ඔබේ ගොවිතැනට බිජ වී!

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    සිව්හෙළයම බුද්ධභෝගයෙන් ස්වයංපෝෂිත කරමු !!

    අපේ අතීත මුතුන් මිත්තන් බත සපයාගත්තු දේශීය සහල් වර්ග කිසිම වස විසකින් තොරව මේ හෙළබිමේ වගාකිරීමට ගොවි මහත්වරුන්ව නැඹුරුකරමින් අවශ්‍ය බීජ වී සපයමින් අවශ්‍ය දැනුම සපයමින් මේ මහපොළවටත් සතාසිව්පාවටත් මිනිසාටත් හිතකර වී ගොවිතැන නගා සිටුවීමට ගොවි අරණෙ අපි කටයුතු කරන්නෙමු.

    මේ හෙළබිමේ අතීත ගොවීන් පොහොර නැව් එනකන් කල් මැරුවේ නැත . වස විස කෘෂි රසායන ගොයමට යෙදූවේ නැත . නමුත් පරභෝජනවාදයට හුරු වූ නවීන ක්‍රමය ගොවියාව ගොනාට අන්දා අපේ හෙළ වී ගොවිතැන නැත්තටම නැතිකර දැමුවේය .

    අද වර්තමානයේ වුවද දේශීය පාරම් පරික සහල් පරිභෝජනය කිරීමට බොහෝ මිනිසුන් යොමුවුනත් බොහෝ නිශ්පාදකයින් දේශීය සහල්වර්ග පවා නිශ්පාදනය කරන්නේ රසායනික තෙල් පොහොර භාවිත කරමින්‍ ය. එම නිසා වසවිස නොයෙදූ සියයට සියයක්ම ශරීරයට හිතකර සහල් වර්ග මිලට ගැනීම ගැටලුවක් වී තිබේ එමෙන්ම එම සහල්වලට අධික මිලක් සුපිරිවෙළද සැල්වල පවා නියම වී තිබේ .

    නමුත් ගොවි අරණේ අපි දේශීය පාරම්පරික වී ගොවි තැනට ඇලුම් කරන මේ මහපොළවට ස්භාව දහමට ඇලුම් කරන ගොවීන්ට ඉතා ඉහළ ගුනත්වයෙන් යුක්ත දේශීය බීජ වී ලබාදීමට කටයුතු කරන්නෙමු. ඉදිරියේදී ගොවි අරණෙන් කිසිදු වසවිසක් නොයෙදූ අපේ මුතුන් මිත්තන් මේ මහපොළවටත් සතාසිව්පාවටත් මිනිසාටත් හිතකර ලෙස ගොවිතැන්කර බත සැපයූ සහල්වර්ග මේ සිව්හෙළ මිනිසුන්ට බොහොම සාධාරණ මිලගනන්වලට ලබාගැනීමට අවස්තාව සලසාදෙන්නෙමු!! සුවපත්වේවා !!

    ගොවි අරණ දු.ක 0767356976

    ->
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    කෙම් කම් අත්හැර දමා හරිත විප්ලවය ඇති කල වින්නැහිය.
    නිලධාරීන්ගේ සහ ගොවියන්ගේ කුසීත කම නිසා රටට සිදු වූ අයහපත.

     
    • Like
    Reactions: kinkon