ඔබාමගේ තිරිසනා (The Beast)

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔබාමගේ තිරිසනා (The Beast)

    හරි ඔන්න මම අදත් අලුත්ම විස්තර ටිකක් හොයාගෙන අවා බෙදා හදාගන්න. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මේක ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුවේ

    මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.

    මිසිසිපි - The Mississippi
    නිසොල්මන් ආක්‍රමණිකයා (Silent Invaders)
    ජේම්ස් ජෝසප් බ්‍රවුන් - (Mr. Dynamite)
    ලෝකයා - MS The World
    හනි බැජර් (Honey badger)
    ආචාර්ය පොන්නම්පෙරුම
    අජන්තා ගුහාව (Ajanta Caves)
    Bacteria Work as Hard Drives
    හාජි ලේන් (Haji Lane)
    ජපනගේ එකේ දිග....
    බිසේෆලස් Bucephalus
    බැටරි නැති මොබයිල් ෆෝන්
    දැන් වයස අවුරුදු 20යි
    ඔබ දන්නවාද 10:10
    ඉගිලෙන සබ්මැරීනය
    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
    ම්රියා An-225
    මේවා අහල තියනවද?
    Chernobyl-2
    තවත් සුපිරි රුසියන් බඩුවක්....
    ගේලැන්ග් (Geylang) [20+]
    ඩෙස්කර් පාර (Desker Road) [20+]



    හරි නම දැකපු ගමන්ම කට්ටිය බලනවා ඇති මේ මොකක්ද කියලා, හරි බය වෙන්න එපා අද මම කතාකරන්න හිතුවේ ලෝක පොලිස්කාරයාගේ මෝටර් රථය ගැන එහෙම නැත්තන් ඇමරිකානු ජනාදිපති බැරක් ඔබාමාගේ නිල රථය ගැන. දැන් ඉතින් දන්නවනේ මේක නිකන්ම නිකන් කාර් එකක් වෙන්න බැහැ කියල නේද?

    හරි දැන් අපි වැඩි විස්තර කතාකරමු, මෙම මෝටර් රථය රාජකාරි සේවාවට එකතු වුනේ 2009 ජනවාරි 20 වෙනිදා මේකේ නිර්මාණකරුවා වෙන්නේ ලෝක ප්‍රසිද්ද ජනරල් මෝටර් සමාගම (General Motors) ඔවුන් ප්‍රකාශ කරන අන්දමට මෙම සුවිසේෂි මෝටර් රථය නිපදවන්න යොදාගෙන තිබෙන්නේ කැඩිලැක් ඩි.ටි.එස්. (Cadillac DTS) කියන මෝටර් රථයේ ආකෘතියයි. නමුත් රථයේ සැකිල්ල (chassis) විදියට යොදාගෙන තිබෙන්නේ ලොරියක සැකිල්ලක්. එමෙන්ම මෙම මෝටර් රථයේ පොලවට මුහුණලා ඇති යට කොටස අගල් 5ක ගනකමකින් යුක්ත වෙඩි නොවදින තහඩුවකින් ආරක්ෂා කොට ඇත, එමගින් මෙම මෝටර් රථය යට බිම් බෝම්බයක් පුපුරා ගියත් රථයට හෝ එහි ගමන් ගන්නා ඔබාමාට අනතුරක් සිදු නොවේ. ඒ වගේම මෙම මෝටර් රථයේ වටිනාකම නිෂ්පාදකයා විසින් ප්‍රසිද්ද නොකලත්, එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 1,500,000 පමණ වනු ඇති බව විශ්වාස කරනවා.

    ඇමරිකානු රාජ්‍යය රහස්‍ය සේවාව මෙම මෝටර් රථය හැදින්වීමට යොදාගන්නේ තිරිසනා (The Beast) යන අන්වර්ථ නාමයයි. එමෙන්ම ආරක්ෂක හේතුන් මත මෙම මෝටර් රථයේ විශාල විස්තර ප්‍රමාණයක් රාජ්‍ය රහස් වශයෙන් වර්ගීකරණය කොට තිබෙනවා. මෙම මෝටර් රථයටම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද රාත්‍රී කාලයේදී විනිවිද දැකිය හැකි කැමරා පද්දතියක් සවිකොට තිබෙනවා, මෙම මෝටර් රථයට හුලන් නොමැතිව ගමන්කළ හැකි (run-flat tires) ටයර විශේෂයක් සවිකොට තිබෙනවා. මෙම මෝටර් රථයේ හත් දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

    එමෙන්ම මෙම මෝටර් රථයේ කවුළු විදුරු අගල් 5ත් 6ත් අතර ගනකමකින් යුක්ත වනවා, එම නිසා එම විදුරු වලට බෝම්බ ප්‍රහාරයකින් හෝ තහඩු විනිවිද යන උණ්ඩයකින් හෝ හානියක් සිදු කල නොහැක. එමෙන්ම මෙම මෝටර් රථයේ විවුර්ත කල හැකි එකම කවුළුව වන්නේ රියදුරු අසුනේ කවුළුවයි, එයද විවුර්ත කල හැකිවන්නේ අගල් 2.75 පමණි. එලෙස නිර්මාණය කොට ඇත්තේ බාහිර සිටින පුද්ගලයන්(ආරක්ෂකයින්) සමග අත්‍යවශ්‍ය මොහොතකදී කතාබහ කිරීමට පමණි.

    මෙම මෝටර් රථයේ දොරවල් අගල් 8 ගනකමකින් යුක්තවේ. එමෙන්ම මෙම එක දොරක් බෝයින් 757 ගුවන්යානයක දොරක බරට සමාන වේ.

    තවද මෙම මෝටර් රථයේ ඇතුලත (Interior) සම්පුර්නයෙන්ම පිටත සමග පවතින සම්බන්දය මුද්‍රා (sealed ) කොට තිබෙනවා, එලෙස සිදුකොට තිබෙන්නේ රසායනික වැනි ප්‍රහාරයකින් මෝටර් රථය තුල ගමන් කරන ඔබාමා ආරක්ෂා කිරීමටයි. එමෙන්ම මෙම මෝටර් රථය යම්කිසි අනතුරකදී සම්පුර්නයෙන්ම අගුළු වැටෙන අතර එම අගුලු වැටීම විවුර්ත කල හැකියාව පවතින්නේ ඇතලත සිටින බැරක් ඔබාමාටම පමණි.

    මෙම මෝටර් රථයේ ඉන්දන ටැංකිය විශේෂ ලෝහයකින් නිමකර ඇති අතර එය වෙඩිනොවදින ආකාරයට නිම කොට තිබෙනවා, ඊට අමතරම දෙවන පෙළ ආරක්ෂක උපක්‍රමයක් ලෙස මෙම ටැංකිය විශේෂ පෙන වර්ගයකින් පුරවා තිබෙනවා එමගින් ඉන්දන ටැංකියට කිසියම් ආකාරයකින් වෙඩි වැදුනොත් එය පුපුරා යාම වලක්වනු ලබනවා. මෙම ඉන්දන ටැංකියේ දාරිතාව ඉන්දන ගැලුම් 29කි එමගින් මෝටර් රථයට එකවර නොනවත්වා කිලෝමීටර් 100 ක් දාවනය කිරීමේ හැකියාව පවතිනවා.

    තවද මෙම මෝටර් රථය තුල කදුළු ගැස් තුවක්කු, සැහැල්ලු ගිනි අවි, මෙම රථය වෙනුවෙන්ම නිපදවන ලද විශේෂ අවි තැන්පත් කොට තිබෙනවා. එමෙන්ම හදීසි අනතුරකදී ඔබාමාට රුධිර පාරවිලයනය කිරීමට අවශ්‍ය ඔබාමාගේම රුධිරය අඩංගු රුධිර බෝතලයක්ද මෙම මෝටර් රථයේ තැන්පත්කොට ඇත.

    මෙම මෝටර් රථයේ රියදුරුද ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙකි, එනම් ඔහු බැරක් ඔබාමාට ඉතාම පක්ෂපාති සහ ඇමරිකානු බුද්දි අංශය විසින් විශේෂයෙන්ම පුහුණු කරන ලද පුද්ගලයෙකි. ඔහුට ඕනෑම හදීසි අවස්ථාවකදී කිසිදු අබියොගයකින් තොරව මෝටර් රථය හැසුරුවීමේ පුහුණුව ලබා දෙනු ලබනවා. එමෙන්ම ඕනෑම හදීසි අවස්ථාවකට මුහුණ දීමේ සහ එම අවස්ථාවට අනුව සුදුසුම ආරක්ෂක තීරණය ගැනීමේ හැකියාව පුහුණු කරනු ලබනවා. එමෙන්ම රියදුරු කුටිය සන්නිවේදන පද්දතියකින්, ගෝලීය තැන් සෙවුම් පද්දතියකින් (GPS) වැනි නවීන අංග උපාංග වලින් සමන්විත වෙනවා.


    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    හරි අපි දැන් මෙයාගේ පින්තුර ටිකක් බලමු.

    president-obamas-limousine_100350544_m.jpg


    limo1.jpg


    url_0.jpg


    19beast10.jpg


    obamas-super-limo-the-beast-heavily-armoured.jpg


    obama-modi-wh.jpg


    19beast4.jpg


    19beast5.jpg


    article-1390291-0C3EA14600000578-615_964x618.jpg


    The-Beast-Obama-limo-930x586.jpg


    6ee81d567a581bcae0cfd9de48c986ad-jpg.178853


    obama%20ceramic.png


    obama%20cabin%20tires.png


    the-beast-presidents-limo-2015-2


    car%20windows.png


    flag-4.png


    fixed%20length.png


    obama%20phone.png


    obama%20doors.png


    caddy-one-president.jpg


    obama%20car%20rims.png


    20140427_airforceonebeast_thestar.jpg


    beast-barack-obama-Delhi-gr.jpg


    8407135432_7ffcc575b7_z.jpg





    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....
     
    Last edited: