ඔබටත් දියවැඩියාව තියෙනවාද..?
දියවැඩියාව ගැන මේ දවස්වල ත්‍රෙඩ් එකක් යන නිසා මම දැකපු හොද විස්තරයක් කොපි කරල මෙතන දානවා.මම මේක දාන්න හැදුවෙ ඒ ත්‍රෙඩ් එකේමයි ඒත් දිග වැඩියිලු.ඒකයි අලුත් ත්‍රෙඩ් එකක් දැම්මෙ.ඒකත් කොටස් දෙකකට දාන්න උනා.දිය වැඩියාව තියෙන අයට මේ ටික ප්‍රින්ට් කරල දෙන්න පුලුවන්නම් වටිනවා.රෝගය ගැන දැනුවත් විම ගොඩක් වැදගත්
දියවැඩියාව
ශරීරයේ ඉන්සියුලීන් අඩුවිට හෝ ඉන්සියුලීන් නිපදවන්නේ නැතිවිට ඇතිවන රෝගයට දියවැඩියාව යැයි කියයි. දියවැඩියාව ඉතා බරපතල රෝගයකි. ලෝකයේ වයස සීමාවකින් තොරව, ළදරුවන්ගේ සිට මහලු අය දක්වා මිලියන 100ට වඩා අධික ජනතාවක් දියවැඩියාවෙන් පෙලේ. තවත් මිනිසුන් මිලියනයකට පමණ දියවැඩියාව ඇති මුත් එය හඳුනාගෙන නොමැත. දියවැඩියාවේ මුල් අවධියේදීම එය හඳුනාගෙන එයට ප්‍රතිකාර ගැනීමෙන් ඇතිවිය හැකි භයානක සංකූලතා (complications) අවම කර ගත හැක. දියවැඩියාව තනි රෝගයක් ලෙස බොහෝ දෙනා සිතුවත් එය ශරීරයේ දුබලතා වල එකතුවකි. මෙහිදි ප්‍රධානතම ගැටලුව ඇති වන්නේ, ඉන්සියුලීන් හෝමෝනය නිසිලෙස නිෂ්පාදනය නොවීම හා ඉන්සියුලීන් හරිහැටි ක්‍රියා නොකිරීම නිසයි. ඉන්සියුලීන් නැමැති හෝමෝනය අපට අවශ්‍යය වන්නේ එදිනෙදා ජීවිතයට අවශ්‍යය ශක්තිය, සීනි, පිෂ්ඨය හා අනිකුත් ආහාර වලින් ලබාගැනීමටයි.
දියවැඩියාව ඇතිවන්නේ ඇයි?
තවමත් දියවැඩියාව ඇතිවීමේ හේතුව අභිරහසක්ව පවතී. එනමුත් ජානමය හා පාරිසරික හේතු (තරබාරුකම, මද ව්‍යායාම) දියවැඩියාව ඇතිවීමට බලපාන බව පෙන්නුම් කරයි.
දියවැඩියා වර්ග
බහුලව දැකිය හැකි දියවැඩියා වර්ග වන්නේ දියවැඩියා වර්ග-1 හා දියවැඩියා වර්ග-2 වේ.
දියවැඩියා වර්ග-1: මෙය ඇති වන්නේ ශරීරයට ඉන්සියුලින් සෑදීමට අපහසු වු විටයි.
දියවැඩියා වර්ග -2: මෙය ඇති වන්නේ ශරීරයේ නිපදවන ඉන්සියුලින් වල භාවිතය අඩපණ වු විටයි.
දියවැඩියා වර්ග 1
මෙය, දියවැඩියා රෝග ආකාර වලින් වඩාත් දරුණු වර්ගයවේ. මෙම රෝගින් තම රෝගය පාලනය කරගන්නේ ඉන්සියුලින් එන්නත් මඟිනි. මෙහිදි ඉන්සියුලින් මඟින් ග්ලුකෝස් පරිවෘත්තිය (Metobo lism) හසුරුවා ගනී.
අතීතයේදී දියවැඩියා වර්ග-1 ළමුන්ට පමණක් සෑදෙන රෝගයක් ලෙස සිතූ නමුත් දැන් මෙය ඕනෑම වයස් කාණ්ඩයකට වැළඳිය හැකිබව සොයා ගෙන ඇත. දියවැඩියාව වර්ග-1, ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවන ක්‍රියාව අඩපන වීම නිසයි. (ඉන්සියුලීන් හෝමෝනය මගින් දේහ සෛලවලට අවශ්‍යය සීනි නිපදවීම පාලනය කරයි.)
දියවැඩියාව වර්ග-1 රෝගීන් භයානක කෙටි කාලීන සංකූලතා වලට භාජනය වීමට වැඩි ප්‍රවණතාවයක් දක්වයි. මෙය සිදුවන්නේ රුධිරයේ සීනි මට්ටම ක්ෂනිකව ඉහල පහල යෑම නිසයි. මෙම මට්ටම අධික සීනි මට්ටමකට (Hyperglycemia) හා අල්ප සීනි මට්ටමකට (Hypoglycemia) දක්වා වෙනස් විය හැක. මොවුනට ඇතිවන තවත් භයානක අවදානමක් වන්නේ ශරීරයේ අහිතකර විෂ අම්ල එකතු වීමයි.
රෝගයට හේතු
දියවැඩියාව වර්ග-1 ස්වයං-ප්‍රතිශක්ති (autoimmune) රෝගයකි. මෙම රෝගී තත්වය ඇති වන්නේ ජානවල ක්‍රියාකාරිත්වය නිසාය. මෙහිදී ප්‍රතිශක්තීකරණ පද්ධතිය තම ශරීරය කෙරෙහිම හානි පමුණුවා ගැනීමක් සිදුකරයි.
බීටා සෛල, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඉතා සෙමෙන් විනාශකරනු ලබයි. අවසානයේ බීටා සෛල නොමැතිවීම නිසා ඉන්සියුලීන් නිපදවීම ඇනහිටී. මෙම තත්වය දියවැඩියාව වර්ග-1 ලෙස හැඳින්වේ. කුමන හේතුවක් නිසා ප්‍රතිශක්තීකරන පද්ධතිය බීටා සෛල විනාශ කිරීමට යොමුවන්නේදැයි තවමත් විද්‍යාඥයින්ට ප්රශ්නයක්ව පවතී. එනමුත් මෙයට ජාන හා සම්බන්ධතාවයක් ඇතැයි නිරීෂණය කර ඇත.
බීටා සෛල වල විනාශවීම නොදැනීම අවුරුදු ගනනක් (අවුරැදු 4-7) තිස්සේ සිදුවේ. මේ පිළිබඳව අපට දැනගැනීමට හැකිවන්නේ 80%-90% දක්වා බීටා සෛල විනාශ වූ පසුවයි. මේ අවස්ථාවේ ක්ෂනිකව පුදුමාකාර ලෙස රෝග ලක්ෂණ මතුවේ. මෙම අවස්ථාවේ ඉතා ඉක්මනින් රෝගය හඳුනාගෙන එයට ප්රතිකාරගත යුතුය.
රෝග ලක්ෂණ
සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගනනක් මුත්‍රා පිටකිරීම
අඛණ්ඩව ඇතිවන පිපාසය හා බඩගින්න
බර අඩුවීම
විඩාව
පෙනීමේ දුර්වලතා
නැවත නැවත ඇතිවන සමේ රෝග
රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම හා මුත්රාවල සීනි තිබීම
අග්න්යයාසයේ බීටා සෛල කෝටියක් පමණ ඇත. රුධිරයේ සීනිමට්ටම ඉහල යන විට මෙම බීටා සෛල මගින් ඉන්සියුලීන් හෝමෝන රුධිරයට ස්රාවය වී රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
පුර්ව දියවැඩියාව ඔබ හඳුනාගන්නේ කෙසේද?
මෙය බහුලවම පවතින දියවැඩියා වර්ගයයි. දියවැඩියා රෝගීන්ගෙන් 80% සිට 90% කට පමණ ඇත්තේ මෙම දියවැඩියා වර්ගයයි. මෙම පුද්ගලයන් අතරින් පස්දෙනෙකුගෙන් හතර දෙනෙකු පමණ තරබාරු අයවන අතර අනික් අය අතරින් බොහෝදෙනෙක් දියවැඩියාව වැලඳීමට පෙර තරබාරුව සිටි අයයි.
මෙය පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන රෝගයකි. දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන් මෙම රෝගයෙන් පෙලෙන්නේනම් තමාටද මෙය සෑදීමට ඇති අවදානම වැඩිය. ඔබ තරබාරුනම් හෝ ක්‍රියාශීලී නොවන ජීවිකාවක් ගෙන යන්නෙකුනම් මෙම අවදානම තවත් වැඩිය.
මෙය බොහෝ විට වයස අවුරුදු හතලිහට වැඩි අයට වැලඳෙන අතර ඕනෑම වයසකදී වැලඳීමේ හැකියාව ඇත. එනමුත් දියවැඩියාව වර්ග-2 ළමුන් අතරද ඇතිබව වාර්තා වී ඇත.
ඔබ අධිකලෙස පිෂ්ඨය හෝ සීනි අඩංගු ආහාර, මේද අධික ආහාර හෝ කොලෙස්ටරෝල් අධික ආහාර ගන්නෙකුනම් ඒ ගැන දෙවරක් සිතන්න. රුධිරයේ අඩංගු ග්ලූකෝස් දේහයේ සෛල තුලට ඇතුල්වීම ඉන්සියුලීන් මගින් පාලනය කරයි. ඉහතකී ආහාර රුධිර ගතවු පසු එමගින් ඉන්සියුලීන් වල ක්‍රියාකාරිත්වයට බාධා ඇතිකරයි. මේ නිසා අග්න්‍යාශය වැඩි වැඩියෙන් ඉන්සියුලීන් නිපදවයි. මෙසේ ටික කලක් ගිය පසූ අග්න්‍යාශය දුර්වලවී ඉන්සියුලීන් නිෂ්පාදනය අඩපනවී දියවැඩියාව ඇතිකරයි.
ග්ලූකෝස්, සෛල තුලට ලබාගැනීම දුර්වල වීම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහලගොස් මුත්‍රා සමග ග්ලූකෝස් පිටවීම සිදුවේ. එමෙන්ම ශරීරයට අවශ්‍යය ශක්තිය අඩුවන නිසා නිතර නිතර කුසගින්න සෑදෙන අතර වැඩි වාර ගනනක් මුත්‍රා කරන නිසා දැඩි පිපාසයද ඇතිවේ. සෛල වලට ශක්තිය හිඟවීමෙන් දේහයේ ක්‍රියාවලිය අඩපන වන අතර දැඩි වෙහෙසකාරී ගතියක් ඇතිවේ. මෙය දිගුකලක් නොසලකා හැරියොත් ශරීරයේ සෛල මිය යන අතර ඔබ මරණයට පත්වීමටද ඉඩ ඇත. මෙම රෝගීන්ගේ පෙනීම, වකුගඩුරෝග, හෘදයාබාධ, ස්නායු දුර්වලතා වලට ගොදුරු වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.
මෙම දියවැඩියා වර්ගය නිසි ජීවන රටාවක් මගින් පාලනය කලහැක (ආහාර සහ ව්‍යායාම).
රෝග ලක්ෂණ
නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍යය වීම
දැඩි පිපාසය හා කුසගින්න
පෙනීමේ දුර්වලතා (බොඳවී පෙනීම)
දැඩි වෙහෙසකාරී ගතිය හා අලසකම
තුවාල සුවවීමට දිගු කලක් ගතවීම
පාදයේ ඇතිවන හිරිවැටීම වැනි තත්ව
නාරිවේදය හා සම්බන්ධ දිලීර රෝග ඇතිවීම
පුරුෂයන්ගේ බෙලහීනතා ඇතිවීම
පූර්ව දියවැඩියාව: පුර්ව දියවැඩියාව කියන්නේ කෙනෙකූගේ රුධිර සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වුවත් දියවැඩියා වර්ග-2 සෑදුනු කෙනෙකුගේ රුධිර සීනි මට්ටමට වඩා අඩු අගයක් ගත්විටයි. මීට අමතරව වෛද්‍යවරුන් බොහෝ විට හඳුන්වන විවිධ ආකාරයේ ග්ලූකෝස් අසාමාන්‍යතා පවති. මින් සමහරක් දියවැඩියාව නොවන අතර එය දියවැඩියාව ඇතිවීමේ අනතුරු හැඟවීමක් ලෙස හැඳින්විය හැක.
