ඔබේ හිසේ කැක්කුමට හේතුව ඔබම සොයාගන්න !
හිසේ කැක්කුම යනු කුමක්ද ?
හිසේ කැක්කුම යනුවෙන් අදහස් කරනුයේ හිසේ හෝ ගෙලහි උඩ කොටසෙහි ඇති වන වේදනාවයි. අපට බහුලවම ඇතිවන වේදනාවලින් එක් වේදනාවක් වන මෙය සඳහා හේතු රාශියක් පවතී.
හිසේ කැක්කුමට හේතු මොනවද ?
මේ සඳහා හේතු ගණනාවක් පවතින අතර ඒවා පහත ආකාරයට බෙදා දැක්විය හැක.
මුලික හිසේ කැක්කුම් වර්ග
1. ටෙන්ශන්( Tension type headache)
2.ඉරුවා රදය ( Migraine type headache)
3.ක්ලස්ටර් හෙඩෙක්( Cluster type headache )
ටෙන්ශන් ( Tension type headache)
ඉතා බහුලවම දක්නට ලැබෙන හිසේ කැක්කුම් වර්ගයයි. වැඩිහිටි 90% පෙලෙනුයේ මෙම වර්ගයේ හිසේ කැක්කුමෙනි
ඉරුවාරදය ( Migraine type headache)
දෙවනුවට බහුලව දක්නට ලැබෙන හිසේ කැක්කුම් වර්ගයයි.කරන ලද සමීක්ෂන වර්තාවලට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පමනක් මිලියන 28 ක පිරිසක් මෙම ඉරුවාරදයෙන් පෙළේ . එය මුලු ජනගහන්යෙන් 12 % ක ප්‍රමානයකි.ඉරුවාරදයෙන් කුඩා ළමුන් මෙනම වැඩිහිටියන්ද පෙලේ.වැඩිවියට පත් වීමට කලින් ගැහැනු සහ පිරිමි යන දෙපාර්ශවයම සම ලෙස ඉරුවාරදයෙන් පෙලෙන අතර වැඩිවියට පැමිනිය පසුව වැඩි වශයෙන් ගැහනු පාර්ශවය ඉරුවාරදයෙන් පෙලේ
ක්ලස්ටර් ( Cluster type headache )
මෙය එතරම් බහුලව දක්නට නොලැබෙන වර්ගයේ හිස රදයකි.මෙම වර්ගයේ හිස රදයෙන් බහුලව පෙලෙන්නේ අවුරුදු 20 ට වඩා වැඩි පිරිමි පාර්ෂවයයි. නමුත් මෙය කුඩා ළමුන් සහ ස්ත්‍රී පාර්ශවය අතරත් දැකිය හැක
ඉහතින් දැක්වු සියලුම හිසරදයන් වර්ග එදිනදා කටයුතු වලට බාධාවක් වුවත් එමගින් ජීවිතයට හානියක් සිඳු නොවේ
මින් අදහස් කරනුයේ හිසතුල හෝ ගෙලෙහි පවතින ඉන්ද්‍රියන් තුල පවතින කිසියම් ලෙඩ රෝගයක රෝග ලක්ෂනයක් ලෙස හිසරදය ඇතිවීමයි
ගෙදරදී ප්‍රතිකාර කරන්නේ කෙසේද?
ඔබට පවතින්නේ ඉරුවාරදයේ ආකාරයේ හිසරදයක් නම්,පහත සදහන් කරුණු අනුගමනය කරන්න.
ඔබට පහත සඳහන් ආකාරයේ ඖෂධයක භවිතා කල හැක.
පහත ලක්ෂන ඔබට ඇත්නම් වහාම වෛද්‍ය වරයෙක් හමු විය යුතුය.මන්ද මෙම රොග ලක්ෂන වලින් අග වන්නේ කිසියම් දරුණු තත්වයක් බැවිනි

- වෙනත් හේතුවක් නොමැතිව එම රෝගය නිසාම ඇති වන හිසේ කැක්කුම

- වෙනත් හේතුවක් නිසා ඇතිවන වන හිසරද
මින් අදහස් කරනුයේ හිසතුල හෝ ගෙලෙහි පවතින ඉන්ද්‍රියන් තුල පවතින කිසියම් ලෙඩ රෝගයක රෝග ලක්ෂනයක් ලෙස හිසරදය ඇතිවීමයි
- මොළය තුලට විෂබීජ ඇතුලු වී අසාධනය වීම ( Meningitis , Encephalitis , brain abscess )
- මොළය තුල පිළිකා තත්වයක් ඇතිවීම ( Brain tumor )
- මොළයතුලට ජලය පිරීම (Hydrocephalus )
- මොළයතුලට රුධිර වහනය වීම.( Intracranial hemorrhage )
- අධික ලෙස රුධිර පීඩනය ඉහල යාම. (Malignant hypertension)
ගෙදරදී ප්‍රතිකාර කරන්නේ කෙසේද?
ඔබට පවතින්නේ ඉරුවාරදයේ ආකාරයේ හිසරදයක් නම්,පහත සදහන් කරුණු අනුගමනය කරන්න.
- වැඩිපුර ජලය පානය කරන්න එමගින් ඔබ විජලනය වීම වලක්වයි, විශේෂයයෙන්ම ඔබට වමනය පවතින්නේ නම් .
- කළුවර කාමරයකට වී නිදහසේ සිටින්න.
- ඔබේ හිසට සීතල රෙදී කැබැල්ලක් තබා ගන්න.
- ලිහිල් වීමේ ක්‍රම අනුගමනය කරන්න
- ඊට අමතරව ඔබගේ වෛද්‍ය වරයා ඔබට නිර්දේශ කල ඖෂධ බීමට ගන්න.
ඔබට පහත සඳහන් ආකාරයේ ඖෂධයක භවිතා කල හැක.
- පැරසිටමෝල් (Paracetamol)
- ඉබූයොප්‍රොෆෙන් (Ibuprofen )
- ඇස්පිරීන් (Aspirin )( කුඩා ළමුන් සඳහා සුඳුසු නොවේ )
පහත ලක්ෂන ඔබට ඇත්නම් වහාම වෛද්‍ය වරයෙක් හමු විය යුතුය.මන්ද මෙම රොග ලක්ෂන වලින් අග වන්නේ කිසියම් දරුණු තත්වයක් බැවිනි
- ඔබගේ ජීවිතයට ප්‍රථම වතාවට ඉතා අධික ලෙස හිසේ කැක්කුම දැනී එය ඔබගේ එදිනදා කටයුතු වලට බාධා පමුණු වන්නේ නම්.
- ඉතා තද හිසේ කැක්කුම ක්ශනිකව පැමිනෙන්නේ නම්
- හිසේ කැක්කුමට අමතරව , කතා කිරීමේ අපහසුවක් ( ගොතගැසීම ),පෙනීමේ දුර්වල තාවක් ,
- ඔබේ අත් පය සෙලවීමේ අපහසුවක් පවතී නම්.
- මතකය නැතිවීමක් පවතී නම්.
- උණ,බෙල්ලේ තද ගතිය,වමනය,ඔක්කරය පවතී නම්.
- හිසේ කැක්කුම ඇතිවුවේ හිසට ඇතිවු අනතුරකට පසුව නම්.
- ඔබට පිළිකා තත්වයක් තිබියදී හිසේ කැක්කුමක් ඇති වුයේ නම්.