ඔබේ නව යොවුන් දියණිය හා ගනුදෙනු කල යුත්තේ &quo

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔබේ නව යොවුන් දියණිය හා ගනුදෙනු කල යුත්තේ &quo

අද ලංකාවේ තියෙන ලොකුම ගැටළුවලින් එකක් තමයි අපේ දරුවන් වැරදි පාරට වැටෙන්න දෙන්නේ නැතුව හොඳ ගුණයහපත් විදිහට හදාගන්නේ එක..විශේෂයෙන්ම ගෑණු දරුවෝ..දන්නවනේ ගෑණු ළමයෙක් කියන්නේ වීදුරු භාජනයක් වගේ පරිස්සම් කරන්න ඕනේ දෙයක් කියලා..ගෑණු ළමයි කියන්නේ දවසක රටේ අම්මලා..එයාලා නොමග යනවා කියන්නේ ඒක රටටම බලපාන දෙයක් වෙනවා..

පහුගිය දවස්වල මේ මාතෘකාවට අදාළව එළකිරියේ වැටිච්ච ත්‍රෙඩ් සහ කමෙන්ට්ස් නිසා මේ ලිපිය දරුවෝ ඉන්න උදවියටත් දරුවෝ හදන්න හිතන් ඉන්න උදවියටත් වැදගත් වෙයි කියලා හිතනවා..

ඔබේ නව යොවුන් දියණිය හා ගනුදෙනු කල යුත්තේ කෙසේද?


1. සංවේදී වෙන්න

ළමාවියෙන් තරුණවියට පා තබනවා කියන්නේ කෙනෙකුගේ ජිවිතයේ බොහොම වැදගත් සංක්‍රාන්ති කාලයක්. විශේෂයෙන් දුවගේ ජිවිතයට එය බොහොම වැදගත් කාලයක් වීම වලක්වන්නට බැහැ. සිරුරේ සිදුවන වෙනස්කම් සහ හෝමෝන් වල ක්‍රියාකාරිත්වය නිසා ඔවුන් පෙරට වඩා සංවේදී වෙන්න පුළුවන් සමහර දේවල් වලට, දෙමාපියන් ලෙස ඔබ කියනා යම් දෙයක් ඔවුන්ගේ හොඳට කිව්වත්, ඒ කියනා දෙයින් අප නොදැනම ඔවුන්ගේ හිත රිදෙන්නට ඉඩ නම් බොහොමයි. මේ නිසා මේ කාලයේ ඔවුන් ගැන සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම ඔබේ දුවනියගේ සිරුරේ සහ මනසේ කාලයත් සමඟ වෙන වෙනස්කම් ගැන ඔවුන්ට කියලා දීමත් වැදගත්. මේ කියන්නේ ගහකොළ මල් පලතුරු ගැන නෙවෙයි. මේ කාලේ මවක් ලෙස ඔබ ඔබේ දරුවා සමඟ ලිංගිකත්වය ගැන සහ එහි සීමාවන් ගැන සාකච්චා කිරීම ගොඩක් වටිනවා.

2. ඔවුන්ගේ ඉඩ ඔවුන්ට දෙන්න

සමහර අවස්ථා වල ඔවුන් පෙරට වඩා පුද්ගලිකත්වය ගැන සිත යොමු කරාවි. ඔබට වෙනදාට දොරවල් හැර තිබෙන කාමර, ඔවුන්ගේ මේ කාලේදී නිතරම අගුලු ලන්නට උත්සහ කර තිබේවි. එය ඔවුන්ගේ වරදක් නොව, ඔවුන් ඔවුන්ට ම වෙන් වූ ලොවක ජීවත්වන්නට පටන් ගන්නා කාලයක් නිසා මෙහෙම වෙනවා කියා සිතීම ඔබටත් ඔබේ නවයොවුන් දියණියටත් බොහොම හිතකර වේවි.

ඔවුන්ට ඔවුන්ගේ නිදහස දෙන්න. ඔවුන්ට නොදැනෙන ලෙස විමසිලිමත් වෙන්න

“මේ කාමරේ නිතරම වහගෙන ඉන්නේ මොකද?”

“අපි පිට මිනිස්සුද ඇරලා තියන්න කිව්වේ දොර!”

වගේ කතන්දර ඔවුන්ට කියන්න එපා. දැන් ඔවුන් ස්වාධින වෙන්න උත්සහ කරන මුල් අවධියේයි වෙසෙන්නේ.

3. ඇගේ සීමාවන් ගැන කියලා දෙන්න

සමහර වෙලාවක ඔබේ නව යොවුන් දුවණිය ඔබෙන් මේ වගේ ඉල්ලීම් දෙකක් ඉල්ලුවොත් ඔබ මොකද කරන්නේ?

“නිවාඩු කාලෙනේ අම්මා, මම කොන්ඩේට හෙයා කට් එකක් දාන්නද?”

“යාලුවෙක් ගේ පාටි එකක් තියෙනවා, ඒක ඉවරවෙනකොට රෑ 2.30 විතර වෙයි කියලයි කිව්වේ. මම යන්නද?”

ඔබට පලවෙනි ඉල්ලීමට ලෙහෙසියෙන්ම ඉඩ දෙන්නට පුළුවන් මොකද, කොණ්ඩය කියන දේ නිරන්තරයෙන්ම වැවෙන නිසා, විශේෂයෙන් නවයොවුන් තරුණියන්ගේ කොණ්ඩය බොහොම ඉක්මනින් වැවෙනවා. ඒ නිසා නිසා ඒ ගැන ගැටළුවක් නැතත්, දෙවැනි ඉල්ලීම ගැන කල්පනාකාරී වෙන එක හොඳයි. විශේෂයෙන් ගැහැණු දරුවෙකුට කොහොමත් රෑ වෙලා ගමන් බිමන් සිමා කරන එක, ඇයගේ ආරක්ෂාවට බොහොම වටීවි. ඔබට ඒ ගැන කරුණාවෙන් කාරණා වටහලා දෙන්නට බැරි කමකුත් නැහැනේ.

4. සමාජජාල තුල ආරක්ෂාව සහ දරුවා

අදකාලේ සමාජ ජාල නිසා කරදරයට පත්වන දරුවන් ගැන ඔබේ දියණියගේ අවධානය යොමු කරලා ආරක්ෂාකාරීව සමාජජාල භාවිතා කරන්නේ කොහොමද කියන කාරනාව ගැන ඔවුන්ගේ අවධානය යොමු කරවන්න. ඒ වගේම ඔබේ දරුවාගේ සමාජ ජාල ගිණුම් වල ඔබත් එකතු වෙලා ඉන්න එක වටිනවා, එවිට දරුවා නොදැනුවත්ව යෙදෙන ක්‍රියාවන් ගැන ඔබට ලැබෙන ඉඟි ඔස්සේ ඔබේ දරුවාව ආරක්ෂා කරගන්න පුළුවන්.

ඒ වගේම ඒ ගිණුම් වල වෙන අය කරන කියන දේවල් ගැන ඔබත් ඔබේ දුව සමඟ කතා බහ කරන එකෙන් , ඇයත් ඔබ නිතරම අන්තර්ජාලයේ සක්‍රිය චරිතයක් බව සිතා ඔබ හා වඩා කුළුපගව ඒ ගැන විස්තර බෙදා ගනීවි.

5. හොඳ උදව් කරුවෙක් වෙන්න

සමහර විට ඒ උදව්ව ඇගේ ඉගෙනුම් විෂයක් ගැන වෙන්නට පුළුවන්, එහෙමත් නැතිනම් ඇය කරන ක්‍රීඩාවක් සම්බන්ධයෙන් වෙන්නට පුළුවන්. පාසලෙන් කරන සියලුම දේ ඇයගේ උරහිස් මත නොතියා, ඔබත් එහි හවුල් කරුවෙක් වෙලා ඇයට අත දෙන්නට ලැහැස්ති නම්, ඈ එය සාදරයෙන් භාර ගන්නා වග සහතිකයි.

6. ගෞරවය සහ විශ්වාසය

නවයොවුන් තරුණියක් ලෙස ඔබේ දියණියට සහ ඇගේ අදහස් වලට සිතුවිලි වලට දෙමාපියන් ලෙස ඔබ කන්දීම අනිවා සිදුවියයුතු දෙයක්. ඒ වගේම අමතක නොකලයුතුයි දෙමව්පියන් ලෙස ඔබත් නවයොවුන් විය පසු කල අය බව.

ඒ වගේම අපි ඔවුන්ව විශ්වාස කරන බව අපිට පෙන්වන්න පුලුවන්නම් අපි දිනුම්, එය කරන්නට විදි කිහිපයක් ම තිබෙනවා, විවිධ වගකීම් භාරදීම, විවිධ ගමන් වලදී ඒවා සංවිධානය කරන්නට දරුවන්ට පැවරීම වගේ දේවල් වලින් ඇයට ඒ බව දනවන්නට පුළුවන්. මෙහෙම කරනකොට දියණිය තමන්ව තමන්ගේ දෙමාපියන් පිලිගන්නවා කියන විශ්වාසය තිබෙන නිසා ඔවුන් වැරදි දේට පෙළඹීම ඉබේම අඩු වේවි.

ඒ කාලේදී අප සිතු පැතු දේවල් සහ අදහස් වලට අපේ දෙමාපියන් දුන් ඉඩ සහ ගෞරවය මතකයට ගන්නට හැකි නම් අපේ දරුවන්ගේ අදහස් සමග අරගල කරන්නට අපිට අවශ්‍ය වෙන එකක් නැහැ.

7. නුරුස්සනා අවස්ථාවක

බොහෝ අවස්ථාවල තමන්ගේ අදහසට ලැබියයුතු ඉඩ නොලැබුණු විට ඔවුන් නුරුස්සනා ලීලාවෙන් සිටීම සාමාන්‍ය දෙයක්. ඒ වෙලාවට ඔබෙන් විශේෂ කාර්යයක් ඉටු විය යුතුව තිබෙනවා, නමුත් ඒ කාර්යය ඇයට තරවටු කිරීම හෝ ඇනුම්පද එල්ල කිරීමක් නොවිය යුතුයි.

ඔබට ඇය තරහින් සිටින අවස්ථාවක නිහඬව සිට ඇයගේ තරහා නිවුන පසු ඇය තවදුරටත් කුඩා දරුවෙකු නොවන බවටත්, වැඩිහිටියෙකු ලෙස කාරණා කටයුතු ගැන වගකීමක් සහිතව බලන්නේ කෙසේද යන්න ගැනත් කියලා දෙන්න. ඒ වගේම නිතර තරහා ගෙන හැඟීම් වලට වහල් වී කටයුතු නොකර ප්‍රශ්නයක් දෙස බලන්නේ කොහොමද කියන කාරණාව ගැන කියා දෙන්නට හැකි නම් එය බොහොම නුවණක්කාර තීරණයක්. මෙහෙම කරන එකෙන් ඔබ දෙදෙනා බොහොම අවබෝධයෙන් කටයුතු කරන දෙමාපියන් බව දුවණියට දැනෙන අතරම ඔවුන් යලිත් ඒ වරද කරන්නට පෙර දෙවරක් සිතාවි.

8. ඇගේ මිතුරියන්ට ඔබේ නිවසේ දොරටු හරින්න

දියණිය මිතුරන් හමුවීමට යන්නට ඔබෙන් අවසර පතනවා නම්, ඇගේ අකමැත්තක් නැති නම්, ඔවුන්ට ඔබගේ නිවසට එන්නට ආරාධනා කරන්න, නිවාඩු දවසක නම් දිවා ආහාර වේලක් සමඟ ප්‍රියතම චිත්‍රපටයක් නරබන්නට ඔවුන්ට ඉඩ සහ නිදහස ලබා දෙන්නට පුලුවන්නම්. ඔබට ඔබේ දරුවාගේ මිතුරන් ගැන නිවැරදි අවබෝධයක් ගන්නට හැකිවා සේම, ඔවුනුත් තම මිතුරියගේ දෙමාපියන් ගැන වඩාත් පැහැදේවි.

9. ඔබේ ආදරය “නිතර” පවසන්න

නවයොවුන් දියණියන් කියන්නේ නිතර දෙමාපිය ආදරේ සොයන දරුවන් පිරිසක්. ඔබ ඇයව නිරන්තරයෙන් අගය කලාට, ආදරේ බව කිව්වට කිසිම වරදක් නැහැ. එහෙම කරන එකෙන්, නිසි වයසට පෙර අනිසි සම්බන්ධතා වලට සිත යෙදීම වලකිනවා සත්තයි. එයට අමතරව දරුවෙකුගේ ආදරය තරම් මවකට පියෙකුට තවත් වටිනා සම්පතක් නැති බවත් කියන්න ඕනේ. ඒ නිසා ඔබේ ආදරය පවසන්න





Source:- Aniva.lk
 
Last edited:

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    ela
    11.gif
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    අම්මල තාත්තල හරි ආදර්ශමත් විදිහට ජීවත් වෙනවනන් නොමග යන්න තියෙන ඉඩ කඩ සීමිතයි.
    සමහර ෆැමිලි වල අම්මල තාත්තල දරුවො ගැනවත් හිතන්නෙ නැතුව වලත්තකම් කරන සමාජයක් මේක..
    තාත්තලා වෙන ගෑණු එක්ක බුදියනවා. අම්මල වෙන මිනිස්සු එක්ක ලව් කරනවා... ඒ වගේ ෆැමිලි එකක ළමයින්ගෙනුත් වැඩි හොදක් බලාපොරොත්තු වෙන්න බැහැ... කොටින්ම දැන් පොඩි කාලෙ ඉදන් ළමයි ගාව ස්මාර්ට් ෆෝන්.. ඒව වලට මුකුත් කියන්නත් බැහැ අම්මල තාත්තලත් ඒවලට ඇබ්බැහි වෙලා නිසා...
     
    • Like
    Reactions: ashmi

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් තව කාලයක් යද්දී එන්න තියන පුස්නයක් නේහ් නැන්දේ...
    එදාට උයාව කන්සල්ට් කොරංඥ්ඥං.....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නව යොවුන් පිරිමි ලමයින්ට කුඩම්මාගේ සැලකිලි නේ එතකොට ? :confused: :confused:
    සම තැන කියල නිදහසේ ආරක්ශිතව කරන ඔක්කොම ජොබ් කෙල්ලො ගන්නව අපිට තමා 33000 ලයින් වලයි පාරවල් මැද්දෙයි ගස් උඩයි අවධානං රස්සා ඔක්කොම කල්ල මැරෙන්න වෙන්නෙ :sorry: :sorry:

    REP
     
    • Like
    Reactions: ashmi