උපාසකයකු සිල්වතකු වන්නේ කෙසේදැයි වරක මහානාම ශාක්‍ය රජුට බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කල සේක.
“මහානාම, යම් තැනක පටන් උපාසක තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයන්හි වැරදි හැසුරුමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේවෙයිද, පමාවට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙයිද, මහානාම, මෙපමණකින් උපාසක තෙම සිල්වතෙක් වෙයි.”
ගිහි උපාසකයාගේ නිත්‍ය ශීලය මේ පංචශීලය වෙයි. පංචශීලය සම්බන්ධයෙන් ඕනෑ තරම් ඔබ අසා ඇතුවාට සැක නැත. මේ පංචශීලය ගිහියකුගේ උපත නැවැත්වීමට උපකාර වන්නේ කෙසේ ද යන්න කෙටියෙන් විමසා බලමු.
සතකු උපදින්නේ කර්මය නිසාවෙනි. මෙනිසා උපදින සියළු සත්වයෝ කර්මය දායාද කර ඇත්තෝ යැයි බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. කර්මය යනු ක්‍රියාව ලෙසින් සරලව ගත හැක. කර්මයෝ දෙයාකාර වෙති. ඒ කුසල් සහ අකුසල් ලෙසිනි. බුදුරජාණන්වහන්සේ කර්මය ලෙසින් සලකන්නේ චේතනාව ය. නිබ්බෙධික පර්යාය සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කරයි.
“මහණෙනි, සිතීම කර්මය යයි මම කියමි. සිතා කයින් හෝ, වචනයෙන් හෝ, සිතින් හෝ කර්මය කරයි.”
කර්මය මේ භවයේදී නැත්නම් මීලඟ භවයේදී හෝ වෙනත් කුමන හෝ භවයකදී ඵල දෙයි. එකී විපාකය සඳහා ඉපැදීම සිදු වේ. කර්මයක් කිරීමට මුල් වන්නා වූ සිතුවිලි ප්‍රධාන වශයෙන් 6 කි. ඒ අකුසල් මූලික සිතුවිලි හා කුසල් මූලික සිතුවිලි ය. ඔබ පංචශීලය ගැන අවධානය යොමු කලහොත් එහිදී ඔබ වැලකෙන ක්‍රියා වැලකීමක් නැතිව කරන්නේ නම් ඒ ක්‍රියා කිරීම සඳහා අකුසල් මූලික සිතුවිලි බලපාන බව පෙනී යනු ඇත.
නිදසුනකට ප්‍රාණඝාතයෙන් වැලකීමේ සිල්පදය ගන්න. සත්ව හිංසාවෙන් තමුන් වැලකී, අනුන්වද වලකා සත්ව හිංසාවේ යෙදෙන්නවුන් ද හෙලා දැකීමෙන් ප්‍රාණඝාතයෙන් වැලකීම සිදු කරයි. සතකුට හිංසා කිරීම සඳහා එක්කෝ ද්වේශය තිබිය යුතු ය. නැත්නම් ලෝභය තිබිය යුතු ය. ඒත් නැත්නම් මෝහය තිබිය යුතු ය. මේ සිතුවිලි සහිතව ඔබ කරන ක්‍රියාවකින් සිදු වන්නේ අකුසලයකි. දැන් ඔබ ඒ ක්‍රියාවෙන් වැලකුන විට අකුසල ක්‍රියාව සිදු වන්නේ නැත. එවිට ඒ කර්මය නැති නිසා එය විපාක දීමේ අවස්ථාව නැති වෙයි. එනම් ඒ සඳහා ජාතියක් ඇතිවීමේ අවස්ථාව වැලකෙයි. අනෙක් සිල් පද ආරක්ෂා කිරීමෙන් ද මේ තත්ත්වය ඇති වේ.
උපත නැති කිරීමේ මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බව සමහරක්විට ඔබ අසා ඇතුවා වන්නට ඇත. සීල, සමාධි, ප්‍රඥා ලෙස ඒ මාර්ගය අංග තුනකින දක්වයි. ඔබ අවබෝධයෙන් යුතුව සිල් ආරක්ෂා කරද්දී නිසඟයෙන් ම සමාධිය සහ ප්‍රඥාව වැඩේ.
කෙසේවෙතත් මෙහිදී සිහි තබා ගත යුතු කරුණක් වේ. අන්‍යාගාමිකයකුට වුවද සිල් රැකිය හැක. නමුත් එකී සීලය නිවන සඳහා මෙහෙයවිය හැක්කේ බුදුරජාණන්වහන්සේ දේශනා කල මාර්ගයෙන් පමණි.