ඔබේ රුධිර වර්ගය කුමක්ද

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ඔබේ රුධිර වර්ගය කුමක්ද

    ►►ඔබේ රුධිර වර්ගය කුමක්ද???◄◄

    O+
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 37කගේ රුධිර වර්ගය O+ වේ.
    •O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: O+ O-
    •O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ O+ A+ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

    O-
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 6කගේ රුධිර වර්ගය O- වේ.
    •O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි වන්නේ O- රුධිර වර්ගය පමනි.එනම් අවාසනාවන්තම රුධිර වර්ගය වේ.
    •O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක(සර්ව දායකයා).

    A+
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 34 කගේ රුධිර වර්ගය A+ වේ.
    •A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: A+ A- O+ O-
    •A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ A+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

    A-
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 6 කගේ රුධිර වර්ගය A- වේ.
    •A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: A- O-
    •A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ A+ A- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

    B+
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 10 කගේ රුධිර වර්ගය B+ වේ.
    •B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: B+ B- O+ O-
    •B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

    B-
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 2 කගේ රුධිර වර්ගය B- වේ.
    •B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: B- O-
    •B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ B+ B- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

    AB+
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 4 කගේ රුධිර වර්ගය AB+ වේ.
    •AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග ලබා ගත හැකිය(සර්ව ප්‍රතිග්‍රාහකයා).එනම් වාසනාවන්තම රුධිර වර්ගය වේ.
    •AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ට පමනි.

    AB-
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් එක් පුද්ගලයෙකුගේ රුධිර වර්ගය AB- වේ.
    •AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: AB- A- B- O-
    •AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.
     
    • Like
    Reactions: nimal2011

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    images
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    AB+


    AB+
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 4 කගේ රුධිර වර්ගය AB+ වේ.
    •AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග ලබා ගත හැකිය(සර්ව ප්‍රතිග්‍රාහකයා).එනම් වාසනාවන්තම රුධිර වර්ගය වේ. :love::love::love::love::love:


    •AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ට පමනි.
    :baffled::dull::(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    o+

    මචන් මෙහෙම පොතේ තිබුනට ලේ දෙන්න ගියාම මෙහෙම කරන්නේ නැහැ..O+ කෙනාට දෙන්නේ O+ විතරමයි..ඇත්තටම අර විදියට දෙන්න බැරි කමක් නැහැ..ඒත් මචන් මේ + හො - බවෙන් දක්වන්නේ අපේ තියෙන රීසස් සාධකය කියන එක..ඕක +,- මාරු කරල දුන්න ගමන් ඇඟ ඇතුලේ ඒ කියන්නේ රුධිර නාල වල එක යුද්ධයක් පටන් ගන්නවා..හි‍ටු කියලා දෙන රුධිර සාම්පල වසා සෛල මඟින් බිඳ හෙලන්න ගන්නවා.ඒ කෑලි බෑලි රුධිර කේෂනාලිකා වල හිර උනාම (මොළයේ වගේ) දෙවියන්ගෙම පිහිට තමයි...ඒකෙන් වෙන්නේ පැයකින් මැරෙන්න ඉන්න මිනිහව පැය කාලකින් (විනාඩි15කින්) මරනවා වගේ වැඩක්..ඒනිසා රුධිර පාරවිලයනයකදී ඒ පුද්ගලයාට අදාල රුධිර වර්ගය විතරමයි දෙන්නේ..එතකොට ඇතිවෙන්න තියෙන අතුරු ආබාධ සෑහෙන්නම අඩුයි..පොතේ තියෙන විදියට පොතේ විදියට කරන්න ගියාම සීන්..
    මේ නූල වටිනවා කොහොම උනත් තමන් තමන්ගේ රුධිර ගණයට අදාල යාළුවෝ 3න් 4ර දෙනෙක් වත් දැන අදුනන් ඉන්න එකෙ කියන්න බැරි තරම් වටිනවා..ලේ ඕන උන වෙලාවකට ඒක සෑහෙන්නම දැනෙයි..මිනිස්සු බයයි..නොදන්න ලේ ගන්න.ඒඩ්ස් වගේ දේවල් තියෙන නිසා..ඇත්තටම ලේ ගන්නවට වඩා දන්න අදුනන අයගෙන් සුවර් අයගෙන් ගන්නවා නම් හිතටත් හොඳයි..අන්තිමට අර වගේ ලෙඩක් හැදුනොත් මිනිස්සු කියන්නේ නැහ එ අනේ ඔය මනුස්සයට ලේ වලින් ආපු ලෙඩක් කියලා..."අපෝ...ඕකාද...ඕකා හෙමිජ්ජා වගේ ඉන්න ගමන්....%$#@&*......අපි නොදන්න මිනිහා...."
    ඒ වෙලාවට ඊට හොඳයි මැරිලා යනවා නම් කියලා කියපු මිනිස්සුත් ඉන්නවා...ළමා රෝග විශේෂ්‍ය..කාමලිකා කියන්නේත් ඒ වගේ මේ රටට අහිමි වීගිය කෙනෙක්..

     
    Last edited:

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    A+:love::love::love:
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 34 කගේ රුධිර වර්ගය A+ වේ.
    •A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: A+ A- O+ O-
    •A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ A+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.