ඔබේ cv එක සැකසීමේදී සැලකිය යුතු කරුණු

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔබේ cv එක සැකසීමේදී සැලකිය යුතු කරුණු

    අද ගොඩක් අය අහන දෙයක් තමයි හොඳ cv එකක් හදා ගන්නේ කොහොමද කියල. මම ගොඩක් ත්රෙඩ්ස් දැකල තියනවා මේ ගැන. ඉතින් මම හිතුව මමත් පොඩි උදව්වක් කරන්න ඕන කියල. තමන්ගේ cv එක හදාගන්න මේ උපදෙස් ටිකත් කියවන්න. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියවන කෙනාගේ හිතට වදින විදිහට cv එකක් හදන විදිහ.

    1. අනවශ්‍ය ලෙස cv එක දික් කරන්න හදන්න එපා. වල්පල් ඇතුලත් කිරීමෙන් වෙන්නේ cv එක කියවීම එපා වීම සහ ඔබ විසින්ම ඔබව මෝඩයෙක් ලෙස පෙන්වීම පමණයි.

    2. පිටු ගණන හෝ කඩදාසි ගණන හෝ අඩු කිරීම සඳහා ෆොන්ට් එක කුඩා කරන්න එපා. නැති කරගන්නේ කඩදාසියක් ද ජොබ් එක ද කියල හිතන්න.

    3. අනවශ්‍ය ලෙස ෆෝමැට් කරන්න එපා. සමහර cv තියනවා තොරණක් වගේ පාට පාට, එක එක සයිස් අකුරු, මෙලෝ දෙයක් පැහැදිලි නෑ. ගොඩක් වෙලාවට අහකට විසි වෙනවා. මොකද ඕව කියවන අයට පින්තුර ප්‍රහේලිකා පුරවන්න වෙලාවක් නෑ.

    4. පොඩි ටියුෂන් ක්ලාස් වලින් ගත්තු හයර් ඩිප්ලෝමා ගැන කියන්න එපා. ඔබ විහිළුවක් වෙනවා විතරයි.

    ඊළඟට

    වාක්‍යයක් පටන් ගන්න ඕන පොසිටිව් හෙවත් ධනාත්මක වචන වලින්. උදාහරණ:


    introduced, initiated, increased, improved, established, developed, negotiated, created, pioneered, delivered, reduced, saved

    ඔබේ ජයග්‍රහණයන් ගැන වැඩිපුර කියන්න. වගකීම් අඩුවෙන් කියන්න. උදාහරණ:


    awards won, products launched, sales increase,

    එහෙත් ඔබ වග කී නිලධාරියා, ඔබ පාලනය කල පිරිස් ආදිය සඳහන් කරන්න.

    Reported to the CEO and led a total team of 200 with seven direct reports


    ඔබට උපාධියක් හෝ වෙනත් උසස් අධ්‍යාපන සුදුසුකමක් ඇත්නම් ඒ ගැන ප්‍රමාණවත් විස්තරයක් සපයන්න.
    වෘත්තීය සුදුසුකම් ගැන ප්‍රමාණවත් විස්තරයක් කරන්න. මෙය ඉතා වැදගත්. ඔබේ විනෝදාංශ ගැන කියනවාට වඩා මෙය ට ඉඩ වෙන් කිරීම ප්‍රයෝජනවත්.

    ඔබම සාදා ගත් වාක්‍ය යොදා ගැනීම වඩා උචිත වේ. බොහෝ දෙනා නැවත නැවත යොදාගන්නා යෙදුම් වලින් සිදු වන්නේ ඔබ සාමාන්‍ය අයෙක් බවට පත් වීමයි.

    විශේෂයෙන්

    hard-working team player with excellent communication skills,

    I am a highly motivated individual with exceptional communication skills and the ability to work under pressure to produce results under tight deadlines.


    වැනි යෙදුම් වෙනුවට වෙනස් ආකාරයකින් හිතන්න. මොකද මේවා මා දන්නා තරමින් ලොව වැඩිම වාර ගණනක් cv වල භාවිත වන යෙදුම් ය.

    ඔබ මීට පෙර සේවය කර ඇති ස්ථාන ගැන කියන විට ඒ ගැන ඉතාම කෙටි හැඳින්වීමක් කරන්න. මක් නිසාද යත් එම ස්ථාන හැම දෙනාම නොදන්නවා විය හැකිය.

    ඔබේ cv එක
    වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් උදව්වක් කල හැකිය.:D අලුතෙන් ලිවීමට නම් අසීරු ය. සීමිත ප්‍රමාණයක් පමණයි. මෙය එළකිරි සාමාජිකයන් ගේ යහපත පිණිස කරන උදව්වක් පමණි.:D

    The Economist
    සඟරාව මේ සඳහා උදව් කර ගත්තෙමි.
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Thanks machan +++
    11.gif
     
    • Like
    Reactions: adult.junior

    proxact

    Member
    Nov 13, 2011
    37
    2
    0
    ගොඩක් වටිනා ලිපියක් යාළුවා. උදාහරණයක් විදිහට CV එකක් දෙන්න පුළුවන් නම් තවත් වටිනාකම වැඩි වේවි.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ගොඩක් වටිනා ලිපියක් යාළුවා. උදාහරණයක් විදිහට CV එකක් දෙන්න පුළුවන් නම් තවත් වටිනාකම වැඩි වේවි.
    එකක් දාන්න නම් පුළුවන්. එත් හැමෝම එක ගත්තොත් ආයෙම එකම දේ වෙනවා. ඒකයි මම කිව්වේ cv ලියන්න, හදල දෙන්නම් කියල. පුළුවන් වුනොත් පස්සේ ඊබුක් එකක් දෙනවා. දැන් හොයන්න අමාරුයි. අප්ලෝඩ් කරන්නත් ඕන.