ඔබට_මතක_නෑ මට අමතක නෑ

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔබට_මතක_නෑ මට අමතක නෑ

ඔබට මතක නෑ මට අමතක නෑ

dr5.jpg

කළු ජූලියට මැදිහත්වූ අහිංසකයෙක්

මෙවර මෙම ලිපිය ඇරඹෙන්නේ දැනුම මිනුම ප්‍රශ්න වටයකිනි. කරුණා අම්මාන් මැතිතුමාගේ සහචරයින් විසින් මරා දමන ලද පොලිස් නිලධාරීන් සංඛ්‍යාව කොපමණ දැයි ඔබගෙන් ඇසුවහොත් පිළිතුර කුමක්ද? පිළිතුර 600ක් බව පැහැදිළි ය. අරන්තලාවේදී ඝාතනය කරන ලද භික්ෂූන් සංඛ්‍යාව කොපමණද? කොටි සංවිධානය සිදු කළ ප්‍රකට ප්‍රහාර 3ක් ඔබට නම් කළ හැකි ද? ඔබද ලක්ෂපති මමද ලක්ෂපති තරඟයේදී මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් නොවන්නේ ඒවා කජු කන්නාක් මෙන් ලේසි ප්‍රශ්න නිසා විය යුතුය. මේ සිදුවීම් හා ගණන් හිලව් අපට ඉතා හොඳින් මතක තිබෙන්නේ ඇයි?

ප්‍රභාකරන් විසින් සිදුකළ මිලේච්ඡ ඝාතන පිළිබඳව මතක තිබෙන අපට සිංහල දේශප්‍රේමීන්ගේ ඝාතන පහසුවෙන් අමතක වී යයි. මියගිය වැසියන්ගේ ගණන් හිලව් ද අමතක වෙයි. 1958 ජාතිවාදී කළබලය සම්බන්ධයෙන් රාවය පුවත්පත මගින් ප්‍රකාශයට පත්කළ ‛අර්බුදයේ අන්දරය’ නැමැති පොතෙන් පහත කරුණු උපුටා දැක්වීමට කැමැත්තෙමි.

“58 ජාතිවාදී කෝලාහලය ආරම්භ වන්නේ වවුනියාවේ පැවති ෆෙඩරල් පක්ෂයේ පස්වැනි සම්මේලනයට ගොස් ආපසු මඩකළපුව බලා එන දෙමළ නියෝජිතයින් රැගත් දුම්රියට පොළොන්නරුවේදී එල්ල කරන ලද පහර දීමකිනි.” මගීන්ට පහර දීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ඇති බව දුම්රිය නියාමකයින්ට දැනගන්නට ලැබී ඔවුන් දුම්රියේ සිටි දෙමළ මගීන් මගදී බස්සවා ඇති බවත් අවසානයේ දුම්රිය පොළොන්නරුවට එන විට එහි සිට ඇත්තේ එක් දෙමළ ජාතිකයෙකු පමණක් බවත් එහි සඳහන් ය. දෙමළ මිනිසුන්ට (සිවිල් වැසියන්ට) පහර දීම සඳහා පොළොන්නරුව දුම්රිය ස්ථානයේ විශාල පිරිසක් රැස්වී සිටියත් ඔවුන්ට සිය දුෂ්ඨ අරමුණ ඉටු කරගැනීමට නොහැකි වී ඇත.

ඉන් පසුව පොළොන්නරුවේ සහ හිඟුරක්ගොඩ රජයේ ගොවිපොලවල සිටි දෙමළ කම්කරුවන්ට පහර දීම අරඹන ලද අතර දෙමළ කම්කරුවන් ඔවුන් එනු දැක උක් වගා බිමකට රිංගා සැඟවුණු බවත් ඉන් පසුව දේශප්‍රේමී ජනයා විසින් එම උක් වගාවට ගිණි තැබූ බවත් එම කෘතියේ සඳහන් ය. නිරායුධ දෙමළ මිනිසුන් ගින්නෙන් බේරීමට දුවන විට කඩු කැති පොරෝ ආදියෙන් ඔවුන් කොටා, පොලු වලින් ගසා මැරූ බව ද එහි සඳහන් වේ.

“එක් ගැහැණියක් මැරයන්ගේ වධවලින් බේරීමට දරුවන් දෙදෙනාත් වැළඳගෙන ලිඳකට පැන්නාය. අට මසක දරු ගැබක් ඇති මාතාවකගේ බඩ පලා ඈ ලේ ගලා මැරෙන තුරු වැටී සිටින්නට ඉඩ හැරියහ…” ආදී වශයෙන් දෙමළ ජනයාට එරෙහිව කළ අපරාධ ලැයිස්තුවක් එහි අඩංගු වේ.
මෙම විස්තරය අප්‍රසන්න නමුත් කියවීමට ඉතා වටිනා එකක් වන අතර ඒ සියල්ල මෙහි උපුටා දැක්වීම අසීරු ය. එබැවින් මෙම සිදුවීම් පිලිබඳව එම කෘතියේ ඇති විස්තරය කියවන මෙන් මම පාඨකයාට ආරාධනා කරමි. පනස් ගණන්වල සිංහල දේශප්‍රේමීන් විසින් දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව සිදුකරන ලද මිලේච්ඡ අපරාධ මෙහි සඳහන් වෙයි. ඒ ප්‍රභාකරන්ගේ අපරාධ ඇරඹෙන්නට බොහෝ කලකට පෙරදීය. යුද්ධයේ ඉතිහාසය ගැන සිංහල භාෂාවෙන් ලියන කිසිදු මාධ්‍යවේදියෙකු මෙම සිදුවීම් පිළිබඳව කිසි තැනෙක ලියා තිබෙනු මා දැක නැත. ඒවා ඉතිහාසයෙන් අමතක වන්නට හැරීම වඩා යහපත් යැයි ඔවුන් සිතන බව පෙනේ. ඒ වෙනුවට ඔවුන් ප්‍රිය කරන්නේ එම අපරාධවල ප්‍රතිඵලයක් ලෙස බිහිවූ ප්‍රභාකරන් නැමැති ‛යක්ෂයා’ ගේ මිලේච්ඡ අපරාධ ගැන ලියන්නට ය. අරන්තලාවේ හාමුදුරුවන් ඝාතනය කළ හැටි, පල්ලියගොඩැල්ලේ කිරි දරුවන් කපා කොටා ඝාතනය කළ හැටි, දළදා මාලිගාවට පහර දුන් හැටි….ආදී වශයෙනි.

1983 කළු ජූලියේදී මියගිය දෙමළ වැසියන් සංඛ්‍යාව ඔබ දන්නවාද? මෙය ලියන මම ද ඒ ගණන් හිලව් දැනගත්තේ මේ සටහන තබන්නට සූදානම් වන මොහොතේය. උතුරේ මිලිටරි ප්‍රහාරයකට උත්තර දීමක් ලෙස දකුණේ සිංහල වැසියන් විසින් අහිංසක දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව මුදාහරින ලද මේ භීෂණයේදී මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ හා මංකොල්ල කෑම් ද සිදුවිය. ඒ සිංහලයා සිය දේශප්‍රේමය පෙන්වූ හැටි ය. මෙම කෝලාහලයේදී බොරැල්ල බස් නැවතුමේදී නිරුවත් කර ඝාතනය කරන ලද දෙමළ වැසියෙකුගේ සුප්‍රසිද්ධ ඡායාරූපය ඔබ දැක ඇතිවාට සැක නැත. මරා දමන්නට මොහොතකට පෙර එම මිනිසාට පහර දෙමින් විනෝද වන දේශප්‍රේමී තරුණයන්ගේ ප්‍රීතිමත් මුහුණු කිහිපයක් ද එහි සටහන් වී ඇත. ‛කළු ජූලිය’ කියූ සැණින් මගේ මතකයට එන්නේ මේ ඡායාරූපයයි. කළු ජූලිය අමතක කිරීමට අප කොතරම් කැමැති වුවත් දෙමළ වැසියන් එය අමතක කරන්නට සූදානම් යැයි මම නොසිතමි. එය අමතක කරන ලෙස ඔවුන්ට බල කරන්නට ද අපට නොහැකිය.
1987 හමුදා ගුවන් ප්‍රහාර වලින් යාපනයේ ශිව කෝවිල විනාශ වී ඇත. ඒ දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කරන්නට දශකයකට පෙරාතුව ය.

කෙසේ හෝ මේ සියල්ලට පසුව ප්‍රභාකරන් විසින් ඒ හා සමාන භීෂණයක් අප මත මුදාහරින විට අපට සිංහල ශබ්දකෝෂයෙන් ‛මිලේච්ඡත්වය’ නැමැති වචනය සොයාගන්නට සිදුවිය. එතෙක් සිංහල සමාජයට ඒ වචනය හා එහි තේරුම අමතකව තිබුණේ කෙසේද? ඉන් පසුව එළැඹි දශක තුනක කාලය තුළ සිංහල ගම්මානවලට පහර දීම්, බස් බෝම්බ පිපිරවීම්, පන්සල්වලට පහර දීම් වැනි සිදුවීම් විස්තර කරන්නට මේ වචනය යොදාගන්නා ලදී. ‛මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්’ යන්න සිංහල ජනතාවගේ තුඩ තුඩ රැව්දෙන වචන ත්‍රිත්වයක් බවට පත්විය.

අවසානයේ 2009 වසරේදී ප්‍රභාකරන් නැමැති ‛යක්ෂයා’ මරාදමන ලදී. ඒ මෙහෙයුමේදී මියගිය දෙමළ වැසියන් සංඛ්‍යාව කොපමණද ? සාමාන්‍ය සිංහල වැසියෙකුගෙන් මේ ප්‍රශ්නය ඇසුවහොත් ඔහු අන්දුන් කුන්දුන් වනු ඇත. ‛කොහෙද එහෙම මැරිල තියෙන්නේ ?’

සමහර විශ්ලේෂකයන් පවසන්නේ යුද්ධයේ අවසන් සමයේ උතුරේ 60,000 ක පමණ සිවිල් වැසියන් ප්‍රමාණයක් මියගොස් ඇති බවය. ආණ්ඩුව පවසන්නේ මේ කතාව බොරු බවත්, ඇත්ත වශයෙන්ම මියගියේ 8000 ක් පමණ බවත් ය. මේ 8000 කොස් ඇට ද කජු ඇට ද? ප්‍රහාරයකින් සිංහල වැසියන් 8000 ක් මියගියේ නම් ප්‍රතිචාරය කෙසේ වනු ඇතිද?

මේ සම්බන්ධව රජය විසින් පත් කළ ‛උගත් පාඩම් කොමිසමේ’ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය. “මානුෂවාදී නීති උල්ලංඝණය ගැන චෝදනා විමසා බැලීමේදී සතුටට පත්විය හැකිය. යුද හමුදාව සිවිල් ජනතාවගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව දී ඇත…” ඒ අතරම එහි සඳහන් වන්නේ රෝහල්වලට පවා ෂෙල් වෙඩි එල්ල වූ බව ය. අර්බුදය එකම පිරිසක් විසින් සකස් කළ එකම වාර්තාවක පිටු දෙකක ඇතුළත් මෙම ප්‍රකාශ දෙකෙන්ම විදහා පෙන්වයි. සිවිල් ජනතාව ප්‍රතිකාර ගන්නා රෝහල් වලට ෂෙල් වෙඩි එල්ල වීම සහ යුද හමුදාව සිවිල් ජනතාවගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව දී ඇත යන්න පරස්පර විරෝධීය. මේ සිදුවීම් පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට දිවි හිමියෙන් විරුද්ධ වන දේශප්‍රේමීන් ඕනෑ තරම්ය. ඒ අතරම වසර ගණනාවකට පෙර එල්ටීටීඊ සංවිධානය විසින් බිම හෙලූ ලයන් එයාර් ගුවන් යානයේ මගීන්ගේ මළ සිරුරු ගොඩගැනීම පිළිබඳව මේ දිනවල බොහෝ අය උනන්දුය.

