ඔබාමා FCIDයට

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    වයිට් හවුස් මන්දිරයේ රහසිගත භූගත බංකරයක්. බංකරය AC කරලා. ඔබාමා වයිට් හවුස් මන්දිරෙ සිට සැප ගත් හැටි මෙන්න !.

    ඇමෙරිකා ජනතාව වෙනසක් කරමින් පත් කෙරු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දින ඇමෙරිකානු ජනපති ලෙස වැඩ භාර ගත්තා. සරල සාමාන්‍ය මිනිසෙකු ලෙස ජනාදරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාවගේ මුදලින් ලැබෙන සියලු සැප සම්පත් ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනපති බරක් ඔබාමා විසින් පමණක් භාවිතා කල වයිට් හවුස් මන්දිරය ජනතාවට නැරඹීමට විවෘත කලෙ විශේෂ ප්‍රකාශයක්ද කරමින්. මේ අතර වයිට් හවුස් ජනපති මන්දිරයේ හදිසි අවස්තාවකට සැගවීමට තිබු භූගත බංකරයක්ද මාධ්‍යට විවෘත කෙරුනා. ඒ භුගත මන්දිරය සම්පූර්ණයෙන්ම වායු සමනය කර තිබෙන අතර මහ ජනතාව අව්වෙ සිටිද්දි ඔබාමා ගේ දූ වරූන්ට ලී කෙලියෙ යෙදීමට වෙනම කාමරයක්ද මේ භූගත බංකරයෙ තිබි සොයා ගැනුනා.

    මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගේ අණින් පැසිෆික් සාගරයේ තිබු යුද නැවක් පිළිබද සියලු තොරතුරු මාධ්‍යයට ලබා දීමද නව රජය කටයුතු කලා. සැකකාර නැව අවි ආයුද වලින් පිරි තිබු අතර මෙය පැසිෆික් සාගරයෙ පාවෙන අවි ගබඩාව ලෙස මාධ්‍ය මගින් හදුන්වා දෙයි. ට්‍රම්ප් ගේ රජය පත් කෙරු විපක්ෂයෙ ප්‍රධාන සංවිධායක ප්‍රීන්ස් ඩෝසන්නායක් මහතා විමසා සිටියේ ඔබාමා රජය ඇමෙරිකාව ආරක්ෂා කලා කියමින් මේ ආකාරයෙ පාවෙන අවි ගබඩා මුහුදෙ සගවා සිටියෙ "මාළුන් සමග සටන් කිරීමටදැයි " කියාය.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ලෙස පත්කිරීමට විශේෂ සහයක් ලබා දුන් හිටපු ජනපතිනි සැටලයිට් බුෂ් මැතිණිය කියා සිටියෙ ඔබාමා අල්කයිඩා නායක බින්ලාඩන් මහතා මරාගත් බවත් , නමුත් නව රජය අල් කයිඩා සංවිධාණයෙ සිටි සෑම සාමාජිකයෙකුටම වන්දි මුදලක් සමගින් රජයෙ රැකියාවක්ද ලබා දීමට කටයුතු කරන බවයි. බින් ලාඩන් මහතා ජීවත්ව සිටියා නම් නව රජය යටතේ උප ජනාධිපති ලෙස පත්වන්නේද බින් ලාඩන් මහතා බවද සැටලයිට් මැතිණිය කියා සිටියා.

    මීට අමතරව මිශෙල් ඔබාමා සුභසාධක වැඩ කරනවා යැයි කියමින් රජයේ වාහන අවභාවිතා කල බවත් , සාශා හා මලීයා ඔබාමා දියණියන් දෙදෙනා ලී කෙලි ක්‍රිඩාව ප්‍රවර්ධණය කරමින් මුදල් ගසා කෑ බදත් වහාම ඔබාමා පවුල FCID ගෙන්වා සිරගත කල යුතු බව නව රජයෙ නියෝජ්‍ය අමාත්‍ය වන්ශොට් අබුබුකර් අද සෙනෙට් සභාවේදි ප්‍රකාශ කලා. වෙනසක් ඉල්ලු ඇමෙරිකානු ජනතාවට සැබැවින්ම අවශ්‍ය අල් කයිඩා සංවිධාණය පරාජය කල ඔබාමා යුධ අධිකරණයට ගෙන ගොස් එල්ලා මරා දරා ඔබාමා පවුලෙ සියලු දෙනා විදුලි පුටුවට ගෙන යෑම බව නව විපක්ෂනායක උතුරු මිචිගන් ප්‍රාන්තයේ ආර් සැම්බන්ඩ් මහතාද ප්‍රකාශ කර සිටියා.

    උපුටාගැනීම එක්සත් බොදුනුවා
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    15036680_562741307251749_6261209241762359321_n.jpg
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    869
    756
    93
    පට්ට ....
    ඔබාමගෙ කක්කුස්සි වලවල් පවා සුද්ද කරනවලු හංගපුව බලන්න
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    වයිට් හවුස් මන්දිරයේ රහසිගත භූගත බංකරයක්. බංකරය AC කරලා.

    මෙන්න මේ ටිකට මම එකග නැහැ මචන්. මොකද එකේ එහෙම Room එකක් තියනවා. මේ ෆිල්ම් එක බලලා තියනවා ඇතිනේ. ( White House Down)
    මේකෙ තියනවා ඒ Secure කාමරේ ගැන. අනිත් කරුනු කාරනා ඉතින් මොන විදියේ සුදනෙක් වුනත් බලයට ගියාම කරන දේවල් තමයි. ඒවා අමුතු දේවල් නෙවෙයි.:rofl:
    White-House-Down-Banner-1.jpg


    9k=

     
    Last edited: