ඔබට තුති...පැතුම් කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නිදහස කෙතරම් වටින්නේ දැයි එය අහිමි වන තුරුම ඔබට නොවැටහෙනු ඇත.
    නමුත් ඔබට එය අහිමි වුයේ රටක් වෙනුවෙන් නම්, එය දරා ගැනීමට අපහසු නොවේ.
    බන්ධනාගාරය නම් පාඩම ජීවිතයට අලුත් දැනුමක්, අත් දැකීමක් එක් කල බව මට විශ්වාසය. එම පාඩම නැතුව දේශපාලන ගමනක් අසම්පූර්ණය.

    මට මෙන්ම මාගේ ආදරණීයන්ට වේදනාකාරී වූ සතියක් තාවකාලිකව හෝ මෙසේ අවසන් වීම පිළිබඳව මා ඉමහත් සතුටට පත් වෙමි.

    ඒ අවසන් වීම වෙනුවෙන් එක් වී සටන් කල, හඬ නැගූ, සෙත් පැතූ, ධෛර්යය සම්පන්න වූ මාගේ සහෝදර සටන් සගයන්, මිතුරන්, නෑයන්, නීතීඥයන්, මාධ්‍යවේදීන්, දේශපාලකයන් මෙන්ම දෙස් විදෙස් සියළුම ශ්‍රී ලාංකිකයන් හට මාගේ ගෞරවණීය ආචාරය මෙසේ පළ කර සිටිමි.

    අප පතන දේශය දුර නොවේ.
    එය ඔබගේ දොරට තට්ටු කරමින් සිටී.
    වෙනස් වීම හැර විසඳුමක් නැත.

    ස්වභාවයෙන්ම මිනිසා වෙනස් වීමට අකමැති සත්ත්වයෙකි. මිනිසා පතන්නේ සිය ජීවිතය දන්නා පහසු කලාපයේ ගෙවා ගැනීමට ය.
    එහෙත් ඔබගේ ජීවිතය රැක ගැනීමට ඉන් ඔබ්බට යෑමට සිදු වෙයි නම්, අපහසුවෙන් හෝ වෙනස් වීම හා අලුත් අභියෝග වලට මුහුණ දීම හැර මිනිසාට විකල්පයක් නොමැත.

    හැබෑ අරගලය ඇත්තේ ඔබ ඒ වෙනසට සූදානම් වීමෙහි ය. ඒ අරගලය තියෙන්නේ හදවතේ. ඒ අරගලය තියෙන්නේ ඔබේ ඇතුලේ. ඔබේ තුල වු ඒ අරගලය ජයගැනීමෙන් අප පතන ලෝකය තනා ගැනීමට හැකි වේවි.

    හදවතේ අරගලය.
    ඔබ ජය ගන්නම ඕනේ.

    බොහෝම ස්තුතියි!!!
    පැතුම් කර්නර්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අරගලය නිර්පාක්ෂිකයි නම්,
    ඡන්දයත් ස්වාධීන කරමු.
    අලුත් නායකයින් හදමු.
    මේ ඔබේ අවස්ථාවයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරගලය නිර්පාක්ෂිකයි නම්,
    ඡන්දයත් ස්වාධීන කරමු.
    අලුත් නායකයින් හදමු.
    මේ ඔබේ අවස්ථාවයි.
    අරගලේ නිර්පාක්ෂික නම් අරගලේ උන් සජබෙනුයි , ගූ න්පී එකේ කෑලී වලිනුයි චන්දෙ ඉල්ලන්නේ නෑනේ බන්.කුණුහබ්බ නොකිය ඉඳින්. පක්ෂයක් අටවා ගන්න බැරි උන් බැරිකම වහගන්න කියන කතා.