ඔබතුමාගේ ගිරවා මලා...

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ඔබතුමාගේ ගිරවා මලා...

    එදා පාන්දර කුරුඳුවත්තේ රොබට් මහත්තයාගේ මන්දිරයේ දුරකථනය නාද උනා....


    ලොකු මහත්තයා .....මම ඔබතුමාගේ නුවරඑළියෙ බංගලාව බලා ගන්න සෝමපාල...


    හා සෝමපාල මොකද උදේම කතා කළේ මොකුත් ප්‍රශ්නයක් ද?

    ලොකු ප්‍රශ්නයක් නෑ මහත්මයා ඔබතුමාගේ ගිරවා මලා...


    මොනව මිනිහෝ... මගේ ගිරවා මලා?
    මම ආදරෙන් හදපු ....තෑගි දිනපු ගිරවා...මොනවා වෙලාද මලේ?


    එයා නරක් වෙච්ච මස් වගයක් කාලා මහත්මයා....


    ගිරවා නරක් වෙච්ච මස් කාලා ?
    කවුද මිනිහෝ ගිරවට මස් දුන්නෙ?


    කවුරුවත් දීල නෙවෙයි මහත්තයා
    ගිරවා කාලා තියෙන්නෙ අපේ මැරිච්ච අශ්වයාගේ මස්...


    අපේ මැරිච්ච අස්සයා කියන්නේ..?
    උඹ කියන්නේ මගේ අර වටිනා රේස් අස්සය මැරුණා කියලද?


    ඔව් මහත්තයා පසුගිය සතියේ එයාව වතුර කරත්තෙට බැඳලා හුඟාක් වෙහෙසට පත්වෙලා උන්නේ


    වතුර කරත්තෙකට කවුද මිනිහෝ ඔච්චර වටිනා රේස් අශ්වයාව බැන්ඳේ.....මොන වතුර කරත්තයක්ද?


    ඇයි ඔබතුමාගේ බංගලාව ගිනි ගනිද්දි ඒක නිවන්ඩ දියඇල්ලෙන් වතුර අදින්න සිද්ධ උනානේ....


    බංගලාව ගිනිගත්තා!!!
    මේ මගේ බංගලාව ගිනිගත්තා!!!!
    කොහොමද මිනිහෝ බංගලාව ගිනිගත්තේ?????


    පත්තු කරලා තිබුන ඉටිපන්දම කින් තිර රෙදි වලට ගිනි ඇවිලිලා...


    මොකටද මිනිහෝ බංගලාව ඇතුලේ ඉටිපන්දම් ගැහුවෙ...
    බංගලාවට කරන්ට් එක තියෙනවනෙ..
    තව අමතර ලයිට් ඇන්ජිමකුත් තියෙන්නේ.


    ලොකු නෝනගේ අවමඟුලට ගහපු ඉටිපන්දම් වලින් ගිනි ඇවිලිලා තියෙන්නෙ.....


    මොනව මිනිහෝ මගේ අම්මා මලා????
    මොනවා වෙලාද මගේ අම්මා මලේ???


    ගිය පසළොස්වක දා රෑ දොළහට විතර එතුමිය
    දියඇල්ල දිහාට ඇවිදින්න ගිහින්...
    මම හිතුවේ හොල්මනක් කියලා...

    මම වෙඩි තිබ්බා......:lol: