ඔබාමා, පාප්තුමා සහ කස්ත්‍රෝගේ අනාවැකිය

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔබාමා, පාප්තුමා සහ කස්ත්‍රෝගේ අනාවැකිය



    150705000007_fidel_624x351_afpcubavision.jpg


    අඩ සියවසකට පසු ප්‍රථම වරට කියුබාව සහ එක්සත් ජනපදය අතර තානාපති සබඳතා ආරම්භ වීම කියුබාව ලද ජයග්‍රහණයක් ලෙස ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක විග්‍රහ කරයි.
    වොෂින්ටන් නුවර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල තුළ කියුබානු ජාතික ධජය එසවුණේ දෙරටේ අගනුවරවල් තුළ තානාපති කාර්යාල ආරම්භ කිරීමත් සමගයි.
    ‘මෙය ඉතාමත් සාධනීය වර්ධනයක්. ඇමරිකා එක්සත් ජනපදය වැනි ලෝකයේ තනි සුපිරි බලවතාට සිද්ධ වුනා, පුංචි කියුබාව පිළිගන්න. මහා යෝධයකුට සිද්ධ වුනා පුංචි රටක්, පුංචි දූපතක් ඉදිරිපිට යථාර්ථය පිළිගන්න. ඒක හොදයි’ ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.


    150710220214_sp_papa_paraguai_624x351_ap.jpg


    දෙරට අතර පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කෙරුණේ පසුගිය වසරේ එක්සත් ජනපදය සහ කියුබාව අතර ඇති කර ගත් ගිවිසුමකට අනුවයි.
    ඇමරිකානු සබඳතා සම්බන්ධයෙන් කියුබාව දශක ගණනක් පුරා අචල, ප්‍රතිපත්තිගරුක ස්ථාවරයක් දරමින් දක්ෂ රාජතාන්ත්‍රික භාවිතයක යෙදුණු බවයි ආචාර්ය ජයතිලක සඳහන් කළේ.
    ‘ ෆිදෙල් කස්ත්‍රෝ එක්දහස් නවසීය හැත්තෑ තුනේ කියා තිබුනා, ඇමරිකාවේ කළු ජාතික ජනාධිපතිවරයකු සහ කතෝලික පල්ලියේ ලතින් ඇමරිකානු පාප් වහන්සේ කෙනෙකු බලයට පත් වූ දිනක තමයි ඇමරිකාව සහ කියුබාව අතර පවතින සම්බන්ධකම්වල මාරුවීමක් සිදු වෙන්නේ කියලා. ඒ අනාවැකිය නිවැරදි වුනා’ ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේය.


    'පිදෙල්ගේ අනුමානය'



    150715223244_obama_naacp_624x351_ap.jpg



    ඇමරිකානු ජනපති බරක් ඔබාමා නොසිටියානම් මෙලෙස දෙරටවල් අතර සබඳතා ගොඩනැගෙනු ඇතැයි සිතීමට අපහසු බව පවසන ආචාර්ය දයාන් ජයතිලක ‘නමුත් ඒක තමයි ෆිදෙල්ගේ අනුමාන කිරීම වුනේ’ යැයි සඳහන් කළේය.
    සෝවියට් දේශය බිඳ වැටීමත් සමග කියුබාවේ ආර්ථිකයද බිඳ වැටෙනු ඇතැයි ඇමරිකාව බලාපොරොත්තුව සිටි නමුත් එම තත්වයට කියුබාවේ හිටපු නායක කස්ත්‍රෝ සාර්ථකව මුහුණ දුන් බවයි ඔහු පවසන්නේ.
    ‘නමුත් ෆිදෙල් කැස්ත්‍රෝට පුළුවන් වුනා, ධනවාදය කරා නොගිහින් එහෙත් ප්‍රායෝගික ආර්ථික ප්‍රතිසංස්කරණ කරමින් කියුබාවේ සමාජවාදී විප්ලවය සුරකිමින් ඒ ඉතාම භයානක අවස්ථාවෙන් කියුබාව බේර ගන්න’දයාන් ජයතිලක පෙන්වා දෙයි.
    රාවුල් කස්ත්‍රෝ

    එම වකවානුවේ චීනය කියුබාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දුන් බවත් ඔහු සඳහන් කළේය.
    ෆිදෙල් කස්ත්‍රෝගෙන් පසු බලයට පැමිණි ඔහුගේ සොහොයුරු රාවුල් කස්ත්‍රෝගේ දේශපාලන ශෛලිය වෙනස් බව පවසන ආචාර්ය දයාන් ජයතිලක එහෙත් ඔහු මූලික කියුබානු ආර්ථික ප්‍රතිපත්තිය මත හිඳිමින් ආර්ථික ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් සිදු කළ බවයි කියා සිටියේ.
    ‘ඉතින් ඉහත කී සියලු සාධක නව තත්වයට හේතු වුනා. නමුත් මෙතනදී වඩාත්ම වැදගත් සම්බන්ධීකරණ පුරුක වුනේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා කියලයි මම හිතන්නේ’ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.

    උපුටා ගැනීමකි: