ඔබ තෝරාගත් දිනය අද බව දන්නේ ඔබය

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    140730313_3704798422907481_5314123469006367680_n.jpg


    ඔබ අකාලයේ නික්මුණු බව පවසන්නේ අපය..
    නමුත් ඔබ තෝරාගත් දිනය අද බව දන්නේ ඔබය...
    හේතු දහසක් මවන්නේ අපය..
    එකම නිවැරදි හේතුව දන්නෙ ඔබය..

    ඉවසන්නට තිබූ බව පවසන්නේ අපය..
    ඉවසූ තරම දන්නේ ඔබය..
    ලස්සන, දක්ෂයෙකු දුලබ අයෙකු වන්නේ අපටය..
    දුලබ මිනිසා නුදුටු මිනිසා ඔබය..

    ආදරය ඔබට සුලබ යැයි සිතන්නේ අපය..
    ඔබට අවැසි කවුරුන්ද යන වග දන්නේ ඔබය..
    කාට හෝ පවසන්නට තිබූ බව සිතන්නේ අපය..
    ඇසිය යුතු කෙනා ඇසුවාදැයි දන්නේ ඔබය..

    ඔබ රැක ගැනීමට තිබූ බව සිතන්නේ අපය..
    එසේ නොසිතූ කෙනෙකු සිටි නොසිටි වග දන්නේ ඔබය..
    ඔබ ශක්තිමත් නැතැයි සිතෙන්නේ අපටය..
    ඔබ මීට වඩා දේ දරාගත් අවස්ථා දන්නේ ඔබය..........

    -උපුටා ගැනීමකි -