ඔබ දන්නවද....?

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මේ නියම ඔබ දන්නවද....?
    1 ලෝරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය→
    සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.
    2 ඇන්තනිගේ කම්මල් නියමය→
    ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.
    3 කොවෑක්ගේ න්‍යාය→
    වැරදි නොම්මරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.
    4 කැනන්ගේ කර්මවාදය→
    අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.
    5 ඕ බ්‍රයන්ගේ විචලන නියමය→
    ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.
    6 බෙල්ගේ නියමය→
    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.
    7 රූබිගේ සමාසද සිද්ධාන්තය→
    ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.
    8 විලොබීගේ නියමය→
    ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.
    9 සැන්ඩ්‍රාගේ ජීවමිති නියමය→
    කැසීමේ සැරබව, අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.
    10 බ්‍රෙඩාගේ නීතිය→
    සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.
    11 ඕවන්ගේ නියමය→
    උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.
    12 වූලිගේ නියමය→
    ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.

    FB eken gatte>>>>