යුද්ධය අවසාන වී ඇති වර්තමානයේ දෙමළ ජනතාව වෙත අලුත් යෝජනාවක් ඉදිරිපත් වී ඇත. ඉතාම ශිෂ්ඨ ලෙස ඉදිරිපත් වී ඇති මෙම යෝජනාවේ නම වගවීමක් පිළිබඳ අබමල් රේණුවක හෝ සඳහනක් නොමැති ‛ප්‍රතිසන්ධානගතවීම’ යන්නය. ආණ්ඩුව ප්‍රතිසන්ධානගතවීම යනුවෙන් අදහස් කරන්නේ උතුරේ සිදුවූ සියල්ල අමතක කර සමගියෙන් අත්වැල් බැඳගෙන සංවර්ධනයේ ගමන යාමට අගතියට පත් දෙමළ ජනතාවගෙන් කොන්දේසි විරහිත එකඟ වීමකි.

උතුරේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය එවැනිය. හැමෝම කියන්නේ අපි අතීතය අමතක කරමු, අලුතෙන් සියල්ල ආරම්භ කරමු, රට ගොඩනගමු වැනි සුන්දර කතාය. මිනිසෙකුගේ අතපය බැඳ හතර හන්දි කැඩෙන තුරු පොල්ලකින් ගසා, ඉන්පසු ‛අපි පසුගිය දේවල් අමතක කරමු, ප්‍රතිසන්ධානය වෙමු’ කියා කියන්නේ නම්, ඒ කතාව සරලය – සුන්දරය. නමුත් වේදනාව දැනෙන්නේ ගුටි කාපු කෙනාට මිසක් ගහපු කෙනාට නොවන්නේය. දෙමළ මිනිස්සු සියල්ල අමතක කර අලුතෙන් සාදා දුන් පැල්පත් වලට වී පූස් පැටව් මෙන් ජීවත් වන්නේ නම් දකුණේ සිංහල මිනිස්සු ඉතා කැමති බව පෙනේ. අවසානයේ ආණ්ඩුව යෝජනා කරන මේ නව ආරේ ප්‍රතිසන්ධානය වීමේ යටි අරුත සරලව කියන්නේ මෙසේයි. ‛අපේ මිලේච්ඡත්වය අමතක කරන්න, නමුත් ඔබේ මිලේච්ඡත්වය අපි ඉතිහාසයේ නොමැකෙන ලෙස ලියා තබන්නෙමු. ඒ සඳහා අපිත් සමඟ අත්වැල් බැඳගන්න’. ආණ්ඩුව ප්‍රතිසන්ධානය කියා කියන්නේ එවැනි කාළකණ්ණි මිනිස්කමට නොවටිනා ඉල්ලීමකටය

“ප්‍රියලාල් සිරිසේන” විසින් samabima.com ට
 
kputha

Member
May 5, 2012
5,534
240
0
අලුත්ම කලාව සිංහල නම් දා ගෙන සිංහලයාට බැනිම ලියුම ලිවුවා කියන එකත් මෙ ත්‍රෙඩ් එක දාපු එකත්
දෙන්නාම සොන්නයො

අනික උබට මොකටද බන් ලංකාව ගැන උබ ලංකාවෙ එකෙක් නෙමෙනෙ
උබෙ අප්පා සුද්දෙක් නෙද?

උබ කතා කරපන් ඉරාක් වලට ලිබියාවට ඇෆ්ගන් වලට සුද්දො කරපු දෙවල් ගැන මොන කැහිඉල්ලක්ද උබට ලංකාව ගැන තියෙන්නෙ ngo සල්ලි වලට ඔය තරම් පුක දෙන්නෙ මොකො සුද්දාට

ආහ් අමතක උනා සුද්දට පුක දෙන පුරුද්ද උබලාගෙ අම්මාගෙන් ආව දෙයක්නෙ :rofl:
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔව් උබට ඉතින් මොන ලිපිය දැම්මත් NGO කතාවක් ඇදල ගන්නවා නේ. ලිපියට අදාලව උත්තර දියන් අර 47 වගේ වෙන්නේ නැතුව.

හරි උබ කියන්නේ කළු ජූලියේදී දෙමල මිනිස්සුන්ට පහර දීම හරි කියල ද ?

Last edited:

sl-memes

Member
Apr 18, 2014
317
24
0
ඉතිහාසයේ ඔහොම ජාතින් දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඉන්න රටක ඔය වගේ දෙයක් සිද්ධ නොවුණු එක රටක් කියපන්...??? නෑනේ...උබ නිකන් මේ මගුලේ ඇවිල්ල බොරුවට කෑ ගහලා වැඩක් නෑ. අනික උබ ගිහින් දෙමල මිනිහෙක්ගෙන් අහපන් සිංහල මිනිස්සු යුද්දෙන් කීයක් මැරුණද කියල...?
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හැම සින්හල එකාම එක වගේ නෑනෙ බන්....කල දුටු කල වල ඉහගත්ත සින්හලයො 83 ඉන්න ඇති...මම ඒ ගැන ඇත්තටම ලැජ්ජා වෙනවා බෞද්දයෝ හැටියට උන් හැසිරුන ආකාරය ගැන:(..ඒත් සින්හලයව ඔහොම කරන තැනට තල්ලු කලේ කවුද කියන එක අමතක කරන්න එපා.....:no:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් උබට ඉතින් මොන ලිපිය දැම්මත් NGO කතාවක් ඇදල ගන්නවා නේ. ලිපියට අදාලව උත්තර දියන් අර 47 වගේ වෙන්නේ නැතුව.

    හරි උබ කියන්නේ කළු ජූලියේදී දෙමල මිනිස්සුන්ට පහර දීම හරි කියල ද ?
    කලු ජුලියෙ දෙමල මනුස්සයන්ට ගහපු එක හරි නැහැ අනික එක සිංහලයා පිට දාන එකයි වැරද්ද බලය වෙනුවෙන් දෙපල වෙනුවෙන් යම් කිසි කණ්ඩායමක් කරපු දෙයක් ඔතනදි ගහපු දෙමල අයව රැක ගත්තෙත් සිංහලයා කියන එක අමතක කරන එකයි වැඩෙ :oo: අනික එකට ගැලපෙන වටපිටාව හැදුවෙ බලයට කැදර දෙමල නායකයන් උබලා කවදාවත් එ අයව විවෙචනය කරනවා දැකලා නැහැ
    ප්‍රභාලා උබට දෙවියෙක් වගෙ උනා ngo වලට කඩෙ යැමෙන් උබලට සල්ලි ලැබුන නිසා එකෙන්නෙ උබට තායි චින ගල් කොල්ලො සෙට් උනෙ නෙද?:lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉතිහාසයේ ඔහොම ජාතින් දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඉන්න රටක ඔය වගේ දෙයක් සිද්ධ නොවුණු එක රටක් කියපන්...??? නෑනේ...උබ නිකන් මේ මගුලේ ඇවිල්ල බොරුවට කෑ ගහලා වැඩක් නෑ. අනික උබ ගිහින් දෙමල මිනිහෙක්ගෙන් අහපන් සිංහල මිනිස්සු යුද්දෙන් කීයක් මැරුණද කියල...?

    සහතික ඇත්ත මචෝ...ඉන්දියාවේ ජාතිවාදී අරගල වලින් මැරිච්ච මුස්ලිම් උන් ගනන් කලොත් උන් ලන්කාවෙ ජනගහනයටත් වඩා වැඩි ඇති....:(
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඉස්සලම කියපන් උබ ලිපිය හරියට කියෙවුවද කියල. සිංහල මිනිස්සු යද්දෙන් මරුන එක ගැන ඔතන සදහන් වෙලා නැද්ද.

    අනෙක සිංහල මිනිස්සු මැරෙන්න කලින් තමයි කළු ජුලිය ඇති උනේ. හමුදා සෙබළු කිහිප දෙනෙක් කොටි මැරුව කියල සමස්ත දමිල ජනතාවටම ගැහුවා. අනෙක තස්ත්රවාදයට පොහොර වැටුනේ ජූලි කලබලයෙන් පසුව .

    ඉතිහාසයේ ඔහොම ජාතින් දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඉන්න රටක ඔය වගේ දෙයක් සිද්ධ නොවුණු එක රටක් කියපන්...??? නෑනේ...උබ නිකන් මේ මගුලේ ඇවිල්ල බොරුවට කෑ ගහලා වැඩක් නෑ. අනික උබ ගිහින් දෙමල මිනිහෙක්ගෙන් අහපන් සිංහල මිනිස්සු යුද්දෙන් කීයක් මැරුණද කියල...?
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඉතිහාසයේ ඔහොම ජාතින් දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඉන්න රටක ඔය වගේ දෙයක් සිද්ධ නොවුණු එක රටක් කියපන්...??? නෑනේ...උබ නිකන් මේ මගුලේ ඇවිල්ල බොරුවට කෑ ගහලා වැඩක් නෑ. අනික උබ ගිහින් දෙමල මිනිහෙක්ගෙන් අහපන් සිංහල මිනිස්සු යුද්දෙන් කීයක් මැරුණද කියල...?

    ඔකා සිංහලයා විදියට ඉන්න තවත් එක සොන්නයෙක් විතරයි ඔකට අනිත් ජාතින් කරපු කරන කියන කිසි දෙයක් පෙන්නෙ නැහැ ඌ ඔය උඩ තියාගෙන උගෙ ඇමරිකන් උන් මුලු ලොකෙටම අපරද කරපු උන් කරන උන් එක වචනයක් කියනවාද ඔකා උන්ට විරුද්දව
    දෙමලට හො මුස්ලිම් උන්ට හො වචනයක් කියන්වාද ඉතිහාසෙම සිංහලයා විතරයි වැරදි කරලා තියෙන්නෙ සිංහලයාට විරුද්දව දෙමලු අවු 2000ක් විතර ඉදලා සටන් කරලා සිංහලයාව මරලා
    වෙහෙර විහාර වැවු අමුණු විනාශ කරලා තියෙනවා ඔකා වචනයක් කියනවාද නැහැ
    අම්මා ලංකංවෙ ගැහැනියක් උනා ට තාත්ත සුද්දෙක් උන නිසා මුට තියෙන්නෙ එ මානසිකත්වය
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ඉස්සලම කියපන් උබ ලිපිය හරියට කියෙවුවද කියල. සිංහල මිනිස්සු යද්දෙන් මරුන එක ගැන ඔතන සදහන් වෙලා නැද්ද.

    අනෙක සිංහල මිනිස්සු මැරෙන්න කලින් තමයි කළු ජුලිය ඇති උනේ. හමුදා සෙබළු කිහිප දෙනෙක් කොටි මැරුව කියල සමස්ත දමිල ජනතාවටම ගැහුවා. අනෙක තස්ත්රවාදයට පොහොර වැටුනේ ජූලි කලබලයෙන් පසුව .

    ඒ මෙහෙයුමේදී මියගිය දෙමළ වැසියන් සංඛ්‍යාව කොපමණද ? සාමාන්‍ය සිංහල වැසියෙකුගෙන් මේ ප්‍රශ්නය ඇසුවහොත් ඔහු අන්දුන් කුන්දුන් වනු ඇත. ‛කොහෙද එහෙම මැරිල තියෙන්නේ ?’

    :P:P:P:P:P:P:P:P

    කෝ මම අහපු ඒකට උත්තර...?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මෙහෙයුම යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද. මම කවදවත් කියන්නේ නැහැ LTTE එක හරි කියල. උන් මිලේච්ච ජාතියක් සහ ඔවුන් දමිල ජනය වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඒසමගම ශ්‍රී ලංකාවේ මහජාතිය සුලුජතින්ට සමතැන දුන්නෙත් නැහැ. LTTE එක වැඩි දියුණු කරලා ඉදිරියට ආවේ කළු ජූලියෙන් පස්සේ . එකට වග කියන්න ඕනේ සිංහල ජාතින්. සිංහල මිනිස්සු ඉතිහාසයේ ඉඳලම සුළු ජාතින් පහත්කොට සැලකුව. අදටත් එහෙමයි. නිල නොවන මට්ටමෙන් පවතී සියලු රජයවල් අතිනුත් ඒ දේ සිද්ද උනා. මම හිතන්නේ උබ 90 දශකයේ උපන් කෙනෙක් වෙන්න ඕනේ. අවබෝධයක් නැහැ වගේ.

    දැන් ඔය අහවල් ජාතියෙන් මෙච්චර ගානක් මැරුණා කියලා හොයලා ඇති පලේ මොකද්ද??? උබලා වගේ උන්ට ඕනි ගිනි අවුලුවන්න... ඇමරිකාවේ ඉන්න රතු ඉන්දියන් කාරයොයි එතකොට එහාට ගෙනාපු වහල් මිනිස්සුත් ඔහොම හිතුවනම් අපේ මිනිස්සුන්ට මුන් වැඩ දුන්නා මරුවා කියලා, උබ ඔය දාගෙන ඉන්න කොඩියේ තරු 50ක් තියෙන එකක් නෑ....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1611168
    නැවත විකාශයක් වගේ :(
    කියන්න තියෙන්නෙ

    1.පරණ දේවල් හාර හාර ඇවිස්සුව කියල ලැබෙන රෙද්දක් නෑ.
    2.දැන් තියෙන්නේ අනාගතයේදි ඔහොම වැරදි නොකර දියුණු වෙන්න බලන එක
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    83දී, කලබල කාරීන්ගෙන් දෙමල මිනිස්සු ගොඩක් බේරාගත්තේත් සින්හල මිනිස්සුම තමා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සලම කියපන් උබ ලිපිය හරියට කියෙවුවද කියල. සිංහල මිනිස්සු යද්දෙන් මරුන එක ගැන ඔතන සදහන් වෙලා නැද්ද.

    අනෙක සිංහල මිනිස්සු මැරෙන්න කලින් තමයි කළු ජුලිය ඇති උනේ. හමුදා සෙබළු කිහිප දෙනෙක් කොටි මැරුව කියල සමස්ත දමිල ජනතාවටම ගැහුවා. අනෙක තස්ත්රවාදයට පොහොර වැටුනේ ජූලි කලබලයෙන් පසුව .
    පුසිද්ධ විවාදයකට එනව ද?
    ත්‍රස්තවාදය ඇති වුනේ කොහොමද? දෙමළ මිනිසුන්ට වෙන ම කෑල්ලක් ඉල්ලන කතාව කරලියට ආවෙ කොහොම ද? උතුරු නැගෙනහිර දෙමල නිජභූමි සංකල්පය ගැන, ඓතිහාසික කරුණු පදනම් කරගෙන???????

    දැන් කියන්න එපා උඹ තරම් මම බුද්ධිමත් නෑ කියල. උඹ බුද්ධිමත් කියල පෙන්නනන්න නම් විවාදෙට වරෙන්........
    මෙතන අමුඩෙ කඩල මූණ වහගන්නෙ නැතුව..............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙයුම යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද. මම කවදවත් කියන්නේ නැහැ LTTE එක හරි කියල. උන් මිලේච්ච ජාතියක් සහ ඔවුන් දමිල ජනය වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඒසමගම ශ්‍රී ලංකාවේ මහජාතිය සුලුජතින්ට සමතැන දුන්නෙත් නැහැ. LTTE එක වැඩි දියුණු කරලා ඉදිරියට ආවේ කළු ජූලියෙන් පස්සේ . එකට වග කියන්න ඕනේ සිංහල ජාතින්. සිංහල මිනිස්සු ඉතිහාසයේ ඉඳලම සුළු ජාතින් පහත්කොට සැලකුව. අදටත් එහෙමයි. නිල නොවන මට්ටමෙන් පවතී සියලු රජයවල් අතිනුත් ඒ දේ සිද්ද උනා. මම හිතන්නේ උබ 90 දශකයේ උපන් කෙනෙක් වෙන්න ඕනේ. අවබෝධයක් නැහැ වගේ.
    මේ ගැන සොලිඩ් එවිඩන්ස් දෙනව ද? (මම නිල නොවන ලෙස විවාදෙ කරන්න දැන් හදන්නේ)
    උඹ 80 දශකයෙ ඉපදුනත් දන්න උලව්වක් නෑ බං............:dull::dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පුසිද්ධ විවාදයකට එනව ද?
    ත්‍රස්තවාදය ඇති වුනේ කොහොමද? දෙමළ මිනිසුන්ට වෙන ම කෑල්ලක් ඉල්ලන කතාව කරලියට ආවෙ කොහොම ද? උතුරු නැගෙනහිර දෙමල නිජභූමි සංකල්පය ගැන, ඓතිහාසික කරුණු පදනම් කරගෙන???????

    දැන් කියන්න එපා උඹ තරම් මම බුද්ධිමත් නෑ කියල. උඹ බුද්ධිමත් කියල පෙන්නනන්න නම් විවාදෙට වරෙන්........
    මෙතන අමුඩෙ කඩල මූණ වහගන්නෙ නැතුව..............

    සහෝ ඔයා දානවා කියපු ත්‍රෙඩ් එක දාන්න....නැත්නම් මූ කවදාවත් මේක ඉගෙන ගන්නෙ නෑ...:angry::angry::angry:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ගිනි අවුලවන්න ඕනේ නැහැ .. නමුත් ඉතිහාසය මකන්න බහ.

    දැන් ඔය අහවල් ජාතියෙන් මෙච්චර ගානක් මැරුණා කියලා හොයලා ඇති පලේ මොකද්ද??? උබලා වගේ උන්ට ඕනි ගිනි අවුලුවන්න... ඇමරිකාවේ ඉන්න රතු ඉන්දියන් කාරයොයි එතකොට එහාට ගෙනාපු වහල් මිනිස්සුත් ඔහොම හිතුවනම් අපේ මිනිස්සුන්ට මුන් වැඩ දුන්නා මරුවා කියලා, උබ ඔය දාගෙන ඉන්න කොඩියේ තරු 50ක් තියෙන එකක් නෑ....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පුසිද්ධ විවාදයකට එනව ද?
    ත්‍රස්තවාදය ඇති වුනේ කොහොමද? දෙමළ මිනිසුන්ට වෙන ම කෑල්ලක් ඉල්ලන කතාව කරලියට ආවෙ කොහොම ද? උතුරු නැගෙනහිර දෙමල නිජභූමි සංකල්පය ගැන, ඓතිහාසික කරුණු පදනම් කරගෙන???????

    දැන් කියන්න එපා උඹ තරම් මම බුද්ධිමත් නෑ කියල. උඹ බුද්ධිමත් කියල පෙන්නනන්න නම් විවාදෙට වරෙන්........
    මෙතන අමුඩෙ කඩල මූණ වහගන්නෙ නැතුව..............

    අහිංසක මිනිස්සු නන්නත්තාර කරන්න එපා අංකල් :rofl::baffled:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ගිනි අවුලවන්න ඕනේ නැහැ .. නමුත් ඉතිහාසය මකන්න බහ.

    ඉතින් දැන් උබට මොකද්ද ඕනි??? ඉතිහාසය අලුතින් ලියන්නද???[/SIZE]