ආහාර වැළඳිය යුතු ආකාරය
ඔබට සිල් ගත් දිනයේ දී සමහරවිට සැදැහැවතුන්ගෙන් දානය ලැබෙන්නට පිළිවන.
ඒ දානය සමහර විට ප්‍රණීත එකක් වන්නට පිළිවන. ප්‍රණීත භෝජනයක් ලද හොත් ලෝභය ඇති විය හැකිය. කටුක නීරස භෝජනයක් ලද කල්හි කෝපය ඇති විය හැකි ය. ඔබ මේ පොහොය දිනයේ දී ලද ප්‍රණීත භෝජනය ගැන ලෝභය නූපදවා නොමනා බොජුන් ගැන කෝප නොවී මැදහත්ව නුවණින් ඒ ආහාරය වැළඳිය යුතු ය.
ඔබට පිළිගන්වන දානය අතට ගෙන
“දානය දුන් පින්වතා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, මේ ආහාරගෙන් මාගේ සාගින්න නිවෙන්නාක් මෙන් මේ දානය දුන් පින්වතාගේ සියලු දුක්ගිනි නිවේවා”යි මෙත් වඩා:
“මා මේ ආහාරය වළඳන්නේ රස විඳීමට හෝ ඇඟ තර කර ගැනීමට හෝ ඇඟ පැහැපත් කර ගැනීමට හෝ නොවේ ය. මා මෙය වළඳන්නේ සාගින්න නිවා ගැනීම පිණිස ය. ශරීරය හා ජීවිතය පවත්වා ගැනීම පිණිස ය, ප්‍රතිපත්ති පිරිය හැකිවීම පිණිස ය”යි ද සිතා ආහාරය වළඳන්න.
පොහොය දිනය
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