ඔබට හොරෙන් ඔබේ නිවසේ සැගවී සිටින මාරයා

warwickuni

Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    For 6.9 million only. If so Electricity (which uses in hotplates and microwaves) is the biggest culprit. No Petrol and Diesel , cars and buses , locomatives are the biggest. Before these people went to Sri Pada walking!
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    LP ගෑස් ලංකාවේ ප්‍රදානම බෝ නොවන රෝග 2 ක් වන දියවැඩියාව හා හෘදයාබාධ වලට මූලික හේතුවක් බව ඔප්පු කිරීමට අමුතුවෙන් පරීක්ෂන අවශ්‍ය නොවේ..
    දියවැඩියාව හා හර්ද රෝග ලංකාවේ මිනිසුන් රැසකගේ ජීවිත අහිමි කරන ඉතා අවාසනාවන්ත රෝගී තත්වයන්‍ වේ.
    වසර ගණනකට පෙර LP ගෑස් ලංකාවට ගෙන්වීමට පෙර මෙම රෝග නිසා දෛනිකව වූ මරණ ගනනට වඩා දස ගුණයක් මරන Lp ගෑස් ලංකාවට ආනයනය කිරීම ඇරඹූ පසු සිදුව ඇත.
    ඇත්තටම මේ පිලිබදව පර්‍යේෂනයක් කල ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කන්ඩායමක් මෙමෙ තත්වයට LP ගෑස් බලපාන්නේ කෙසේ දැයි සොයා ගන්නා ලදි.
    ඇත්තටම ගෑස් දහනයේදි පිටවන අහිතකර වායු සංගටක මෙයට හේතුවන්නේ නැත.
    ශ්‍රී ලාංකිකයන් හොදින් කාබී වැඩුන ජාතියකි..
    ඔවුන්ගේ ශරීරයේ වැඩි මේද කොටස් දහනය වූයේ ඔවුන් එදිනෙදා කල ක්‍රියාකාරමක් මගිනි.
    වැඩියෙන්ම මේද කොටස් දහනය වූයේ කුමකින්ද.
    90 % කට වඩා එයට උපකාරීවී ඇත්තේ දිනපතා සිදුකල දර පැලීමයි.
    සෑම නිවසකම ලිප දැල්වීමට දර පලන නිසා ගෙදර වැඩ කරන ගැහැනු පිරිමි සියලු දෙනා බෝවන රෝග වලින් වැලකී හොඳ සෞක්‍ය සම්පන්න ජිවිත ගත කලහ..
    නමුත් LP ගෑස් ලංකාවට හදුන්වාදුන් පසු දර පැලීම සමාජයෙන් ක්‍රමයෙන් ඈත්වී අද වනවිට සැම නිවසකම ගෑස් ලිපක් සිලින්ඩරයක් බාවිතා කරන තත්වයක් ඇතිව තිබේ.
    ලංකාවේ සෑම නිවසකම මේ බෝ නොවන රෝග වලින් පෙලෙන එක් අයෙක් හෝ ජීවත් වීම මෙයට සමානුපාතිත වේ.
    එමනිසා LP ගෑස් හා මෙම රෝගාබාධ අතර සම්බන්ධය ඔබට පැහැදිලි වනු ඇත.
    ගෑස් මිල වැඩිවීම හරහා ගැස් පරිබෝජනය අඩු උනොත් නැවත මේ බෝ නොවන රෝගද ලංකාවේ අඩුවනු ඇත.
    ඇත්තටම ගෑස් මිල වැඩිවීම ජීවන බර වැඩිවීමක් ලෙස පෙනුනත් ඉහත කී ලෙඩ රෝග වලට මාසිකව කරන දහස් ගණන් වියදම් මින් අඩුවී රට වැසියන්ට සහනයක් වනු ඇත.
    එමනිසා මේ ආකාරයෙන් ගැස් මිල ඉහල යාම ඇත්තටම රටේ යහපතට වූවක් ලෙස පක්ෂ පාට කන්නාඩි වලින් තොරව බලන ඕනෑම අයෙක්ට පෙනෙනු ඇත..

    ඉතින් සිතා බලන්න. වත්මන් පාලනය රටේ මිනිසුන් ගැන කෙතරම් නම් සිතනවාද? මෙවන් දූරදර්ශී පාලනයක් නැවත වරක් අපට අවැසි නොවන්නේද? තීරනය ඔබට බාරයි.


    උපුටා ගැනීම -මැන්ඩි-

    May be an image of text

    ගෑස් ආව නිසා, දර පැලීම නතර උනා,
    දර පැලීම නතර උන නිසා, 90%ක් වියායාම නතර උනා,
    90%ක් වියායාම නතර උන නිසා, ඔවුන්ගේ ශරීරයේ වැඩි මේද කොටස් දහනය නතර උනා,
    ශරීරයේ වැඩි මේද කොටස් දහනය නතර උනා නිසා, දියවැඩියාව හා හර්ද රෝග වගේ බෝ නොවන රෝග වැඩි උනා.

    එම නිසා, නිගමනය,
    ගෑස් ආව නිසා, >> දියවැඩියාව හා හර්ද රෝග වගේ බෝ නොවන රෝග වැඩි උනා.

    -------------------

    ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගොන්නු රැළක් ද මේ පරික්ශනේ කරේ? බලපන් ඇවිත් තියන ගොන් නිගමනය. ඒකට පෙන්නන ගොන් හේතුව?