ඔබත් නොදනී ද?

0_Inception

Member
Feb 12, 2011
69
2
0
බොහෝ දෙනෙක් යම් කතන්දරයක් තුල ඇති සත්‍ය ධර්මය දකින්නේ කෙසේ දැයි නොදනිති. දිනපතා බුදුන්ගෙන් ධර්ම ඇසූ කොසොල් රජ සීතලෙන් වෙවුල මාලිගාවෙන් පිටත දීම මියගියේ එබැවිනි. ඔවුහු කතාන්දරය තුල ඇති බාහිර ලෝකයම පිළිගනිති.

‎"ආරෝග්‍ය පරමා ලභා" යයි කියමින් නිරෝගී කම බාහිරට දමා ගන්නා ඔවුන්ට බුද්ධ යනු ශාරීරික අභ්‍යාස ගුරුවරෙයෙක් පමණි.

මේ කොසොල් රජවරු "සන්තුෂ්ටි පරමං ධනං" කියමින් බාහිර සතුටම සොයති.

විශ්වාශා පරමා ඥාති යයි පිළිගත් මේ කොසොල් රජවරු තමාගේ දෝනියන්දව දිග දීමට විශ්වාශ වන්ත බැණා කෙනෙක් සොයති.

අන්තිමට "නිබ්බානං පරමං සුඛං" කියමින් නිවන් සෙවීමට දුෂ්කර ක්‍රියා කරති.

බුද්ධ දර්ශනයට අනුව මේ කැඩෙන බිදෙන ලෝකයෙන් නිදහස් උනාම නිරෝගිකම තියනවා. කැඩෙන්නේ බිදෙන්නේ නැහැ. ඉතින් නිරෝගියි, හැබැයි මේ නිරෝගී කම ලැබෙන්නේ සකදාගාමී මාර්ගයේදී. සෝවාන් ඵලයේදී මරණයෙන් නිදහස් වුනාට කෙලෙස් යහමින් ඇති නිසා නිරෝගී කම නැත.
සෝවාන් ඵලයේදී ප්‍රඥාව නමැති ධනය ලැබුනට එය පරිහරණය කරන්න බැහැකෙලෙස් නිසා. තමන්ට විනාශ නොවන ධනයක් ඇති සතුටු විය හැක්කේ සකදාගාමී පලයේදී..
අනාගාමී ලයේදී පුරුෂය ධනයෙන් සම්පුර්ණ වෙයි. එම පුරුෂයා කෙරෙහි විශ්වාශ ය තැබිය හැක.

නිබ්බනයේ පරම සුඛය ලැබෙන්නේ රහත් ලයේදීය.

මාර්ග සහ පලයෙන් මෙපිට නිරෝගී කම හෝ සතුට හෝ විශ්වාශ බව හෝ නැත.