ඔබේ නිවාඩු අයිතීන් ගැන ඔබ දැනුවත් ද
ජොබක් කලාට මලාට නිවාඩු ගන්න බෑ ... බොසා දෙන්නේ නෑ!!

ඔබේ නිවාඩු අයිතීන් ගැන ඔබ දැනුවත් ද?
ආයතනයක සේවයේ යෙදෙන්නා සේවාදායකයා (Employee) ලෙස සැලකෙන අතර සේවාවෙහි යොදවන්නා සේවා යෝජකයා (Employer) ලෙස හැදින්වේ..
හැමෝටම තියෙන ප්රශ්නය තමා නිවාඩු කොහොමද ගන්නේ , නිවාඩු කොහොමද තියෙන්නේ කියන එක .

මේ ලිපියෙන් රජයේ නොවන අයගේ නිවාඩු ගැන කතා කරමු (රජයේ නිවාඩු ගැන කතා කරන්න ඕන නෑ නේ
)
මේ ගැන කතා කරද්දී මුලිකවම ප්‍රධාන පනත් 2 ක් අදාළ වෙනවා
ඔය පණත් දෙකට අනුව සේවක සේවිකාවන් සදහා බලපාන නිවාඩු මෙහමයි
ව්‍යවස්ථාපිත නිවාඩු (Statutory Holidays)
ඉහත දැක්වු පණත් දෙකම යටතට අයත් සේවක සේවිකාවන් රජය විසින් වර්ෂයක් සදහා ප්‍රකාශයට පත්කල විශේෂ වෙළද නිවාඩු 08 කට හිමිකම් ලබයි.
පුර පසලොස්වක පොහොය දින නිවාඩු (Full Moon Poya Holidays)
සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම නිවාඩු දිනයක් ලෙස සලකා නිවාඩු ලබාගැනීමට ඉහත පණත් දෙක යටතට අයත් සේවක සේවිකාවන්ට හැකියාව පවතී.
වාර්ෂික නිවාඩු (Annual Leave)
සෑම කැලැන්ඩර් වර්ෂයකටම අදාලව මෙම වාර්ෂික නිවාඩු දින 14 ක් සේවක සේවිකාවන්ට ලබා ගැනීමට හැක. මෙම අනුමත වාර්ෂික නිවාඩු දින 14 න් 07 ක් අඛන්ඩව ලබා ගත යුතුය. කෙසේ වෙතත් වාර්ෂික නිවාඩු ලබාගැනීමේදී දෙපාර්ශවයේ එකගතාවෙන් සිදු කල යුතුය.
අළුතින් සේවයට බැදුණු සේවක සේවකාවන් සදහා මෙම වාර්ෂික නිවාඩු හිමිවනුයේ දෙවැනි ලිත් වර්ෂයේ සිට වන අතර නිවාඩු ගණන සේවයට බැදුණු කාලය අනුව වෙනස් වේ.
සේවයට බැදුණු කාල වකවානුව........2වැනි ලිත් වර්ෂයේදී හිමි වාර්ෂික නිවාඩු ගණන
ජන. 01 සිට මාර්තු 31 දක්වා........14
අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා.........10
ජුලි 01 සිට සැප්. 30 දක්වා..........07
ඔක්. 01 සිට දෙසැ. 31 දක්වා........04
අනියම් නිවාඩු (Casual Leave)
හදිසි අවශ්‍යතා වලදී ගන්න පුළුවන් . එක් ලිත් වර්යක් වෙනුවෙන් දින 07 අනියම් නිවාඩු ලෙස ලබාගත හැක. නමුත් සේවයට බැදුණු පළමු ලිත් වර්ෂය තුලදී එක් මාසයකට දින ½ ක් වශයෙන් ලබාගත හැක.
උදාහරණ :
සිසිර කුමාර නමැති තරැණයා එක්තරා වෙළද ආයතනයකට රැකියාව සදහා 2019 වසරේ ජුනි මස 10 දින ඇතුළු විය. ඔහුට නිවාඩු ලබා ගැනීමට හැකිවනුයේ මෙම ලිත් වර්ෂය තුළදී සෑම වැඩකරන මාසයක් සදහාම දින ½ බැගින් හෝ දෙමසකට වරක් 01 දිනක් බැගින් අනියම් නිවාඩු වේ. ඔහු සාර්ථකව සේවා කටයුතු ඉදිරි ලිත් වර්ෂයේදී (2020 වර්ෂය) ද සිදුකරන්නේ නම් එම 2 වැනි ලිත් වර්ෂය සදහා වාර්ෂික නිවාඩු 10 ක් සහ අනියම් නිවාඩු 07 ක්ද ලබාගත හැක.
සති (අන්ත) නිවාඩු (Weekly Holidays)
සාප්පු හා කාර්යාල සේවක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සාමාන්‍ය සේවයේ එක් සතියක් තුළදි අවම පැය 28 ක් වැඩ කර ඇත්නම් සතියකට දින 1 ½ ක ගෙවීම් සහිත සති නිවාඩු හිමිවේ. නමුත් පඩි පාලක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සදහා මෙය දින 01 කි. බොහෝමයක් පඩි පාලක සභා යටතේ පාලනය වන ක්ෂේත්රවල දී ඉරිදා දිනය මෙලෙස නිවාඩු දිනය ලෙස සැලකේ. නමුත් සමහර ක්ෂේත්‍ර සදහා මෙය සතියේ වෙනත් ඕනෑම දිනයක් විය හැකි අතර උදාහරණ වශයෙන් සිනමාශාලා සේවකයින් සදහා මෙය සදුදා සිට සිකුරාදා දක්වා වන ඕනෑම දිනයකින් එකක් විය හැක.
ජොබක් කලාට මලාට නිවාඩු ගන්න බෑ ... බොසා දෙන්නේ නෑ!!

ඔබේ නිවාඩු අයිතීන් ගැන ඔබ දැනුවත් ද?
ආයතනයක සේවයේ යෙදෙන්නා සේවාදායකයා (Employee) ලෙස සැලකෙන අතර සේවාවෙහි යොදවන්නා සේවා යෝජකයා (Employer) ලෙස හැදින්වේ..

හැමෝටම තියෙන ප්රශ්නය තමා නිවාඩු කොහොමද ගන්නේ , නිවාඩු කොහොමද තියෙන්නේ කියන එක .

මේ ලිපියෙන් රජයේ නොවන අයගේ නිවාඩු ගැන කතා කරමු (රජයේ නිවාඩු ගැන කතා කරන්න ඕන නෑ නේ
)මේ ගැන කතා කරද්දී මුලිකවම ප්‍රධාන පනත් 2 ක් අදාළ වෙනවා
- සාප්පු හා කාර්යාල සේවක පණත
- තොග සහ සිල්ලර වෙළද ව්‍යාපාර, ආහාරපාන අලෙවි සැල්, බේකරි, සිනමා ශාලා, කොණ්ඩා කපන සහ රෑපලාවන්යාගාර, නේවාසික හෝටල්, ඇදුම් මසන සාප්පු, ඛණ්ජ තෙල් විකුණුම් ස්ථාන, විවිධ අලෙවිසැල් සහ ගනුදෙනුකරැවන් සදහා භාණ්ඩ හෝ සේවා සපයන ගබඩා හෝ මධ්‍යස්ථාන
- පඩිපාලක සභා ආඥා පණත
- ව්‍යාපාරික කාර්යයන් සදහා පවත්වාගෙන යනු ලබන කාර්යාල, හෝටල්, සමාජශාලා, සිනමා ශාලා, පාසැල්, කර්මාන්තශාලා
ඔය පණත් දෙකට අනුව සේවක සේවිකාවන් සදහා බලපාන නිවාඩු මෙහමයි
ව්‍යවස්ථාපිත නිවාඩු (Statutory Holidays)
ඉහත දැක්වු පණත් දෙකම යටතට අයත් සේවක සේවිකාවන් රජය විසින් වර්ෂයක් සදහා ප්‍රකාශයට පත්කල විශේෂ වෙළද නිවාඩු 08 කට හිමිකම් ලබයි.
- ජාතික නිදහස් දිනය
- දෙමළ තෛපොන්ගල් දිනය
- මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය
- සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනට පෙර දිනය
- සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනය
- මැයි 01 දින කම්කරැ දිනය
- වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
- නත්තල් දිනය
පුර පසලොස්වක පොහොය දින නිවාඩු (Full Moon Poya Holidays)
සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම නිවාඩු දිනයක් ලෙස සලකා නිවාඩු ලබාගැනීමට ඉහත පණත් දෙක යටතට අයත් සේවක සේවිකාවන්ට හැකියාව පවතී.
වාර්ෂික නිවාඩු (Annual Leave)
සෑම කැලැන්ඩර් වර්ෂයකටම අදාලව මෙම වාර්ෂික නිවාඩු දින 14 ක් සේවක සේවිකාවන්ට ලබා ගැනීමට හැක. මෙම අනුමත වාර්ෂික නිවාඩු දින 14 න් 07 ක් අඛන්ඩව ලබා ගත යුතුය. කෙසේ වෙතත් වාර්ෂික නිවාඩු ලබාගැනීමේදී දෙපාර්ශවයේ එකගතාවෙන් සිදු කල යුතුය.
අළුතින් සේවයට බැදුණු සේවක සේවකාවන් සදහා මෙම වාර්ෂික නිවාඩු හිමිවනුයේ දෙවැනි ලිත් වර්ෂයේ සිට වන අතර නිවාඩු ගණන සේවයට බැදුණු කාලය අනුව වෙනස් වේ.
සේවයට බැදුණු කාල වකවානුව........2වැනි ලිත් වර්ෂයේදී හිමි වාර්ෂික නිවාඩු ගණන
ජන. 01 සිට මාර්තු 31 දක්වා........14
අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා.........10
ජුලි 01 සිට සැප්. 30 දක්වා..........07
ඔක්. 01 සිට දෙසැ. 31 දක්වා........04
අනියම් නිවාඩු (Casual Leave)
හදිසි අවශ්‍යතා වලදී ගන්න පුළුවන් . එක් ලිත් වර්යක් වෙනුවෙන් දින 07 අනියම් නිවාඩු ලෙස ලබාගත හැක. නමුත් සේවයට බැදුණු පළමු ලිත් වර්ෂය තුලදී එක් මාසයකට දින ½ ක් වශයෙන් ලබාගත හැක.
උදාහරණ :
සිසිර කුමාර නමැති තරැණයා එක්තරා වෙළද ආයතනයකට රැකියාව සදහා 2019 වසරේ ජුනි මස 10 දින ඇතුළු විය. ඔහුට නිවාඩු ලබා ගැනීමට හැකිවනුයේ මෙම ලිත් වර්ෂය තුළදී සෑම වැඩකරන මාසයක් සදහාම දින ½ බැගින් හෝ දෙමසකට වරක් 01 දිනක් බැගින් අනියම් නිවාඩු වේ. ඔහු සාර්ථකව සේවා කටයුතු ඉදිරි ලිත් වර්ෂයේදී (2020 වර්ෂය) ද සිදුකරන්නේ නම් එම 2 වැනි ලිත් වර්ෂය සදහා වාර්ෂික නිවාඩු 10 ක් සහ අනියම් නිවාඩු 07 ක්ද ලබාගත හැක.
සති (අන්ත) නිවාඩු (Weekly Holidays)
සාප්පු හා කාර්යාල සේවක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සාමාන්‍ය සේවයේ එක් සතියක් තුළදි අවම පැය 28 ක් වැඩ කර ඇත්නම් සතියකට දින 1 ½ ක ගෙවීම් සහිත සති නිවාඩු හිමිවේ. නමුත් පඩි පාලක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සදහා මෙය දින 01 කි. බොහෝමයක් පඩි පාලක සභා යටතේ පාලනය වන ක්ෂේත්රවල දී ඉරිදා දිනය මෙලෙස නිවාඩු දිනය ලෙස සැලකේ. නමුත් සමහර ක්ෂේත්‍ර සදහා මෙය සතියේ වෙනත් ඕනෑම දිනයක් විය හැකි අතර උදාහරණ වශයෙන් සිනමාශාලා සේවකයින් සදහා මෙය සදුදා සිට සිකුරාදා දක්වා වන ඕනෑම දිනයකින් එකක් විය හැක.
TFS
කම්කරු දවසෙත් වැඩ, නිදහස් දවසෙත් වැඩ.