ඔබේ පැරණි පෙම්වතා හෝ පෙම්වතිය ගැන තවමත් FB එ&a

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    ඔබේ පැරණි පෙම්වතා හෝ පෙම්වතිය ගැන තවමත් FB එ&a

    ඔබේ පැරණි පෙම්වතා හෝ පෙම්වතිය ගැන තවමත් FB එකෙන් හොයනවා ද ? මේ ලිපිය ඔබටමයි

    ඔබ කලක් ආදරයෙන් සිටි පෙම්වතා හෝ පෙම්වතිය ඔබට අහිමි වුනොත් ? එය ඔබට මහත් වේදනාවක් ගෙන දෙන කාරණයක් වෙන්න පුළුවන් නේ ද ? අද අපි ජිවත් වන 2015 වසර තාක්ෂණයෙන් බොහෝ ඉදිරියට පැමිණ සිටින කාලයක්. තරුණ පරම්පරාව සිය වටිනා කාලයෙන් බොහෝ වෙලාවක් ගත කරන්නේ සමාජ ජාල වෙබ් අඩවි වල බව අමුතුවෙන් කියන්නට දෙයක් නෑ. ඒ නිසාම ඔබත් ඔබේ පෙම්වතියත් Facebook , Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි වල තමාගේම Profile එකක් පවත්වාගෙන යාම සාමාන්‍ය දෙයක්. නමුත් යම් කිසි හේතුවකින් ඔබ දෙදෙනාට වෙන් වෙන් වූ මාර්ග වල ගමන් කිරීමට සිදු වුවහොත් ? අතීතයේ සිදු වූ ඒ මිහිරි මතකයන් තුල ජිවත් වීම ඔබේ අනාගතයේ සාර්ථකත්වයට බාධාවක් වන බව ඔබට මොහොතකටවත් සිතුනේ ද ?

    Jesse Fox සහ Robert Tokunaga විශ්ව විද්‍යාල සිසුන් 431 දෙනෙකු සහභාගී කරගෙන සමීක්ෂණයක් සිදු කළා. මේ අතරින් 150 දෙනෙක් පිරිමි ළමුන් වූ අතර ඉතිරි 281ක් දෙනා ගැහැණු ළමුන් වුනා. මේ සියලු දෙනාම පසු ගිය වසරක කාලය තුල පෙම්වතා – පෙම්වතිය දෙදෙනාම Facebook ගිණුම් පවත්වාගෙන ගිය නමුත් තම ආදරවන්තිය හෝ ආදරවන්තයාගෙන් වෙන්වීමට වූ අයයි. ඔවුන් මේ සියලු දෙනාගෙන් වෙන් වෙන් ව ප්‍රශ්න අසමින් ඔවුන් අතර කවර ආකාරයේ බැඳීමක් පැවතියේ ද, ඔවුන් කවර ආයෝජන සිදුකර ඇත්ද, කුමන කැපවීමක් කර ඇත් ද කුමන වේදනාවකින් හා පසුතැවිමකින් ඇත්දැයි විමසා බැලුවා. ඒ වගේම වෙන්වීමෙන් පසු තම පැරණි පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳව ඔහුගේ හෝ ඇයගේ FB ගිණුම හරහා කෙතරම් සොයා බැලුවේ දැයි ද විමසා සිටියා.

    මේ සමීක්ෂණයේ ප්‍රතිපල අන්තර්ජාලය ආශ්‍රිත මනෝවිද්‍යාව පිලිබඳ සඟරාවක පළකෙරුනා. එයින් පෙනී ගියේ වෙන්වීමෙන් ඇති වන වේදනාව වැඩිවත්ම සමාජ ජාල වෙබ් අඩවි තුලින් අදාළ පුද්ගලයන් පිළිබඳව දිගින් දිගටම සොයාබැලීමේ ප්‍රවනතාවය ද ඉහල යන බවයි. මෙය ඔවුන් හඳුන්වන්නේ interpersonal electronic surveillance ලෙසටයි. මෙහි බලපෑම වැඩියෙන්ම දැනෙන්නේ වෙන්වීමේ තීරණයට අකමැති වූ පාර්ශවයට බවත් මේ නිසාම පසු කාලීනව ඇතිවන ආදර සම්බන්ධතා සඳහා ද මෙය බලපෑම් ඇති කරන බවට පර්යේෂකයන් පවසා සිටිනවා.

    මේ ගැන වැඩිදුර අදහස් පල කල පර්යේෂක කණ්ඩායම මෙසේ පවසා සිටියා.

    ” සමාජ ජාල වෙබ් අඩවි ඔබේ ආදර කතාවේ මතකයන් වල එකතුවක් වැනිය. එහි ඔබ වසර ගණනාවක සිටම පලකල විවිධ දේවල් වල එකතුවක් පවතිනවා. ඔබ පැවසූ ආදර වදන්, ඡායාරූප වගේම විශේෂ අවස්ථා පිළිබඳව මතකයන් ගොන්නක් එහි තිබෙනවා. තමා විසින්ම කලකට ඉහතදී පළකර ඇති අදහස් හා ඡායාරූප දැකීමෙන් එම පැරණි මතකයන් යලි යලිත් ආවර්ජනය වෙමින් සිත තුල පැවතීමෙන් දීර්ග කාලීනව අමිහිරි හැඟීම් සමඟ ජිවත් වීමට සිදුවෙනවා. ඒවගේම සිත තුළ නොසන්සුන් බව නොඉවසිලිමත් ගතිය වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමාගේ පැරණි පෙම්වතා හෝ පෙම්වතියගේ අලුත් ජීවිතය ඔවුන්ගේ නව ආදර සිතුම් පැතුම් කොයි ආකාරයේ ස්වරුපයක් ගන්නේ ද වගේම ඔවුන්ගේ වර්තමානය හා අපේ ජිවිත එකී නෙක සංසන්දනය කර බැලීම සඳහාත් මේ නිසා පෙළඹවීමක් ඇතිවනවා. මෙමගින් සිතට ඍනාත්මක සිතුවිලි ඇතුළුවීමට පටන් ගන්නවා. ”

    මේ දේවල් කියවලා බලද්දී ඔයගොලොන්ට තේරෙනවා ඇති අපිව සමාජ ජාල වෙබ් අඩවි වලින් මෙවැනි අවස්ථාවල දී මොනවගේ අපහසුතාවයකට එහෙමත් නැතිනම් අසරණ බවකට පත් කරනවා ද කියලා. එමනිසා ජිවිතයේ සියලු අවස්ථා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම විලාසිතාවක් බවට පත්වෙලා තියන මේ වගේ කාලයක බුද්ධිමත්ව කටයුතු කිරීමත් වැදගත්. නැතිවුණු දේවල් පස්සේ යන්නේ නැතුව ජීවිතය සාර්ථක කරගෙන සිරාවට ඉන්න.

    Source: sira.lk
     
    Last edited:
    • Like
    Reactions: Elysium and lasithh

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    පෙම්වතුන් ගැන විතරක් නෙමේ බන් .අනෙක් අය ගැන පවා ඕනවට වඩා ඔකේ හොයන්න ගත්තොත් ඒක වේදනාවක් .මොකද උදාහරණයක් ගමු අපි.උඹ කාලෙකට කලින් එකෙක් එක්ක ෆිට් එකේ ඉන්නවා .ඌ එක්ක ආ ගිය තැන් වල ස්ටේටස් ෆොටෝස් අප්ලෝඩ් කරනවා .ඒත් පස්සේ කාලෙකදි ඌත් එක්ක වලියක් දාගෙන උඹ ආශ්‍රය නවත්වනවා .තරහා හිතේ තියෙනවා .ඒ හිතේ තියෙන තරහා පොළඹවනවා සෝෂල් මීඩියාස් හරහා උඹේ තරහ කාරයා ගැන හොයන්න .
    පස්සේ ඌ හිනා වෙගෙන ෆන් එකේ ඉන්න ස්ටේටස් ෆොටෝස් වර්තමානෙදි දකිද්දි උඹට තියෙන තරහා වැඩි වෙනවා සහ උඹට උඹ ගැන දුකක් ඇති වෙනවා .
    ගොඩාක් එවුන් කරන දෙයක් තමා තව එකෙක්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් එක්ක තමන්ගේ රියල් ලයිෆ් එක කම්පෙයාර් කරන්න යන එක .ඒක කොහොමත් දුකක් තමා .මොකද ෆේස්බුක් එකේ ලොජික් එක තම තමන්ට වඩා අනෙක් අය ඉන්නේ සතුටින් .

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Honda lipiyak, bohoma sthuthiy api ekka bedaagaththata :) +

    :yes: Oka hamoma therum gaththanam hondai kiyala hithenava:)
     
    Sira katawa :yes::yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    Honda lipiyak, bohoma sthuthiy api ekka bedaagaththata :) +

    :yes: Oka hamoma therum gaththanam hondai kiyala hithenava:)

    ඕක තෙරුම් ගන්න පුළුවන් ඔය වැඩ්ඩෝ වගේ ස්ටේටස් ෆොටෝස් අප්ලෝඩ් කරන එවුන්ගේ රියල් ලයිෆ් එක ගැන විස්තර හෙව්වානම්.

    …මමත් කාලයක් හිතන් හිටියා මගේ ඉස්කොලේ හිටිය එවුන් මට වඩා සන්තෝසෙන් කියලා .පස්සේ මම කලේ කට්ටියව සෙට් කරා පොඩි ගෙට් ටු ගෙදර් එකකට වගේ .ඒක වෙලාවෙදි උන් උන්ට වෙච්ච් කරදර ගැන කැපිලි ගැන රස්සාව කරන තැන ඉගෙන ගන්න තැන අවුල් ගැන නොයෙක් දුක් දොම්නස් කතා වුණා .හැබැයි මුන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන් එව්වා පේන්නේ නැහැ .පස්සේ තමා මට තේරුණේ වැඩේ .මුනුත් මන් වගේම බාධක මැද්දේ ජිවත් වෙන එවුන් ටිකක් කියලා .
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පෙම්වතුන් ගැන විතරක් නෙමේ බන් .අනෙක් අය ගැන පවා ඕනවට වඩා ඔකේ හොයන්න ගත්තොත් ඒක වේදනාවක් .මොකද උදාහරණයක් ගමු අපි.උඹ කාලෙකට කලින් එකෙක් එක්ක ෆිට් එකේ ඉන්නවා .ඌ එක්ක ආ ගිය තැන් වල ස්ටේටස් ෆොටෝස් අප්ලෝඩ් කරනවා .ඒත් පස්සේ කාලෙකදි ඌත් එක්ක වලියක් දාගෙන උඹ ආශ්‍රය නවත්වනවා .තරහා හිතේ තියෙනවා .ඒ හිතේ තියෙන තරහා පොළඹවනවා සෝෂල් මීඩියාස් හරහා උඹේ තරහ කාරයා ගැන හොයන්න .
    පස්සේ ඌ හිනා වෙගෙන ෆන් එකේ ඉන්න ස්ටේටස් ෆොටෝස් වර්තමානෙදි දකිද්දි උඹට තියෙන තරහා වැඩි වෙනවා සහ උඹට උඹ ගැන දුකක් ඇති වෙනවා .
    ගොඩාක් එවුන් කරන දෙයක් තමා තව එකෙක්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් එක්ක තමන්ගේ රියල් ලයිෆ් එක කම්පෙයාර් කරන්න යන එක .ඒක කොහොමත් දුකක් තමා .මොකද ෆේස්බුක් එකේ ලොජික් එක තම තමන්ට වඩා අනෙක් අය ඉන්නේ සතුටින් .

    :yes::yes::yes: