfect Pitch හැකියාව ගැනයි අද කියන්නෙ

    Music කියන්නෙ අපි හැමෝම අඩු වැඩි මට්ටමෙන් ආස කරන දෙයක් නේ..ලස්සනට සිංදු පුලුවන් අය, නැත්නං මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුලුවන් අය අපි අතර ඕනෙ තරම් ඉන්නවනෙ..අඩුම ගානෙ අපි ආස කරන ගීතයක් කව්රු හරි කියත්දි නැත්නං කොහෙ හරි යන ගීතයක් හෝ සංගීත ඛණ්ඩයක් ඇහෙත්දි ලඟ තියෙන දේකට තාලෙට තට්ටුවක් හරි දාල ඒක රස විඳින්න අපි පුරුදු වෙලා ඉන්නව..අපරාදෙ කියන්න බෑ ගමකට එක ගානෙ සංගීත කණ්ඩායමකුයි ගායකයෙකුයි දැන් තියෙන සුපිරි තරු තරඟ නිසා නොමිලේම ලැබිල තියෙනව.

    9iy7lzC.jpg


    අද කියන්න යන්නෙ ඔබට උපතින්ම නිරායාසයෙන්ම ලැබෙන හැකියාවක් ගැන,සමහර විට මේ ගැන ඔබ දන්නව වෙන්න පුලුවන්,එහෙම දැනගෙන ඒකෙන් ප්‍රයෝජන අරගෙන හොඳ වැඩකාරයෙක් වෙලා ඉන්නව වෙන්නත් පුලුවන්.සමහර විට ඔබ ජීවීතේට උත්සහ කරල නැති නිසා මෙහෙම හැකියාවක් මට තියෙනවද කියල දන්නෙ නැති වෙන්නත් පුලුවන්.සමහර විට ඔබට උපතින් මෙහෙම හැකියාවක් නැති වෙන්නත් පුලුවන්..මොකද මේක උපතේදි සහජයෙන් පිහිටන්නෙ බොහොම සුළුතරයකට විතරයි.නමුත් දුක් වෙන්න ඕනෙ නෑ නිරන්තර ප්‍රායෝගික පුහුණුවෙන් හා කැපවීමෙන් යම් දුරකට මේ හැකියාව වර්ධනය කර ගන්න පුලුවන්.


    මොකක්ද මේ Perfect Pitch කියන්නෙ
    මේ හැකියාවට අපි කියනව Perfect Pitch කියල සිංහලෙන් කියනව නං මොකක් හරි සංගීත භාණ්ඩයක ස්වරයක් හෝ ස්වර කීපයක් එකට වාදනය වෙන එකට සවන් දීල විතරක් 100% ම නිවැරදිව ඒ ස්වරය හෝ ස්වර කීපය හඳුනා ගන්න පුලුවන් හැකියාව.. හරි විශ්මිතයි නේද.. එහෙම අයට පුලුවන් අහම්බෙන් ඔයා ගිටාර් එකේ ස්ට්‍රින්ග් එකකට තට්ටුවක් දැම්මම නැත්නං කෝඩ් එකක් වාදනය කලාම එහෙම නැත්නං කී බෝඩ් එකකින් අහම්බෙන් ස්වර කීපයක් වාදනය කලාම ගිටාර් එක/කී බෝඩ් එක දිහා බලන්නෙවත් නැතුව වෙන කිසිම සංගීත භාණ්ඩයක් උදව් කර ගන්නෙත් නැතුව ඔයා play කලේ මොන ස්වරයද නැත්නං ස්වර කීපයද කියල තක්කෙටම කියන්න.වැඩේ කියන්නෙ මේ අය පාරෙ යන බස් එකක් ගහන හෝන් එකේ සද්දෙට කන් දීගෙන හිටියත් නැත්නං පංසලේ ඝණ්ඨාරෙ වදින සද්දෙ වගේ ස්වභාවිකව අපිට පරිසරයෙන් ඇහෙන සද්දයක් උනත් කන්දීගෙන ඉඳල මේ හඬ ඇහෙන්නෙ අහවල් ස්වරය හෝ අහවල් ස්වර පරාසය අතර කියල 100% ක් ම නිවැරදිව කියන්න පුලුවන්.

    kJlYp1r.jpg

    අද අපි ලංකාවෙ හෝ ලෝකයේ දකින කලාව උඩු යටිකුරු කල පෙරලිකාර දක්ශ ගායකයො,වාදකයො,සංගීත නිර්මාණ ශිල්පීන් බොහොමයක් සහජයෙන් මේ හැකියාව ගෙනා අය.. නැත්‍නං දැඩි කැප කිරීමක් කරල නිරන්තර අභ්‍යාස කරල තමාගේ උත්සාහය මත මේ හැකියාවන් වර්ධනය කර ගත්තු අය.මෙහෙම අයට අහම්බෙන් ස්වර කීපයක් ගායනා 'කරල පෙන්නන්න කිව්වොත් ආයෙ ඇදක් කුදක් නැතුව ඒ ස්වර ටික Instrument එකක් පැත්ත පලාතක වත් නැතුව ගයන්න පුලුවන්.එහෙම ගායනා කරන්න දීල එයත් එක්කම ඒ ස්වර Instrument එකකින් වාදනය කරල බැලුවොත් දෙකම එකම එකම ස්වර පරාසයක තමයි ඇහෙන්නෙ.


    අපිට Perfect Pitch හදා ගන්න බැරිද?

    ඔබට උපතින් සහජයෙන් මේ හැකියාව නැත්නං එහෙමත් නැත්තං ඉතාම කුඩා ලදරු වයසෙදිම නිරන්තරවම සංගීතට සවන් දීල පුහුණු වෙලා නැත්නං 100% ක්ම මේ හැකියාව පසු කාලීනව වර්ධනය කර ගන්න අපහසුයි.Perfect Pitch හැකියාව උපතින් 100% නැතත් නිසි හැදෑරීමක් කරල කාලයක් තිස්සෙ සංගීතයට ඔබේ කණ නිරාවරනය උනාම ඔබටත් මේ හැකියාව හොඳ මට්ටමකට වර්ධනය කර ගන්න පුලුවන්.Professional level එකේ සංගීතය කරන බොහෝ දෙනෙක්ට වසර ගානක් එක දිගට සංගීතයේ නියැලුනාම සංගීත අභ්‍යාස කලාම හෝ ස්වර වාදන භාණ්ඩයක් කාලයක් ප්‍රගුණ කලාම ඉතා නිවැරදිව කියන්න පුලුවන් මේ සිංදුවෙ හෝ මේ සංගීත නිර්මාණයෙ දැන් ගායනා වෙන්නෙ හෝ වාදනය වෙන්නෙ මේ ස්වරය නැත්නං මේ chord එක කියල.ඔබත් උත්සහ කලොත් මේ music ear එක කාලයත් සමග නිරායාසයෙන් ඔබටත් ලැබේවි.

    මම අද කතා කල Perfect Pitch එක සුපිරියටම තියෙන කෙනෙක් තමයි ඇමෙරිකානු ජාතික Charlie Puth කියන දක්ෂ සංගීතවේදිය..මෑතකදි එයාගෙ Perfect Pitch හැකියාව කොහොමද කියල බලන්න කට්ටියක් එයාව පොඩි Test එකකට දානව..වීදුරු වලට වතුර පුරවල දීල අපි පොඩි කාලේ සෙල්ලං කල මිරිකුවම චෑස් චූස් ගාන තාරවෙක් :lol: වගේ දේවල් දීල ඒවට පොඩි තට්ටු බට්ටුවක් දාල එයාට ඒ ඇහෙන සද්දෙ හරියටම අඳුර ගන්න කියල කියනව.පොඩ්ඩක් බලන්නකො කොහොමද එයාගෙ හැකියාවෙ තරම කියල..





    එහෙනං කියවපු හැමෝටම ස්තූතියි..අලුත් දෙයක් දැන ගත්ත නං comment එකක් දාගෙන යන්න.වෙලාවක් ලැබුනොත් බොහොම සීමිත පිරිසකට විතරක් උපතින් පිහිටන මෙහෙම හැකියාවක් ඔයාටත් ලැබිල තියෙනවද කියන එක පොඩ්ඩක් උත්සහ කරල බලන්න..එහෙම තියෙනව නං ඒ හැකියාව වර්ධනය කරගෙන ඔයාට දවසක හොඳ තැනකට එන්නත් පුලුවන් වෙයි.
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    කියන්න සතුටුයි..! සිංදුවක් අහලා ඉවර වෙද්දි, ඒ සිංදුවේ මුල් පේළියවත් මතක නෑ....
    ඩ්‍රම් සෙට් එකෙයි, ගිටාර් එකෙයි සද්දේනම් ලාවට වගේ වෙන් කරලා හදුන ගන්න පුළුවන්....

    හැබැයි පුතේ ඕනම වාහනේක සද්දෙන්, මොඩල් එකනම් කියන්න පුළුවන්....
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    අඩෝ මටත් පොඩි කාලෙ ඉදලම ඔය හැකියාව තියෙනව මචන්
    කරුමෙට මන් කරන්නෙ ඉතින් සංගීතයක් කියල දෙයක් ගෑවිලාවත් නැති ෆීල්ඩ් එකක :(
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    100% ma nam ne.eth mata puluwan onama song ekak ahapu gaman a note tika keyboard ekakin play karanna.ahena onama saddekata mata puluwan keyboard eken a note eka play karanna.kalin nam band ekaka hitiya.godak note mama thama hadanne..dan nam job seen ekka ewata passe dan karanne.miusic walata pattama asai adatath..
     
    • Like
    Reactions: Dhanushka.N