රුධිර සීනි මට්ටම
සාමාන්‍යය
රුධිර සීනි මට්ටම < පුර්ව දියවැඩියාව රුධිර සීනි මට්ටම < දියවැඩියාව රුධිර සීනි මට්ටම
ද්වීතීක දියවැඩියාව
වෙනත් රෝග තත්වයන් හෝ බෙහෙත් වර්ග හෝ රසායනික ද්‍රව්‍ය නිසා දියවැඩියාව සෑදිය හැක. මෙසේ වැළඳෙන දියවැඩියාව ද්වීතීක දියවැඩියාව ලෙස හැඳින්වේ.
ද්වීතීක දියවැඩියාව ඇතිවීමට හේතු
අග්න්‍යාශයේ රෝග
හෝමෝන අසාමාන්‍යතා
ඉන්සියුලින්-ග්රාහක ආබාධ
ඔසු හා රසායනිකයන් මඟින් ප්‍රේරණය වු ද්වීතීක දියවැඩියාව
පාරම්පරික ව්‍යාධි
වෙනත් රෝග වලට අනුමත කරන බෙහෙත් වර්ග නිසා රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහල යාම.
උදා:-
ප්‍රතිප්‍රදාහක(ඉදිමුම පාලනයකිරීමටගන්නාබෙහෙත්)නිසා-Glucocorticoids
රුධිර පීඩනය පාලනය කිරීමට දෙන ඖෂධ නිසා-Furosemide
රුධිර පීඩනය පාලනය කිරීමට දෙන ඖෂධය නිසා- Thiazide diuretics
මුඛයෙන් ගන්නා උපත්පාලන පෙති, හෝමෝන පාලනය සඳහා දෙනු ලබන බෙහෙත් නිසා- Estrogen - containing products
හෘදයාබාධ සඳහා දෙන ඖෂධ නිසා-Beta-Blockers
ව්‍යායාම
සැතපුම් දහසක ගමනක ආරම්භය පටන් ගන්නේ එක් පියවරකිනි. ව්‍යායාම පිළිබඳව කිවහැක්කේ ද මෙවැන්නකි. ව්‍යායාමය ආරම්භ කිරීම ඔබට අපහසු විය හැක. ඔබ තවමත් ප්‍රමාද නැති බව මතක තබා ගන්න. ඔබට සැම විටම සෑම මොහොතකම ඔබේ නිරෝගි මට්ටම ව්‍යායාම මගින් උසස් කර ගත හැක.
සමහර විට ඔබ ව්‍යායාම නොකරන හෝ ව්‍යායාම අතරමැද නවතා දැමු කෙනෙකු විය හැක. නැතිනම් දියවැඩියාව වැළඳී ඇති බව මෑතකදී හඳුනා ගත්තකු විය හැක. මේ නිසා ඔබට නැවත කිසිම දිනක නිරෝගී වීමට බැරියැයි සිතනු ඇත. බලාපොරොත්තු නැවත ඇති කරගෙන දැන්ම ව්‍යායාම අරඹන්න. ව්‍යායාමය ඔබගේ එදිනෙදා දිවියේ අංගයක් කර ගන්න. දෛනිකව ප්‍රමාණවත් තරම් ව්‍යායාම වල යෙදීම වැදගත්ය.
ව්‍යායාම මගින් ශරීරයේ බර අඩු කරගත හැක. (අධික දේහ බර දියවැඩියාවට හේතු වේ)
ව්‍යායාමය මගින් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය අඩු වන අතර එමඟින් ඉන්සියුලින් වල මනා ක්රියාකාරීත්වයක් ඇති කරයි. එමඟින් දියවැඩියාව සඳහා ගන්නා ඖෂධ ප්‍රමාණය අඩු කර ගැනීම හෝ ඖෂධ ගැනීම අනවශ්‍ය විය හැක.
දියවැඩියාවේ අතුරු ආබාධ වන හෘද හා රුධිර වාහිනි ආශ්රිත රෝග අවම කර ගත හැක.
ව්‍යායාම වලට රෝග වැළඳීම වැළැක්වීමට හෝ සෑදීම ප්‍රමාද කිරීමට හැකියාවක් ඇත.
ව්‍යායාමයට පෙර කාබොහයිඩ්රේට් සහිත ආහාර ගැනීම හෝ ඉන්සියුලින් ගැනීම අවම කරන්න. මෙයට හේතුව වන්නේ ව්‍යායාම කිරීමේදී ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයට සමාන ක්රියාකාරීත්වයක් ශරීරය මගින් සිදුකිරීමයි.
ඖෂධ
ආහාර පාලනය, බර අඩු කරගැනීම හා දෛනික ව්‍යායාම මගින් පමණක් දියවැඩියාව පාලනය කල නොහැකි නම් සාමාන්‍යයෙන් රුධිර සීනි මට්ටම පාලනයට ඖෂධ නියම කරයි.
ඖෂධ නියම කිරීම දෙයාකාර වේ.
මුඛයෙන් ලබා දෙන ඖෂධ.
බාහිරින් ඉන්සියුලින් එන්නත් කිරීම.
ආහාර
දියවැඩියා රෝගියෙකුගේ ප්‍රතිකාර අතරින් ආහාරය ඉතාමත් වැදගත් ස්ථානයක් ගනී. ඔබේ ආහාර වේල පවුලේ අන් අයගේ ආහාර වේලෙන් විශාල වෙනසක් සිදුවිය හැක. ඔබගේ සිරුරේ නිසි බර රැකගන්න. බර අධිකකම දියවැඩියා රෝගී තත්වය පාලනය කිරීමට බාධාවක් වේ. මේනිසා තම බර අවශ්‍ය ප්‍රමාණයට තබා ගැනීම ඔබගේ රෝගී තත්වය පාලනය කිරීමට මහත් ලෙස උපකාරි වේ.
ඔබ ඉන්සියුලින් ඖෂධය භාවිතා කරන්නේ නම්, ඔබගේ ආහාර වේලේ ක්‍රමවත් සැලැස්මක් ඇතිව පවත්වා ගැනීම ඉතාම අත්‍යවශ්‍යය. නියමිත වේලකට ආහාර ගැනීම ඉතාමත් වැදගත් වේ.ඒ අතරම ප්‍රධාන වේල් තුනකට අමතරව සැලැස්මක් ඇතිව සකස් කල අමතර වේල් දෙකක් තුනක් යොදා ගැනීම ඉතා වැදගත් වේ.
කෙසේ වෙතත් සෑම දියවැඩියා රෝගියෙකුම ප්‍රධාන වේල් තුනෙහි ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර අමතර වේල් දෙකක් හෝ තුනක් යොදා ගැනීම රෝගය පාලනය කර ගැනීමට බෙහෙවින් උපකාරී වේ.(අමතර වේල් සඳහා පළතුරු/ සීනි අඩංගු නැති බීම වර්ග/ සීනි රහිත බිස්කු වර්ග කුඩා පීාන වලින් ගත හැක).
ඔබගේ දිනපතා ආහාර වේල පිළියෙල කර ගැනීමේදී උපකාරවන අදහස් කිහිපයක්
ඔබේ ආහාර වේලෙන් ඈත් කරගත යුතූ ආහාර වර්ග:
සීනි අධික ආහාර වර්ග ගැනීම අඩු කරන්න:
මෙම ආහාර වර්ග ශරීරයට ඉතාමත් ඉක්මනින් උරාගනි.මේ නිසා රුධිරයේ සීනි මට්ටම ඉතා ඉක්මනින් ඉහල යයි.
සීනි, ග්ලුකෝස්, රසකැවිලි, පැණි, ජෑම්,
කේක් වර්ග, ටොපි, චුයින්ගම්,චොකලට්,
මේල්ටඩ් කිරි වර්ග, පැණි රස බීම වර්ග
ටින් කළ පළතුරු වර්ග, වියලි පළතුරු වර්ග,
උකු කළ කිරි වර්ග, හකුරු (කිතුල්), සිරප් වර්ග
අයිස්කීම්, බිස්කට් වර්ග, ජෙලි වර්ග හා පුඩින් වර්ග මධ්‍යසාර
තෙල් සහිත ආහාර වර්ග ගැනීම අඩු කරන්න:
තෙල්සහිත කෑම ගැනීම අඩු කිරීමෙන් ඔබේ සිරුරේ බරෙහි මනා පාලනයක් ඇති කළ හැකි අතර, ඔබ හෘද රෝග වලට ගොදුරු වීමේ අවධානම අඩු කරයි.
සීමිත ප්‍රමාණයකින් ගත යුතු ආහාර
ධාන්‍ය වර්ග :-
බත්, ඉඳිආප්ප, ආප්ප, පිට්ටු, උඳු, තෝසේ, ඉට්ලි, වඩේ, සව්.
අල වර්ග :-
අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, ගහල, කිරි අල, කැරට්, බීට් රූට්, ඉන්නල, දන්දිල, පරිප්පු, මුං ඇට, කඩල, කව්පි, උඳු, සෝයා බෝංචි
පිටි සහිත එළවළු වර්ග සහ පළතුරු වර්ග :-
අළු කෙසෙල්, කොස් සහ කොස් ඇට, දෙල්
මේද අධික ආහාර :-
හරක් මස්, ඌරු මස් සහ එයින් සාදන ලද ආහාර, කුකුල් මස් සහ වෙනත් මස් වර්ග, බිත්තර කහමද, බටර්, මාජරින් සහ තෙල් වර්ග
පැණි රස නොයෙදූ පළතුරු යුෂ :-
රට දෙහි, දොඩම්, වැල් දොඩම්
පළතුරු :-
පැපොල්, කෙසෙල්
වෙනත් දෑ :-
කජු, රටකජු, ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් සහ දැල්ලන්, වයින් සහ ස්ප්‍රිත්තු වර්ග
ඔබේ ආහාර වේලට වැඩියෙන් එක්කර ගත යුතු ආහාර
කරවිල වලට ස්වල්ප වශයෙන් රුධිරයෙහි සීනි මට්ටම පහත හෙලිය හැකි බව සොයා ගෙන ඇත.
මීට අමතරව කෙඳි සහිත ආහාර වැඩිපුර ගැනීමට පුරුදු වන්න. මෙම වර්ගයේ ආහාර ඔබගේ සිරුරට උරාගනුයේ ඉතා සෙමිනි.මේ නිසා දියවැඩියා රෝගීන්ට මෙය ඉතාමත් යෝග්‍ය වේ.
කෙඳි සහිත ආහාර වර්ග :-
මාංශ බෝග එනම් මුං ඇට, කව්පි, බෝංචි, පරිප්පු, උඳු, කඩල,
නිවුඩු සහිත හාලේ බත් සහ එවැනි හාල් පිටි වලින් සාදන කෑම,
කොළ වර්ග සහ එලවළු වර්ග
නොපෑහූ ධාන්‍ය වර්ග සහ එවැනි පිටි වලින් සාදන කෑම (කුරක්කන්, ඉරිඟු, මෙනේරි, බාර්ලි, තණහාල් ආදිය.), පළතුරු පිට පොත්ත සමඟ ආහාරයට ගත හැකි: පේර, නෙල්ලි, වෙරළු වැනි ආහාර වඩාත් යෝග්‍ය වේ.
මෙය සැකසීමේදි මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග/ වකුගඩු බද්ධ කිරීමේ අංශය, නිකුත් කළ දියවැඩියා පිළබඳ පත්‍රිකාවන් බෙහෙවින් උපකාරීවිය.
ගත්තෙ මෙතනින්.අපට හැදෙන රෝග

Last edited: