ඔබට සුභ උපන්දිනයක්

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    #චිරං_ජයතූ
    🙏

    දසසකුත්_අභියෝගයන්_හා_බාධක_හමුවේ මාගේ මාතෘ භූමිය ආර්ථිකය නැමැති කටෝර වැල් පාලමෙන් එතෙර කරවීමේ වගකීම නිර්භයව තම දෙවුර මත තබා ගත් අපේ කාලයේ #විරයාණෙනි,
    #ඔබට_නිදුක්_නීරෝගීමත්_වාසනාවන්ත_සුබ #උපන්දිනයක්_වේවා..!
    Ranil Wickremesinghe
    🇱🇰
    🇱🇰
    🇱🇰






    EC6QURIVAAEwp8m.jpg



    337512801_742843967237132_5174732017984293622_n.jpg



    337223378_204657218878216_3508121305915831657_n.jpg


    337414373_556058866622516_4818612409281291317_n.jpg

    337847704_139960149017719_2448809766912747279_n.jpg


    336888246_950827239266063_7652219134403086737_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,489
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 74 වැනි උපන් දිනය අදට යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

    “ලංකා නිව්ස් වෙබ්” වෙබ් අඩවිය ආරම්භ කෙරුණු 2009 වසරේ සිටම අපි අඛණ්ඩවම සෑම වසරකදීම රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනය වෙනුවෙන් සුබපැතුම් සටහන් ලියා ඇත්තෙමු. ඒ වසර 14 ක කාලසීමාව තුළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට, එක්සත් ජාතික පක්ෂ නායකත්වය පමණක් හිමි රනිල් වික්‍රමසිංහ මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට යනුවෙන් විවිධ තත්වයන් තුළ අප මේ සටහන ලියා ඇති අතර ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සුබපැතුම් සටහන ලියන්නේ පළමු වරට ය.

    1977 වසරේ සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පැමිණි ගමන 2020 මහමැතිවරණ පරාජයෙන් වෙනස් වූ පසුව ටික කලක් නිහඬව සිටි රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් 2021 ජුනි 23 වනදා තනිවම පාර්ලිමේන්තුවට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පණ නල බේරාගැනීම වෙනුවෙනි. එදා රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දෙද්දී ඒ ගමන අවසන් වන්නේ රටේ විධායක ජනාධිපති ධුරයෙන් බව වෙනෙකෙකු තබා රනිල් වික්‍රමසිංහ මහතාමවත් සිතන්නට නැතිවාට සැක නැත.

    නමුත් එයින් මාස 11ක් ගත වනවිට, එනම් 2022 මැයි 12 වනදා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන් ඒ මහතා 2022 ජුලි 15 වනදා වැඩබලන ජනාධිපති ධුරයටත් 2022 ජුලි 21 වනදා රටේ විධායක ජනාධිපති ධුරයටත් පත්විය.

    “රනිල්ට බෑ” යනුවෙන් දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතියක් ඔහුගේ විරුද්ධවාදීන් විසින් මහාපරිමාණයෙන්ම මුලින්ම දියත් කෙරුණේ 2001 – 2003 සමයේදී ය. එයින් දශක දෙකක් ගතවන මොහොතේ රනිල් රටේ විධායක ජනාධිපති ධුරය හොබවමින් සිටී. එසේම මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයෙහි අප මුහුණ දුන් දැවැන්තම ආර්ථික අර්බුදය හමුවේ, ණය ගෙවාගත නොහැකිව නිල වශයෙන්ම රටේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කර තිබියදී රටේ ආර්ථිකය භාරගත් ඔහු මාස 09ක් තුළ එකී බංකොලොත්භාවයෙන් නිල වශයෙන් රට මුදවා ගැනීමට සමත්ව සිටී. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනට සාර්ථකව අනුමැතිය ලබාගනිමිනි.

    රනිල්ට එරෙහිව දේශපාලන රැළි – සුළි නිර්මාණය කළ අයටම අද ඒවා පාරාවළල්ලක් වී තිබෙන්නේ යැයි කීම අසත්‍යයක් නොවේ. මීට එක් උදාහරණයක් ගනිමු. පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී රනිල් විසින්ම ජනාධිපති ධුරයට ඔසවා තැබූ මෛත්‍රීපාල සිරිසේන රනිල්ට වැඩ කරන්නට ඉඩ දුන්නේ නැත. අද වනවිට මෛත්‍රීපාල ඉතිහාසයේ කුණු බක්කියට වැටී සිටින අතර රනිල් ජනාධිපති ධුරයට පත්ව ඇත.

    මීට වසරකට පෙර මේ රට තිබුණු ආකාරය අද බොහෝ දෙනා හිතාමතාම අමතක කරමින් සිටිති. එදා තිබුණේ දින ගණන් ඇදෙන තෙල් – ගෑස් පෝලිම් තිබුණු රටකි. එකී තෙල් පෝලිම්වල මිනිසුන් හෘදයාබාධ හැදී මියගිය රටකි. තවත් තැනෙක තෙල් පෝලිම්වල මිනිසුන් මිනීමරාගත් රටකි. දවසට පැය ගණනාවක් විදුලිය නොමැති කළුවරේ ඉන්නට සිදුව තිබුණු රටකි. වෙළඳසැල් වලින් එක් පාරිභෝගිකයකුට උපරිම සහල් කිලෝ 5ක් පමණක් නිකුත් කළ රටකි. වෙළඳසැල් වලින් එක් පාරිභෝගිකයකුට පරිප්පු ග්‍රෑම් 500ක් පමණක් නිකුත් කළ රටකි. ඒ හාල් කිලෝ 5, පරිප්පු ග්‍රෑම් 500 පවා ගන්නටත් පෝලිමේ සිටින්නට සිදුව තිබුණු රටකි. රෝහල්වල මෙන්ම ෆාමසිවල පවා දරුණු ඖෂධ හිඟයක් පැවති රටකි. රටේ ජනතාව දිවා රෑ නොතකා වීදි බැස උද්ඝෝෂණවල නිරත වූ රටකි. මිනිසෙකුට තම රැකියාව කරගන්නට නොහැකි වූ, දරුවෙකු පාසල් යවාගන්නට නොහැකි වූ රටකි. සංචාරයට නොයන ලෙස ලෝකයේ රටවල් ගණනාවක් විසින් තම පුරවැසියන්ට අවදානම් නිවේදන නිකුත් කරන ලද රටකි. ලෝකයේ කිසිදු මූල්‍ය ආයතනයකින් මූල්‍ය පහසුකමක් ලබාගැනීමට නොහැකිව අසාධු ලේඛනගත මට්ටමේ සිටි රටකි. කොටින්ම කිවහොත් එය මොනම දේශපාලනඥයකුවත් කරගසන්නට නොසිතන මට්ටමේ එකම අවුල් ජාලාවක් වූ රටකි.

    අද වනවිට ඒ තත්වය සහමුලින්ම වෙනස් වී ඇති බවත් එහි ගෞරවය රනිල්ට යායුතු බවත් පිළිනොගන්නේ දේශපාලන පක්ෂ ලාංඡනයෙන් ඇණගෙන සිය හෘදසාක්ෂිය මරාගත් ඇතැමුන් පමණි.

    එසේම විවෘත ආර්ථිකය රටට හඳුන්වා දී දශක හතරකට වැඩි කාලයකට පසුවත් එම විවෘත ආර්ථිකයෙහි මූලික සංකල්ප මුල පටන්ම යථාවත් කිරීමේ පියවර වලට යන්නට අපට මේ මොහොතේ සිදුව තිබේ. විවෘත ආර්ථිකයෙන් රටට වුණේ කුමක්දැයි අසන අයට පිළිතුරත් එතැනම ඇත. එනම්, අපි දශක හතරක් තිස්සේම විවෘත ආර්ථිකය නිවැරදිව ක්‍රියාවට නංවා නොමැති බවය. එසේ ක්‍රියාවට නැංවීමට උත්සාහ කළ හැම අවස්ථාවකදීම ඊට දරුණු ලෙස බාධාකර ඇති බවය. එමෙන්ම එම විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දුන් අවස්ථාවේ පාර්ලිමේන්තු පැමිණි රනිල් අද රාජ්‍ය නායකයා වශයෙන් එය කූඨප්‍රාප්තියට පත්කිරීමේ වගකීමට උරදී සිටී.

    මෙහිදී කිවයුතු එකක් තිබේ. එනම්, කවුරුන් කැමති වුවත් අකමැති වුවත් රටේ අනාගතය මේ මොහොතේ සම්පූර්ණයෙන්ම රැඳී පවතින්නේ රනිල්ගේ උර මත ය. ඒ අනුව මේ අර්බුදයෙන් ගොඩයමින් ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප නැඟී සිටිනවාද, එසේත් නොමැති නම් පතුළක් නොමැති ආර්ථික අගාධයකට පනිනවාද යන්න රටේ ජනතාව ජනපති රනිල්ට ලබාදෙන සහයෝගය මත තීරණය වනු ඇත. එසේම ජනපති රනිල් රටේ ජනතාවට සවන් දෙන ප්‍රමාණයට එය සමානුපාත වනු ඇත.

    නාස්තිය දූෂණය නැතිකිරීම, වියදම් අවම කිරීම, මන්ත්‍රී වැටුප් සහ විශ්‍රාම වැටුප් කප්පාදුව වැනි බොහෝ දෑ අතිශයින්ම ප්‍රචාරණවාදී වටිනාකමක් උසුළන මේ යුගයේදී සිහිපත් කළයුතු තවත් දෙයක් තිබේ. ඒ, රනිල් වික්‍රමසිංහ මහතා ද 1977 සිට මේ දක්වාම සිය පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමති, අගමැති, ජනාධිපති වැටුප් සිය පුද්ගලික පරිභෝජනය වෙනුවෙන් යොදවා නොමැති බවයි. ඔහු ඒ වැටුප් සියල්ල ජනතා සුබසාධනය වෙනුවෙන් යොදවා ඇති අතර විශේෂත්වය නම් ඒ ගැන අඬබෙර ගැසීමක් නොකිරීම ය.

    අවසාන වශයෙන් අපට කියන්න ඇත්තේ එක දෙයකි. IMF ණය මුදල අනුමත වීම යනු ප්‍රශ්නයේ අවසානය නොවේ. එය රටක් වශයෙන් අප අර්බුදයෙන් ගොඩයෑම පිණිස තබන ලද පළමු පියවර පමණි. තව බොහෝ දුර යන්නට තිබේ. ඊට නායකත්වය දිය හැක්කේ තම පුද්ගලික දේශපාලන අභිමතාර්ථයන්ට වඩා ඉහළින් රටේ අවශ්‍යතාවය ඔසවා තබන නායකයකුටම පමණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, අපි ඔබට සුබ පතන්නෙමු !

    0 https://sinhala.lankanewsweb.net/03/24/48505/
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා 😍
    කැරි ආවා නෝ සාමිනි මට දරුවෙක් නැතුවා 😭


    59LfzJl.jpeg
    ඕක තමා අපේ ඉතුරුවෙලා තියන ආර් තිකේ ටත් කරන්නෑ ඕක...