ඔබාමාගේ තිරිසනා...

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔබාමාගේ තිරිසනා...

    ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...‍
    ලොව ප්‍රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්‍ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ගෙන මෙය නිර්මණය කිරීමත් සමග එය 'Cadillac' නමින් හදුන්වන්නට වුනා.
    Chamikawp.blogspot.com5_zpsi8d7of9z.jpg

    අඩි 18 දිග අඩි 5 අගල් 10 උස,බර 6800 Kg වන මෙය නිලවශයෙන් හදුන්වන්නේ 'Cadillac 1' ලෙසයි.එය “ද බීස්ට්“ නැතිනම් “තිරිසනා“ යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. වෙනත් ලිමොසීනයන්ට වඩා ප්‍රමාණයෙන් වෙනස්වන අයුරින් නිපදවා ඇත.

    ත්‍රස්තවාදී ප්‍රහාර වලින් වැලකීම සඳහා ඉතා ඝන යකඩයෙන් නිපදවු බඳ හා දොරවල් අඟල් 8 ක ඝනකමින් යුතු ඒවා බෝයිං 757 යානයක දොරකට සමාන බරෙන් යුතු බව සඳහන් වේ.
    Chamikawp.blogspot.com6_zpsyq09od0z.jpg

    රසායනික ප්‍රහාර වලින් ද ආරක්ෂා වන ආකාරයෙන් තනා ඇත. 7දෙනෙකුට එහි ආසන සකසා ඇතත් බොහෝ විට ගමන් කරන්නේ රියදුරු ප්‍රධාන බුද්ධි අංශ නිලධාරී හා ජනාධිපති පමණි.


    රථය තුළ සිට කදුලු ගෑස් එල්ල කිරීමටත්, බිම් බෝම්බ පිපිරීමකදී ටයර් උණුවී ගියද රිම් මගින් ගමන පවත්වා ගැනීමට හැකිවීම හා ජනපතිගේ රුධිර කාණ්ඩය සහිත ලේ බැංකුවක්ද මේ තුල පිහිටවා ඇති අතර ඔක්සිජන්ද ගබඩා කොට ඇත.
    එහි පහසුකම් වැඩිපුර පහත රූපයෙන් දැක ගන්නට පුළුවන්.....
    Chamikawp.blogspot.com1_zpsheioyoru.jpg
    රථයේ සවිකර ඇති ප්‍රධාන කොඩි දෙකකි.එකක් ඇමරිකානු ජාතික ධජය හා අනෙක ඇමරිකානු ජනපති නිල ලාංජනය සහිත කොඩියයි. විදේශ සංචාරයකදි ජනපති ධජය ඉවත් කොට අදාළ රටෙහි කොඩිය සවි කරනු ලබයි.
    Chamikawp.blogspot.com2_zpsd1kbsiz7.jpg

    මෙම රථයේ අංකය ලෙස සඳහන් වන්නේ 800-002 යන්නය.
    Chamikawp.blogspot.com4_zpsfo4wknek.jpg

    විදේශ රටක සංචාරයකට පෙර මෙම රථය ගුවන් මගින් එරටට ගෙන යනු ලැබේ. ඒ සඳහා C-17 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් යොදා ගනු ලබයි.
    Chamikawp.blogspot.com3_zps8t2zmbyu.jpg

    මෙම රථයත් සමඟම තවත් ආදේශක රථයක් ද බර ආයුධ සහිත රථයක්ද ගෙන යනු ලබයි. එය Road Runner යන ආදේශක නාමයෙන් හදුන්වයි.

    ජනපති රථ භාවිතයේ අතීතය...
    Chamikawp.blogspot.com7_zpsjvgldesv.jpg

     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උන්ගෙම කාර්
    උන්ගෙම ප්ලේන්
    මරු
    :love::yes:


    මාත් පට්ට ආසයි පත සයිස් ඇමරිකන් කාර් වලට :love::love::love:


    2006BJCCA2_1053_34.jpg


     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Kodiak කියන්නෙ මෙන්න මේ ට්‍රක් එක. කැඩිලැක් කියන්නෙ Chevrolet වගේම ජෙනරල් මෝටර්ස් එකේ ඩිවිෂන් එකක්.

    2003-chevrolet-kodiak-1_800x0w.jpg


    2003-chevrolet-kodiak-13_800x0w.jpg


    2003-chevrolet-kodiak-2_800x0w.jpg
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Kodiak කියන්නෙ මෙන්න මේ ට්‍රක් එක. කැඩිලැක් කියන්නෙ Chevrolet වගේම ජෙනරල් මෝටර්ස් එකේ ඩිවිෂන් එකක්.

    2003-chevrolet-kodiak-1_800x0w.jpg


    2003-chevrolet-kodiak-13_800x0w.jpg


    2003-chevrolet-kodiak-2_800x0w.jpg

    Chevrolet පට්ට බන්. ඇමෙරිකන් වෙහිකල් බ්‍රෑන්ඩ් සුපිරි. මං අහල තියෙන විදිහට Chevrolet කාලයක් ඇමෙරිකාවෙ ජනප්‍රියම වෙහිකල් බ්‍රෑන්ඩ් එක විදිහට උඩින්ම තිබුන. දැන් නම් දන්නෙ නෑ.

    resize.png
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Chevrolet පට්ට බන්. ඇමෙරිකන් වෙහිකල් බ්‍රෑන්ඩ් සුපිරි. මං අහල තියෙන විදිහට Chevrolet කාලයක් ඇමෙරිකාවෙ ජනප්‍රියම වෙහිකල් බ්‍රෑන්ඩ් එක විදිහට උඩින්ම තිබුන. දැන් නම් දන්නෙ නෑ.

    resize.png

    ඇමරිකාවෙ ප්‍රධාන වාහන නිෂ්පාදකයො 3යි ඉන්නෙ. The big three කියල කියන්නෙ උන්ට. Chevrolet හදන GM, Ford සහ Dodge හදන Chrysler group තමයි ඒ. ඔය තුන ඇරුනම ඇමරිකාවෙතියෙන්නෙ ජැපනීස් සහ යුරෝපියන් ඉම්පෝටඩ් වාහන