ඔබාමාගේ තිරිසනා....

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔබාමාගේ තිරිසනා....

    ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...‍
    ලොව ප්‍රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්‍ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ගෙන මෙය නිර්මණය කිරීමත් සමග එය 'Cadillac' නමින් හදුන්වන්නට වුනා.

    Chamikawp.blogspot.com5_zpsi8d7of9z.jpg


    අඩි 18 දිග අඩි 5 අගල් 10 උස,බර 6800 Kg වනමෙය නිලවශයෙන් හදුන්වන්නේ 'Cadillac 1' ලෙසයි.එය “ද බීස්ට්“ නැතිනම් “තිරිසනා“ යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. වෙනත් ලිමොසීනයන්ට වඩා ප්‍රමාණයෙන් වෙනස්වන අයුරින් නිපදවා ඇත.


    ත්‍රස්තවාදී ප්‍රහාර වලින් වැලකීම සඳහා ඉතා ඝන යකඩයෙන් නිපදවු බඳ හා දොරවල් අඟල් 8 ක ඝනකමින් යුතු ඒවා බෝයිං 757 යානයක දොරකට සමාන බරෙන් යුතු බව සඳහන් වේ.
    Chamikawp.blogspot.com6_zpsyq09od0z.jpg


    රසායනික ප්‍රහාර වලින් ද ආරක්ෂා වන ආකාරයෙන් තනා ඇත. 7දෙනෙකුට එහි ආසන සකසා ඇතත් බොහෝ විට ගමන් කරන්නේ රියදුරු ප්‍රධාන බුද්ධි අංශ නිලධාරී හා ජනාධිපති පමණි.


    රථය තුළ සිට කදුලු ගෑස් එල්ල කිරීමටත්, බිම් බෝම්බ පිපිරීමකදී ටයර් උණුවී ගියද රිම් මගින් ගමන පවත්වා ගැනීමට හැකිවීම හා ජනපතිගේ රුධිර කාණ්ඩය සහිත ලේ බැංකුවක්ද මේ තුල පිහිටවා ඇති අතර ඔක්සිජන්ද ගබඩා කොට ඇත.
    එහි පහසුකම් වැඩිපුර පහත රූපයෙන් දැක ගන්නට පුළුවන්.....
    Chamikawp.blogspot.com1_zpsheioyoru.jpg


    රථයේ සවිකර ඇති ප්‍රධාන කොඩි දෙකකි.එකක් ඇමරිකානු ජාතික ධජය හා අනෙක ඇමරිකානු ජනපති නිල ලාංජනය සහිත කොඩියයි. විදේශ සංචාරයකදි ජනපති ධජය ඉවත් කොට අදාළ රටෙහි කොඩිය සවි කරනු ලබයි.
    Chamikawp.blogspot.com2_zpsd1kbsiz7.jpg


    මෙම රථයේ අංකය ලෙස සඳහන් වන්නේ 800-002 යන්නය.
    Chamikawp.blogspot.com4_zpsfo4wknek.jpg


    විදේශ රටක සංචාරයකට පෙර මෙම රථය ගුවන් මගින් එරටට ගෙන යනු ලැබේ. ඒ සඳහා C-17 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් යොදා ගනු ලබයි.

    Chamikawp.blogspot.com3_zps8t2zmbyu.jpg

    මෙම රථයත් සමඟම තවත් ආදේශක රථයක් ද බර ආයුධ සහිත රථයක්ද ගෙන යනු ලබයි. එය Road Runner යන ආදේශක නාමයෙන් හදුන්වයි.

    ජනපති රථ භාවිතයේ අතීතය...

    Chamikawp.blogspot.com7_zpsjvgldesv.jpg



    තවත් ලිපි සඳහා පිවිසෙන්න - “චාමිකයගේ බ්ලොග් ඉසව්ව” www.chamikawp.blogspot.com
    ----- හොඳටම දන්න දේක නොදන්න පැත්ත---------
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇමරිකානු ජනාධිපති ආරක්ෂා කරන්න තියන අධි ආරක්‍ෂිත වාහනේ ආරක්ෂක විධිවිදාන තියන තැන්, තියන හැටි, අභ්‍යන්තර ව්‍යුහය ඊතල ගහලා පෙන්නන එක සාමාන්යෙන් හැටිද බන්? :oo:

    anyway... TFS :) :yes: (+7)
     
    Last edited:

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    ඕකට සමාන එකක් හරි මහින්ද එහෙම පාවිච්චි කලා නම් UNP එවුන්ට නින්ද යන එකක් නැ :P මැරෙනකම් කියවයි