ඔබේ විවාහය සුවබර මල් යහනාවක්‌ ද... වේදනා බර ක

sika2

Well-known member
  • Nov 15, 2013
    3,713
    2,588
    113
    නිධානයක් උඩ
    ඔබේ විවාහය සුවබර මල් යහනාවක්‌ ද... වේදනා බර ක

    ඔබේ විවාහය සුවබර මල් යහනාවක්‌ ද...
    වේදනා බර කටු ඔටුන්නක්‌ ද...
    - ප්‍රවීණ ජ්‍යෙdතීර්වේදී කිවිපති ආචාර්ය පියසේන රතුවිතාන



    සාමාන්‍යයෙන් ජන්ම කේන්ද්‍රයක 7 වන කොටුවෙන් තමයි විවාහය ගැන කියවෙන්නේ. විවාහයේ කාරක ග්‍රහයා තමයි සිකුරා... ඒ අනුව යම්කිසි කෙනකුගේ ජන්ම කේන්ද්‍රයේ හත්වන කොටුවත් හත්වැන්නට අධිපති ග්‍රහයාත් විවාහ කාරක ග්‍රහයා වන සිකුරුත් කේන්ද්‍රයේ යහපත් ස්‌ථානවල පිහිටලා තියනවා නම් එයාට ඒ තුනෙන් එක ශුභ දශාවක්‌ උදාවූ කල නිසි පරිදි ගැලපෙන විවාහයක්‌ සිදු කෙරෙනවා. සාමාන්‍යයෙන් පින් කරල තියන අයගේ භද්‍ර යෞවන කාලයේදී ඔවුන්ට සෙනසුරු, රාහු, කේතු වගේ නරක දශාවන් උදාවන්නේ නැහැ. එහෙම උදා වුණොත් සාමාන්‍යයෙන් ඔවුන් අවාසනාවන්තයි කියලා කියවෙනවා. එහෙම වුණත් ඒ දශාවල් ඇතුළේ තියන හොඳ අතුරු දශාවකදී ඔවුන්ගේ වුණත් විවාහයක්‌ සිදුවිය හැකියි.

    දැන් බලන්න... අපි පාරට බැහැලා ගමනක්‌ යනකොට අපේ ඇස යොමු වෙන කාන්තාවෝ තරුණියෝ කොච්චර ඉන්නවද? සමහරුන් වෙත දුටු මතින් හිත ඇදී යනවා. ඒ අය අපට සංසාරයේ කොහේදී හෝ තැනක හුරු පුරුදු අය. සමහරවිට ඒ අය සංසාරයේ යම් විටකදී අපේ බිරින්දෑවරු වෙලා ඉන්නත් ඇති. ඒ වගේ බිරිඳ වෙලා හිටපු හුරු පුරුදු අය කොතෙකුත් ඉන්නවා. ඔන්න ඔය අතරේ අපේ ජන්ම කේන්ද්‍රය අනුව හිමිකමක්‌ තියන ඉරණම් කාරියක්‌ කොතනක හෝ තැනක ඉන්නවා. සංසාරයේ පුරුද්ද හා ඉරණම ගැන කියන්න මම හරි අපූරු කතාවක්‌ කියන්නම්කෝ.

    මම ඒ කාලේ, ඒ කිව්වේ ගජ ඉලන්දාරියා කාලේ මමත් හාද වෙලා හිටියා මගේ හිත ඇදිල ගිය තරුණියක්‌ එක්‌ක. එයත් මම වැඩ කරන තැනමයි. එතකොට මම මේ ජ්‍යෙdතිෂය ගැන මළපොතේ අකුරක්‌වත් දන්නේ නැහැ. මම ඉතින් හිතුවා මෙයා තමයි මට ගැලපෙන්නේ. මෙයාවම තමයි මම බඳින්න ඕන කියලා.

    ඔහොම ඉන්නකොට ඔය කතාව ආරංචි වුණා අපේ තාත්තලාට. එයාලා කලබල වෙලා මට මඟුල් තුලාවක්‌ හොයන්න පටන් ගත්තා. කපු මහත්තයෙක්‌ මාර්ගයෙන් හොයා ගත්ත ඒ මනමාලි බලන්න මටත් යන්න සිද්ධ වුණා දෙමව්පියොත් එක්‌ක.

    මම කල්පනා කළා... ගියාට කමක්‌ නැහැ... මම දෙන්නම්කෝ හොඳ ලණුවක්‌ මාව එක පාරටම එපා වෙන්න කියලා... ඇයි... මට ඕන අර මම සම්බන්ධ වෙලා හිටපු ළමයවම බඳින්නනේ.

    ඉතින් අපි ඒ ගෙදරට ගියා. ගිහිල්ලා මම කිව්වා යෝජනාවට කැමතිද අකමැති ද කියලා බලන්න ඔක්‌කොටම කලින් මට මනමාලි එක්‌ක තනිවම ටිකක්‌ කතා කරන්න ඕන කියලා.

    මුලදී ඒ ගෙදර අය කිව්වා එහෙම සිරිතක්‌ නැහැ කියලා. නමුත් පසුව ඒකට අවස්‌ථාව දීල එයාලා මඟ ඇරියා.

    හමුවුණ පළමු අවස්‌ථාවෙම මම කිව්වා කපු මහත්තුරු මම ගැන මොන මොනවා කියල තියනවාද මම දන්නේ නැහැ. නමුත් මට තියනවා මම ගැන කියන්න විශේෂ කාරණා තුනක්‌. අන්න ඒවාත් ඇහුවට පස්‌සේ කැමැති නම් අපි බඳිමු කියලා.

    මම හිතුවා මම කියන්න යන කාරණා තුන කිව්වාට පස්‌සේ එයා පස්‌ස බල බල දුවාවි කියලා.

    මම ඉස්‌සර වෙලාම කිව්වා කපුවෝ මම ගැන මොනව කිව්වත් මට ඇති දෙයක්‌ නැහැ. මට තියෙන්නේ මේ දැන් ඇඳන් ඉන්න ඇඳුමයි තව එක ඇඳුමකුයි විතරයි කියලා. දෙවන කාරණාව විදියට මම කිව්වා මට ඔය දර පොල්කොළ හොයන්න කඩේ යන්න උයන්න උදව් කරන්න නම් බැහැ. හාල් පරිප්පු ගේන්නත් බැහැ. ඒවා තනිවම කරගන්න වෙයි කියලා. තුන්වන කාරණය විදියට කිව්වා මම හැමදාම හොඳටම මත්පැන් බොනවා... මට හැමදාම බීල රෑ වෙලා ගෙදර එන්න අවසර තියෙන්න ඕන කියලා. ඇත්තටම මම බොන්නේ නැහැ. ඒත් මම හිතුවා ඕවා කිව්වාම මේ වැඩේ එතනින්ම ඉවරවේවි කියලා.

    මේවාට කැමැති නම් ඔන්න ලියමනක්‌ එවන්න. කැමැති නම් අපි බඳිමු... නැත්නම් මේක අමතක කරමු කියලා මම ගෙදර ආවා.

    ටික දවසකට පස්‌සේ මට ඔන්න ලියුමක්‌ ආවා... දැනට ඔය ඇඳුම් දෙක හොඳටම ඇති. පහුවෙලා අපි ඇඳුම් ටිකක්‌ ගමු. දර පොල්කොළ, හාල්, පොල්, තුනපහ හොයන එකයි කඩේ යන එකයි මමම කරන්නම් කියලා. තුන්වන කාරණාව වන බීම ගැන තමයි අපූරුම කතාව කියලා තිබුණේ.

    බීම නම් හොඳ නැහැ. පුළුවන්නම් අපි එකතුවෙලා බීම මඟහරින්න බලමු. බැරි නම් ඉතින් දෙන්නම එකතුවෙලා බොමු කියලා තිබුණා... ඔන්න වෙච්ච දේ... ඒ ඉස්‌කෝලේ හාමිනේ තමයි අද මගේ දරුවන්ගේ අම්මා. ඒකයි මම කිව්වේ පෙර සංසාරේ පුරුද්ද කොච්චර තිබුණත් ඉරනම්කාරි වෙන කෙනෙක්‌ වෙන්නත් පුළුවන් කියලා.


    සංසාර පුරුද්ද කොපමණ තිබුණත් කවුද ඉරනම්කාරයා කවුද ඉරනම්කාරිය කියල බලාගන්න පුළුවන් වෙන්නේ ජ්‍යෙdතිෂයෙන්. හැබැයි අපේ අය හුඟක්‌ දෙනෙක්‌ බලන්න පුරුදු වෙලා තියෙන්නේ වැරදි ක්‍රමයට. මෙයාලා කරන්නේ පොරොන්දම් ගලපලා ගැලපෙනවද නැද්ද කියලා හොයනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රමයක්‌.

    පොරොන්දම්වලින් ගැලපෙනව ද බලන්න කලින් කේන්ද්‍රය හොඳට විමසලා බලලා තවත් විශේෂ කාරණා කීපයක්‌ම බලන්න තියනවා. ජ්‍යෙdතිෂය තුළින් ඒවා අපූරුවට බලන්න පුළුවන්.

    ඉස්‌සෙල්ලම බලන්න ඕන ඒ කෙනාගේ මානුෂිකත්වය. ඊළඟට බලන්න ඕන කාරුණිකත්වය. ඊළඟට බලන්න ඕන සර්ව සාධාරණත්වය කියන කාරණාව. ඒ වගේ දෙවැන්නකුට ගරු කරනවාද, තව කෙනකුට ඇහුන්කන් දෙනවාද, බිරිඳක්‌ පෝෂණය කරන්න ශක්‌තියක්‌ තියනවාද, පුරුෂ ශක්‌තියෙන් හෙබි නිරෝගී පුද්ගලයෙක්‌ ද, හිරබන්ධන නඩුහබවලට පැටලීමේ යෝග තියනවාද? දරුඵල තියනවාද? බහු විවාහ යෝග එහෙම තියනවාද, ගේදොර ඉඩකඩම්වලට උරුම ශක්‌තියක්‌ තියෙනවාද කියන කාරණා ගණනාවක්‌ම බලන්න ඕන.

    සම්පූර්ණ ලිපිය http://coolhint.blogspot.com/2013/03/blog-post_6125.html