නිදහස කෙතරම් වටින්නේ දැයි එය අහිමි වන තුරුම ඔබට නොවැටහෙනු ඇත.
නමුත් ඔබට එය අහිමි වුයේ රටක් වෙනුවෙන් නම්, එය දරා ගැනීමට අපහසු නොවේ.
බන්ධනාගාරය නම් පාඩම ජීවිතයට අලුත් දැනුමක්, අත් දැකීමක් එක් කල බව මට විශ්වාසය. එම පාඩම නැතුව දේශපාලන ගමනක් අසම්පූර්ණය.
මට මෙන්ම මාගේ ආදරණීයන්ට වේදනාකාරී වූ සතියක් තාවකාලිකව හෝ මෙසේ අවසන් වීම පිළිබඳව මා ඉමහත් සතුටට පත් වෙමි.
ඒ අවසන් වීම වෙනුවෙන් එක් වී සටන් කල, හඬ නැගූ, සෙත් පැතූ, ධෛර්යය සම්පන්න වූ මාගේ සහෝදර සටන් සගයන්, මිතුරන්, නෑයන්, නීතීඥයන්, මාධ්‍යවේදීන්, දේශපාලකයන් මෙන්ම දෙස් විදෙස් සියළුම ශ්‍රී ලාංකිකයන් හට මාගේ ගෞරවණීය ආචාරය මෙසේ පළ කර සිටිමි.
අප පතන දේශය දුර නොවේ.
එය ඔබගේ දොරට තට්ටු කරමින් සිටී.
වෙනස් වීම හැර විසඳුමක් නැත.
ස්වභාවයෙන්ම මිනිසා වෙනස් වීමට අකමැති සත්ත්වයෙකි. මිනිසා පතන්නේ සිය ජීවිතය දන්නා පහසු කලාපයේ ගෙවා ගැනීමට ය.
එහෙත් ඔබගේ ජීවිතය රැක ගැනීමට ඉන් ඔබ්බට යෑමට සිදු වෙයි නම්, අපහසුවෙන් හෝ වෙනස් වීම හා අලුත් අභියෝග වලට මුහුණ දීම හැර මිනිසාට විකල්පයක් නොමැත.
හැබෑ අරගලය ඇත්තේ ඔබ ඒ වෙනසට සූදානම් වීමෙහි ය. ඒ අරගලය තියෙන්නේ හදවතේ. ඒ අරගලය තියෙන්නේ ඔබේ ඇතුලේ. ඔබේ තුල වු ඒ අරගලය ජයගැනීමෙන් අප පතන ලෝකය තනා ගැනීමට හැකි වේවි.
හදවතේ අරගලය.
ඔබ ජය ගන්නම ඕනේ.
බොහෝම ස්තුතියි!!!
පැතුම් කර්නර්