ඔබත් නැකත්/කේන්දර පසු පස යන බෞද්ධයෙක්ද???

sl-memes

Member
Apr 18, 2014
317
24
0
ඔබත් නැකත්/කේන්දර පසු පස යන බෞද්ධයෙක්ද???

ඔබත් නැකත්/කේන්දර පසු පස යන බෞද්ධයෙක්ද???​

365071.png
බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්‍ෂුවක්‌ විය. මේ භික්‍ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්‍ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්‍ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.

"ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?

බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

"රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹින. භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

භිsක්‍ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ: "ඇවැත්නි· දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"

"ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."

එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ. "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. පෘථිවිය ඇතුළු ග්‍රහ වස්‌තූන් නිර්මාණය වූයේ භෞතික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ වශයෙනි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ.

හිරු හතක්‌ පෑයීම හෙවත් හැකිලී සත් ගුණයකින් විශාල වීම, අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම යන කාරණා අඩංගු වන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය. මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌ නැති බවත්, ලෝභ, ද්වේෂ, මෝහ යනාදිය නැති කිරීමෙන් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළ සේක.

-----------------------------------------------------------------
 
blue_in_rio

Well-known member
  • ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත.

    මහලොකු නවීන විද්‍යයාව කියන්නේ, මෑතකදි උන් මේ දේවල් හොයා ගත්තා කියලා නේද ? :baffled::baffled:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත.

    මහලොකු නවීන විද්‍යයාව කියන්නේ, මෑතකදි උන් මේ දේවල් හොයා ගත්තා කියලා නේද ? :baffled::baffled:

    :rolleyes::yes::P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    දැන් ඔක බුදු හාමුදුරුවො සින්හලෙන්ද කිව්වේ?
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    mamath nakath wishwasa karanne ne kohethma.

    eth budu hamuduruwo mehema kiwwa kiyala sakshi ko? umba nikan kiwwata pili ganna bane.

    mata nam penne meka mawapu kathandarayak wage.

    :P උබ හරි කිව්වා පලියට මුකුත් පිළිගන්න හොඳ නෑ...අංගුත්තර නිකායේ තියෙන්නේ...
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :P අංගුත්තර නිකායේ තියෙන්නේ...
    ඒක දාපන්කො මෙතන. උබේ සින්හල ට්‍රාන්ස්ලේශන් ඔනා නැ. කෙලින්ම අන්ගුත්තර නිකාය දාපන්ක් මෙතන..
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ඒක දාපන්කො මෙතන. උබේ සින්හල ට්‍රාන්ස්ලේශන් ඔනා නැ. කෙලින්ම අන්ගුත්තර නිකාය දාපන්ක් මෙතන..

    :P මට කහන්නේ නෑ එච්චර. ඕනි නම් අරන් කියවපන් ද්‍රවිඩයා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :P මට කහන්නේ නෑ එච්චර. ඕනි නම් අරන් කියවපන් ද්‍රවිඩයා..
    හු.. හු.. තොට පාලි, සන්ක්‍රිත බැරි නිසා දැන් බයිලා ගහනවා.. ඔහොම කතාවක් කොහෙවත් නැ මචන්..
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    හු.. හු.. තොට පාලි, සන්ක්‍රිත බැරි නිසා දැන් බයිලා ගහනවා.. ඔහොම කතාවක් කොහෙවත් නැ මචන්..

    හා...මට පාලි බෑ...ද්‍රවිඩ භාෂාවත් බෑ....:P:P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හා...මට පාලි බෑ...ද්‍රවිඩ භාෂාවත් බෑ....:P:P:P
    එහෙනම් නොදන්න පාලි නොකියා හිටු.. ඔකත් නිකන් අර ෆේස්බුක් එකේ ඒලියන්ස්ලා බුදු හාමුදුරුවන්ට වැන්දා කියලා ඒරියා59 එකේ සාක්කි තියනවා වගේ කතාවක්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොන භාෂාවෙන් දේශනා කලත් මොකද, කාරණාව ඇත්ත නම්..... :):)
    ඇත්ත නෙමෙයි බන්. ඒකනේ ගැටලුව. බුදු හාමුදුරුවො එහෙම දෙයක් දේශ්නා කරලා නැ. බහුතර සින්හල අයට පාලි සන්ස්කෘත බැරි නිසා මුන් අර සූත්‍රයේ තිබ්බා මේ නිකායේ තිබ්බා කියලා බොරු ට්‍රාන්ස්ලේශන් දාලා බුදු හාමුදුරුවො උස්සලා තියනවා මුරුන්ගා අත්තේ, අද නව්න විද්යාවට් බැරි වැඩ උන්නන්සේ කලා. ඒ කාලේ එව්වා දැක්කා කියලා. එහෙම උන්නාන්සේ තුන් කල් බලලා කීව දේවල් තියනවා, නමුත් මේක එහෙම දෙයක් නොවේ මගේ මිත්‍රයා
     
    හා...:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සෙනාල්............
    උඹ නිකං පූදින්නෙ නැතුව ඉදින්.........
    හැම දේකට ම පනිනවා. වලං කඩේ ගොනා වගේ........
    ඉදපිය කෝ ටිකක් මනුස්සයෙක් වගේ...............
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    එහෙනම් නොදන්න පාලි නොකියා හිටු.. ඔකත් නිකන් අර ෆේස්බුක් එකේ ඒලියන්ස්ලා බුදු හාමුදුරුවන්ට වැන්දා කියලා ඒරියා59 එකේ සාක්කි තියනවා වගේ කතාවක්..

    :lol: මොන සුත්‍රයේද තියෙන්නේ??? පාලි යෙන්ද තිබුණේ???
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ සෙනාල්............
    උඹ නිකං පූදින්නෙ නැතුව ඉදින්.........
    හැම දේකට ම පනිනවා. වලං කඩේ ගොනා වගේ........
    ඉදපිය කෝ ටිකක් මනුස්සයෙක් වගේ...............
    දැන් මම කිව්ව එක වැරදිද? මේක සත්යට බටර් දැමීමක් නෙමෙයිද? ඔනාවට වඩා ඔපේ දාපුවහම ඇත්ත කතාවේ අගය නැ.
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    දැන් මම කිව්ව එක වැරදිද? මේක සත්යට බටර් දැමීමක් නෙමෙයිද? ඔනාවට වඩා ඔපේ දාපුවහම ඇත්ත කතාවේ අගය නැ.

    මේකේ තියන බටර් මොනාද කියපන්කො....