ජීවීතයේ නොයෙක් සිදුවීම් නිසා කළකිරුණු වාර ගණන අසීමිතය. ඇතැම් ඒවා කෙටිකාලිනය. ඇතැම් ඒවා දීර්ඝකාලිනව පවති.
නොයෙක් නොයෙක් හේතු නිසා කළකිරීම් ඇතිවුණිද ඒ සෑම කළකිරීමකටම මූලිකම හේතුව අප අපේක්ෂා කළ පරිදි දේවල් සිදු නොවීම බව තේරුම් යනු ඇත.
අප නිවැරදිව සිට අන් අයගේ දෝෂාරෝපණයන්ට ගොඳුරු වන්නට සිදු වූ විට, අප වෙහෙස මහන්සි වී ගොඩ නඟා ගත් දේවල් අනපේක්ෂිතවම බිඳී යන විට, අපේ හිත මිතුරන් වෙනස් වන විට, වෙන් වන විට, මිය යන විට ආදී අනේක විද වූ හේතුන් නිසා අප මේ ජීවීතයේ සිදුවීම් ගැන, පුද්ගලයන් ගැන, හෝ ජීවිතය ගැනම හෝ කළකිරුණු වාර කොපමණද. ඒ සෑම දෙයකටම මූලික හේතුව අප අපේක්ෂා කළ පරිදි, අප බලාපොරොත්තු වූ පරිදි දේවල් සිදු නොවීමය...
කළකිරීමට ලක් වූ විට අප පවසන්නේ,
"මම කවදාවත්ම හිතුවේ නෑ..."
"හීනෙකින්වත් හිතුවේ නෑ.."
"කලින් හිතිලා තිබ්බා නම් මෙහෙම වෙයි කියලා.."
" ඒ දේ නිසා මට හැමදේම එපා වුණා.."
ආදී දේයි.. මේ සෑම දෙයක්ම හොඳින් විමසා බලන්න.. සෑම දෙයක් පසුපසම ඇත්තේ අනපේක්ෂිතව සිදුවූ දෙය දරා ගැනීමේ අසමත් කමයි. හරි හෝ වැරදි වේවා අප මේ දේ මෙසේ වේ යැයි සිතා සිටින දේ ඒ අයුරින් නොවන කල්හි.. අප කළකිරීමට ලක් වේ. අපේ නෑ හිත මිතුරන් එපා වේ. ජීවිතය එපා වේ. බලාපොරොත්තු සුන් වේ. ඉච්ඡා භංගත්වයට පත්වේ.. ඇතැම් විට මෙය උත්සන්න වූ විට සිය දිවි හානි කර ගැනීමේ තැනට පවා පෙළඹේ.
මේ ඇතිවන කළකිරීම ආත්මාර්ථය වෙනුවෙනි. එය පුද්ගලානුබද්ධය..( personal ) තමාගේ සතුට , සැනසීම අන් අය නිසා නැති වන විට එය දරා ගැනීමේ නොහැකි කම නිසා ඇතිවන ස්වභාවයකි. එනම් ඇතිවන සිදුවීම සිතින් පිළිගත නොහැකි ස්වභාවයයි. එයට ගැටෙන ස්වභාවයයි. එම නිසා එය පටිඝ මූලික සිතකි. අකුසලයකි.
ධර්මයෙහිද කළකිරීම ගැන සඳහන් වෙයි. එයට භාවිතා කරන නම "නිබ්බිදාව" යි. නිබ්බිදාව හා අප ඉහත කී කළකිරීම එකමද ? වෙනස් නම් කුමක්ද ඒ වෙනස ?
නිබ්බිදාව යනු තමන්ට පෞද්ගලිකව දුකක්, අසතුටක් ඇති වන නිසා ඇතිවන්නක් නොවේ. තමන්ටම යම්කිසි අනපේක්ෂිත දෙයක්, සිදුවීම අත්‍යවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස සිදුහත් අප මහා බෝසතාණන් වහන්සේට මහල්ලෙක්, ලෙඩෙක්, මළමිණියක් යන රූපයන් දක්නා කළ ඇතිවූයේ නිබ්බිදාවකි. එනම් පුද්ගලිකව උන් වහන්සේට යම්කිසි අලාභයක් ඒ අවස්ථාවේ සිදු වූයේ නැත. නමුත් ඒ දර්ශනයන් තුළින් මේ ලෝකයේ යථා ස්වභාවය පිළිබඳව මහා කළකිරීමක් ඇතිවිය. එය නිබ්බිදාවයි. මේ ලෝකයේ මිනිසුන් දුක් විඳින ආකාරය, අපට ඕනෑ පරිදි නොපවතින බව ආදී දේ පොදුවේ සියල්ලන්ටම පොදු දුක් අවබෝධ වීමෙන් ඇතිවන්නේ මහා නිබ්බිදාවකි. එය පෙර කී කළකිරීම මෙන් ඒ අරමුණු හා ගැටීමක් නොවේ. ඒ අරමුණු වල යථා ස්වභාවය අවබෝධ වීමෙන් ඇතිවන ප්‍රඥා මූලික සිතකි.
ඔබ ආදරය කරන කෙනා අහේතුකවම ඔබව දමා ගිය විට ඔබට එය දරාගත නොහැකිව දුක් වී ඔහු ගැන, ඔබ ගැන ඔබේ ජීවිතය ගැන කළකිරීම ඇතිවෙයි.
" ඇයි මට මෙහෙම කළේ, ඇයි ඇය වෙනස් වුණේ, මම හිතුවෙ නෑ කවදාවත් මෙහෙම වෙයි කියලා .."
ආදී ලෙසින් ඔබට පෞද්ගලිකව දැනෙන ඒ සිදුවීම අරභයා ඇතිවන්නේ කළකිරීමයි. ඒ සිදුවීම ඔබේ සිතෙන් පිළි නොගන්නා බවයි. ඒ වෙනස්වීම දරාගැනීමට නොහැකි බවයි. ඒ කළකිරීම නිසා සිත දුකට පත්වෙයි. ප්‍රීතිය නැතිවෙයි. නමුත් ඒ සිදුවීමම ඔබ මෙසේ සිතුවොත්. ..
" මේක තමයි යථාර්ථය.. කොතෙක් ආදරයෙන් සිටියත් කවදා හෝ වෙන්වීම සිදු වෙනවාමයි. ප්‍රියයන්ගෙ වෙන් වීම දුකක්මයි. මට ඕනෑ ආකාරයට බාහිර අය පවතින්නේ නෑ. ඕනම කෙනෙක් වෙනස් වෙනවා. ඒක තමයි සිත් වල ස්වභාවය. අනාත්මයි. ඉදිරියට වෙනත් කෙනෙක් මට ළං වුණත් ඇයත් මේ ආකාරයෙන්ම වෙනස් විය හැකියි. එය කර්මානුරූපියි. මේ බැඳීම් වල අවසානය දුකම පමණයි.."
මේ ආකාරයෙන් ඔබ මනසිකාර පවත්වන්නේ නම්.. ඔබට පෙනෙනවා ඇති පෙර සිතිවිලි වල පවත්නා ඒ සිදුවීම කෙරෙහි ගැටෙන ස්වභාවය. පිළිනොගන්නා බව. දුක් බව.. නමුත් මේ සිතිවිලි වල පවත්නා නොගැටෙන බව. එය පිළිගන්නා බව. අවබෝධය.. මෙහිදී තමන්ට වූ ඒ සිදුවීම පුළුල් ( generalize ) ලෙස සියල්ලන්ටම පොදු දෙයක් ලෙසින් අවබෝධ කර ගන්නා ස්වභාවය. එහිදී ඇතිවන්නේ නිබ්බිදාවකි. කළකිරීම ඇතිවන්නේ එක් පුද්ගලයෙක්, එක් සිදුවීමක් කෙරෙහිය. නමුත් නිබ්බිදාව ඇතිවන්නේ සියළු සංස්කාර කෙරෙහිය. මුළු ලෝක ධාතූ කෙරෙහිමය. ඒ නිබ්බිදාව යනු අවබෝධය නිසා ඇතිවන හැඟීමකි. එයින් උපදින්නේ උපේක්ෂාවකි. ඒ නිබ්බිදාව නිසා සංස්කාර කෙරෙහි නො ඇලෙන ස්වභාවය ඇතිවෙයි. ගැටීම නැතිවී යයි. මන්ද ස්වභාවය එය බව අවබෝධ වෙන බැවිනි. එවිට උපේක්ෂාව ඉක්මවා නිරාමිස ප්‍රීතියක් ඇතිවෙයි.
නිබ්බිදාව යනු ලෝකයේ යථාර්ථය දැකීමත් සමඟම ඇතිවන්නකි. අනිත්‍ය බව, අනාත්ම බව, දුක් බව ලෝක ස්වභාවය බවත්, එය ඉක්මවා යෑමට නොහැකි බවත් අවබෝධ වත්ම ලෝකය කෙරෙහිම නිබ්බිදාවක් හට ගනී. එය කිසිදු පෞද්ගලික හැඟීමක් නොවේ.
"මේ විශ්වයේ යම්තාක් සංස්කාරයන් පවතී නම් ඒ සියල්ල මගේ පාලනයෙන් තොරයි. අනිත්‍ය වී යයි. ඒකාන්තයෙන්ම දුක් සහිතයි". යන අවබෝධය හදවතින්ම ජනිත වත්ම මේ ලෝකයේ කුමකට නම් මම මගේ කියා ඇලෙන්නද.. කුමකට රැස් කරන්නේද... විරාගය හදවතින්ම මතුව ඒ.
ඒ එකක්වත් ගැටීම් නොවේ. යථාර්ථය අවබෝධ වීමකි. දුක්ඛ සත්‍ය අවබෝධ වත්ම මේ ලෝකයේ එකම එක සංස්කාරවත් අංශු මාත්‍රයක සැපයක් නොපවතින බවත්, සැපයක් ඇතැයි කියා සිතුවේම හිතේ පවත්නා මෝඩකම නිසා බවත් හදවතින්ම මතුව එද්දී සියළූම සංස්කාර කෙරෙහි පවත්නා බැඳීම, ඇලීම දුරු වී යයි. එක පිණ්ඩයකට ගෙන ලෝකයම සිතෙන් අත හරින්නට හැකියාව ලැබේ.
" සබ්බ ලෝකේ අනභිරත සංඥා " ලෙසින් බුදු රජාණන් වහන්සේ හඳුන්වන්නේ කිසිම සංස්කාර මාත්‍රයක් කෙරෙහි උපාදානයක් නොපවත්වා ඒ සියල්ල සිතෙන් අතහැරීමයි. එය ඉතාමත් උසස් සංඥාවකි. අනාගාමි උතුමන් තුළත් මේ සංස්කාර කෙරෙහි උපාදාන මුළුමනින්ම ගිලිහී නැත.
අද අප මහා වටිනාකමක් දෙමින් බඳාගෙන වැළඳගෙන, මම මගේ කියා ගොඩගසාගන්නා සියළු දෑ දුක්ඛ සමුදය සත්‍යක් බව අවබෝධ වූ විට, තවත් මේ සංස්කාර අභිනන්දනය කිරීමක් සිදු නොවනු ඇත. අප අගය කර න මේ සංස්කාර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන්ම දැක්වූයේ මෙසේය...
" අට්ටීයති, හරායති, ජිගුච්ඡති.."
"නාධිවාසේති, පජහති, විනොදෙති, බ්‍යන්තිකරෝති, අනභාවං ගමේති.."
" සංස්කාර ධර්මයන් කෙරෙන් පීඩිත වේද, ලජ්ජා වේද, පිළිකුල් කෙරේද.."
"කාම විතක්කයන් නොඉවසයි.. අත් හරියි.. දුරු කරයි.. නැති කරයි.. සුන් කරයි.."
( ගිරිමානන්ද සූත්‍රය )
සංස්කාරයන් මෙසේ වූ අවබෝධයකින් දකින්නට නම් අපේ ප්‍රඥාව කොතෙක් නම් තව දියුණු විය යුතුදැයි තම තමන්ට ආරෝපණය කර ගනිමින් බලන්න. එය එක රැයකින් එන අවබෝධයක්ද නොවේ. ඉබේ ඇතිවන්නක්ද නොවේ. ඒ අනුරූපව සත්‍ය දකිමින් වැඩිය යුතු දෙයකි.
නිබ්බිදාව යනු මේ සා උසස් අවබෝධයන්ට මං පෙත් හෙළි කරවාලන උසස් ධර්මයකි.
සංස්කාරයන්ගේ යථා ස්වභාවය යථා පරිදි දකිමින් යෝනිසෝ මනසිකාරයෙන් සිටින පුද්ගලයාට නිබ්බිදාව නිරායාසයෙන් පහළ වේ. අභිනන්දනයන් සිතෙන් ගිළිහී යයි. එවිට සිතට මහා සැනසුමක් උදා වේ.
භාවනාවක් ප්‍රගුණ කරන විට සිතේ ඇතිවන සමාධියත් සමඟම නිබ්බිදානුපස්සනාව තුළින් මේ විශ්වයම නිබ්බිදාවෙන් වසා දැමිය හැක. එය නිරාමිස සුවයක් ලබා දෙමින් සියලු සංස්කාර සිතෙන් ගිලිහී යමින් මහා ශුන්‍යතාවයකට සිත පත්වනු ඇත. ඒ ශුන්‍යතාවය තුළත් යම්තාක් සංස්කාර පවති නම් ඒ සංස්කාර කෙරෙහිත් නො ඇළී, ඒවායේ යථා ස්වභාවයද ප්‍රඥාවෙන් දැකිය හැකි නම් ඒ සංස්කාර වලත් නිරෝධය දකිමින් නිවන අත්දකින්නටද හැකිවනු ඇත.
නිබ්බිදාව යනු එතරම්ම නිවන් මඟට උපකාරී වන, වැඩිය යුතු ධර්මයකි.