ඔබේ ඉලක්කය කුමක් ද?
ඔබේ ඉලක්කය කුමක් ද? සාර්ථකත්වයක් ලබනවා යැයි කියන්නේ යම් අරමුණක් හෝ ඉලක්කයක් ඉෂ්ට කර ගැනීමයි. එනම් සාර්ථකත්වයක් ලැබීමට ඉලක්කයක් හෝ අරමුණක් තිබිය යුතුය. ඒ අරමුණ හෝ ඉලක්කය කුමක් දැයි යන්න වැදගත් ඒ පුද්ගලයාට ය. සාර්ථකත්වයෙන් ඉෂ්ට වන්නේ පුද්ගලයාට තිබුණා වූ ඉලක්කය හෝ අරමුණයි.
මිනිසා විවිධ වූ ඉලක්ක හා අරමුණු වලින් යුතු වූවෙකි. අරයා හිතන පතන දේ ම මමත් හිතන පතනවා යැයි අයෙක් සිතන්නේ නම් ඒ තම ඉලක්ක මොනවා දැයි විමසිල්ලට භාජනය කර නැත්තෙකි. එයා අනුන් කොපිකැට් කරනවා මිසක තමන්ට කැමැත්තේ, තමන්ට අවශ්‍ය වන්නේ, ලැබුනාම තමන්ට සතුටු විය හැක්කේ මොනවා වලින් දැයි විමසා නැත. කන්න බොන්න සහ විළිවසා ගන්න ආකාර ගැන වුවත් අපට ඇත්තේ අනේක වූ ඉලක්කයන් නේද?
මම පතන ඉලක්කය තවෙකෙකුගේ ද ඉලක්කය කිරීමට ලොව ඇති උත්සාහයන් බොහොමයකි. එහෙත් ඒක සාක්ෂාත් කරගත නොහැකි ඉලක්කයක් බව මිනිස් ස්වභාවය ගැන දන්නේ නම් අවබෝධ වී ඒ වැරදි ප්‍රස්තුතය නිවැරදි කරගත හැකිය. සාර්ථකත්වය ළඟා කරගත හැක්කේ තමන් පතන දේ ලබා ගැනීමෙන් පමණි. අනුන් පතන දේවල් ඒ ඒ අයට ලබා ගැනීමට ඉඩක් දීමෙන් පමණි. මිනිසා සමාජයක ජීවත් වන්නෙක් නිසා සමාජ නීති රීති නොකඩමින් ඒකීය ඉලක්ක කරා යෑමට එකඟ වී සිටිති.
හොඳ (right) නරක (wrong) ගැන දැනීමක් මිනිස් සිතක ඇත. නීති රීති කඩමින් ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කරගන්නට යන්නා අය අහුවුනාම දඬුවම් ලබති. තමන් වාසය කරන සමාජයේ නීති රීති කඩමින් ඉලක්ක සාක්ෂාත් කරගන්නා අය ඒ වැරදි අහුවේ යැයි බියෙන් (නැත්නම් එළිපිට ඒ ඒ වැරදි කරා යයි කියමින් ඉන්නවානෙ) තතු වසන් කරගෙන ඉන්නා අය වෙති. ඔවුන්ගේ ඉලක්ක වන්නේ අහු නොවී වරද කිරීමටත්, කරන වරද වල් වලින් අහු නොවී ඉන්නට සැලසුම් ගැසීමට ත් ය. සොයන්නේ මොනවා ද ඒ දේ ලැබෙන නිසා වැඩි වැඩියෙන් නීති රීති කඩන ක්‍රම හා විධි සොයා ගනිති. අවසානයේ දී ඔවුන් නීති රීති නොකඩා කිසිත් කරකියා ගන්නට නොහැකි තත්වයකට පත්වෙති.
හොඳ නරක ගැන පුද්ගලයා හිතන ආකාරය අනුව මොළයේ රසායන නිකුත් කිරීමක් සිද්ධ වේ. ආදරය, ජයග්‍රහණය හා අනුන් වෙනුවෙන් යමක් කළා යැයි ප්‍රීතියකින් ද ඇඟට සතුටු උණුසුමක් දැනෙද්දී මොළයේ ඒ සඳහා වූ පැත්තක නියුරෝන ක්‍රියාවලියන් බහුලව සිදු වේ. ඒ නිසා බිහිවන රසායන සිරුරට හිතකර වූ ඒවා ය. නිරෝගී මොළයක් වරදක් කළා යැයි දන්නා විට, වැරැද්දක් අහුවේ යැයි බියෙන් ඉන්නා විට, අහිතකර රසායන මොළයේ විසුරුවා හරින නිසා ශරීරය ද රෝගී වෙයි.
හොඳ නරක ගැන නොවැටහෙන මොළ ඇති, හිතන්නට හැකියාව ඇති පිරිසක් ද ලෝකයේ වෙති. ඒ ගැන තවත් දවසක.
සමාජයේ නීති රීති අනුගමනය කරමින් සිය අරමුණු සාක්ෂාත් කරගන්නා අය තුල ඇත්තේ දැඩි චෛතසික ශක්තියකි. ඔවුන් බියෙන් පළා නොයති. තරඟයට නොබියව ඉදිරිපත් වෙති. තමන් වැරදි නොකළා යැයි සිත දන්නා නිසා මොළය නිකුත් කරන්නේ හිතකර රසායන වෙති. ඇඟ පුරා විහිදී යන ඒ හිතකර රසායන නිසා පුද්ගලයා නිරෝගී අයෙක් ද වෙයි. මොළයේ ක්‍රියාකාරීත්වය ගැන වැඩි වැඩියෙන් අවබෝධයක් ලබද්දී අප සිතෙන් කරත හැකි විචාරයේ හැකියාව ද අමතක කර දැමිය යුතු නොවේ. තමන් කරන හැම උත්සාහයකට ම සිතේ “ෆුල් සපෝට්” නම් කොතරම් සතුටකින් ගත සිත දෙකම පිරී ඇත්දැයි තමන්ට සොයා ගත හැකියාව ඇත්තකි!!! සිත රවටා යමක් කරද්දී සිත යටින් ක්‍රියාවට අසතුට දැක්වීම නවතා ගත හැකි ද?!!! සිතට එකඟව වැඩ කිරීම හොඳ යැයි කියද්දී, සිත නිවැරදි ප්‍රස්තුත වලින් හිතනවා ද යන්න වැදගත් වන්නේ එහෙයිනි.
නීතිය නොදන්නා විට වැරැද්දක් වැරැද්දක් වුවත් දැන දැන නීති කඩකරන්නාට වඩා නොදන්නා නීතියක් කඩ කළ අයට දඬුවම අඩු ය. මුල් වතාවට වරදක් කළ අයෙකුට වඩා හත් සැරයක් එම වරද කර අයෙකුට ලැබෙන දඬුවම වැඩියි. සිත ක්‍රියා කරන්නේ ද එලෙස ය. ඔබේ ක්‍රියාව හරි දැයි වැරදි දැයි ගැන විමසන්න යැයි සිත නිති කොනහයි. ඊට සවන් නොදී යම් වැරැද්දක් ඇත එහෙත් එය පැත්තකට කර කරන වැරදි වැඩේ දිගටම කරගෙන යන්නේ නම් කාලයාගේ ඇවෑමෙන් සිත දෙන දඬුවම් නිසා ඔබේම සිත හා ගත දෙකම රෝගී වෙති. සිත කොනහද්දී මන්දැයි සොයා බැලිය යුතුයි. නිවැරදි ප්‍රස්තුත සෙවීම සිතන්න හැකි මිනිසාගේ කාර්ය භාරයයි. නිවැරදි ප්‍රස්තුත සොයනවා ද නැද්ද යන තීරණය ද ඇත්තේ තෝරා ගැනීමට හැකියාවක් ඇති සිතක් තියන මිනිසාට පමණි.
“සාර්ථකත්වය නම් ඔබට උවමනා දේ ලබාගැනීමයි. සතුට නම් ලැබිච්ච දේවල් තමන්ට උවමනා වූ දේවල් වීමයි.” -ඩේල් කානගී
Success is getting what you want. Happiness is wanting what you get.” -Dale Carnegie
උපුටා ගත්තේ මෙතනින්.......http://arunishapiro.wordpress.com/2011/10/29/%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA-%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF/
( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )