ඔබ නිදහස්ද ????????????

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මත්ද්‍රව්‍ය හා මත්පැන්



    මොළයේ ක්‍රි‍යාකාරිතවය කෙරේ බලපාන සහ මොළයේ සාමාන්‍ය මානසික ක්‍රියාකාරිත්වය වෙනස් කරන ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලෙස හැඳින්වෙයි.දිනපතා අපි භාවිතා කරන තේ,කෝපි සහ කොකා කෝලාවල කැෆේන්අන්තර්ගතය.තවද සමාජීය වශයෙන් පිළිගනු ලබන දූම්කොළවල ද නිකොට්න් අඩංගුය.නීති විරෝධී මරිජුවානා හා දුඹුරු සීනි (පිරිපහදු නොකළ හෙරොයින්)වැනි දේවල් ද උද්‍රහරණ ලෙස දැක්විය හැක.පාලනයක් ඇතිව සීමිතව භාවිතා කරන ඛෙහෙත් ද්‍රව්‍යයන් වන මෝෆින් වැනි වේදනානාශකවල ද වෙයි.හෙරොයින් වලින් ලබා ගන්නා දෑ අඩංගුය.ෆාමසි වලින් ලබා ගන්නා වේදනා සමනක,සිත සන්සුන් කරවන සුළුඛෙහෙත් ද්‍රව්‍ය ද මෙම ගණයට අයත් වෙයි.


    මත්ද්‍රව්‍යවලට පුද්ගල ඇබ්බැහි වීම


    කිසියමි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම යන්නෙන් අදහස් වන්නේ වෛද්‍යමය,සමාජයීය හා නෛතික ප්‍රතිඵල කුමක් වුවද,ඒ ගැන නොතකා අදාළ මත්ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම භාවිතා කිරීමට යොමු වීමයි.අදාළ චර්යා වෙයි නියැලීම අනිවාර්ය යන හැඟීම,චර්යාව පාලනය කර ගැනීමට ඇති හැකියාව හීන වීම, චර්යාව නැවැතැවු විට ඇතිවන සිත් ‍වීදනාව හා එම චර්යාව නිසා අයහපත් ප්‍රතිඵල උද්ගත වන බව සනාථ කෙරෙන සාක්ෂි තිබුණ ද,දිගින් දිගටම එම චර්යාවෙහි නිරත වීම ඇබ්බැහි වීමේ මෙහි ප්‍රධානතම ලක්ෂණයකි.දුම් නොබොන මිත්‍රයන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ විරුද්ධත්වය නොතකා සිගරටි බීමට පුරුදු වූවෙකු මොවුන්ය.මෙවැනි ප්‍රශ්න ඇතිවන ආකාරයට මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතයට ඇබ්බැහි වූවන් සමාජය විසින් ලේබල් කිරීම සිදුවෙයි.එනම් බේබද්දා,කුඩුකාරයා,සිගරටි පිස්සා ලෙසයි.



    සහිෂ්ණුතාවය


    කිසියමි පුද්ගලයෙකු සිරිතක් වශයෙන් මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නට වූ කළ කායික ක්‍රියාවලියේ දී එම මත්ද්‍රව්‍යය ශරීරය තුළ රුඳි තිබීමට ඉඩ සැලසෙන පරිද්දෙන් ශරීරය ද අනුවර්තනය ද විම ආරමිභ වෙයි.එම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙි ප්‍රමාණය වැඩිවන තරමට ඒ සඳහා ශරීරය විසින් කරනු ලබන අනුවර්තනය ද විශාල වෙයි.මත්ද්‍රව්‍ය වලින් අපගේ මොළයේ ස්වභාවිකව නිපදවෙන ඇතැමි රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය අක්‍රිය කරවයි.ඒ අනුව මෙකී රසායනික ද්‍රව්‍යවල ස්වභාවික නිෂ්පාදන ප්‍රමාණය හා ක්‍රියාකාරිත්ව හැකියාව අනුක්‍රමයෙන් හීන වී යයි.ඒ හේතුව මත අදාළ මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයකින් හෝ ඉදහිට භාවිතයෙන් ලබා ගත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සදහා ඇබිබැහි වූවන්ට වඩාත් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් නිරතුරුව ම ගැනීම අවශ්‍ය වෙයි .මෙම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ කිසියමි මත්ද්‍රව්‍යයකට සහිෂ්ණුතාවය වර්ධනය වීම ලෙසින්ය.ඇතැමි මත්ද්‍රව්‍ය නිසා මිනිස් සිරුරෙහි සීඝ්‍රයෙන් සහිෂ්ණුතාවය වර්ධනය වෙයි.උදා-නිකොටින්,දුඹුරු සීනි,එමෙන් ම මත්පැන් වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙම ප්‍රතිඵලය ඇතිවනුයේ වඩාත් සෙමෙන්ය.
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මනස තුළ ඇතිවන බලපෑම්

    * මතක ශක්තියට හානි පැමිණීම.

    * සමීපූර්ණ සිහි බූද්ධියට හානි පැමීණීම.

    * කෙටි කාලීනව අමතක වන සූළු ගතිය.

    * විනිශ්චය හා තීරණවලට එළඹීමෙහි හැකියාවට බාධා පැමීණීම.

    * සංවෙදනාවන්ට බාධා පැමිණේ.

    * අභිප්‍රේරණ ගැටළු මතු වෙයි.

    * ආක්‍රමණශීලී ප්‍රවේගකාරී සිතුවිලි ඇති වීම.

    * තදින් කලබල වීම/නොසන්සුන්කම/නොරිස්සුමි ගතිය/ආවෙගශීලීත්වය/කෝපය හා තරහින් නිතර පසු වීම.

    * නින්දට බාධා ඇති වීම.

    * අදහස් විරහිත බව.

    * සිත එක එල්ලය තබා ගැනීමෙ අපහසුතාවය.

    * ඉචිඡාභංගත්වයට පත් වීම.

    * උත්සුක බව /මානසික පීඩනය /අවපාතය.

    * මානසික රෝග උද්ගත වීමේ අවධානය.

    * හුදකලා වීම ,දුරස් වීමට ප්‍රිය කිරීම.





    ශාරීරිකව ඇතිවන බලපෑම්

    * අක්මාව වකුගඩු හා මොළයට ආශ්‍රිතව ඇතිවන බලපෑම්.

    * හෘදය හා පෙනහලූ ආශ්‍රිත රෝග උදා,ස්වසන රෝග

    * ඒඩීස් හා සෙංගමාලය බී සහ සී වැළදීමෙ අවධානම.

    * අධ්‍යාතතිය.

    * ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වීම.

    * බඩගිනින /කෑම අරුචීය.

    * සිහි නැතිව යාමෙ හා මිය යෑමේ අවධානම.

    * තිගැස්ම.

    * විකාරයෙන් නන් දෙඩවිම.

    * ලිංගික අප්‍රාණිකත්වය.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මුදා ගැනීම


    කිසියමි මත්ද්‍රව්‍යයක් භාවිත කිරීම අනුක්‍රමයෙන් අඩු කිරිම හෝ එය භාවිතා කිරීමෙන් මුළුමනින්ම මුදා ගැනීම අත්හැර දැමීමට සැලැස්වීම යන්නෙන් අදහස් වෙයි.මෙම ක්‍රියාවලිය හා බැඳී පවත්නා මනෝ විද්‍යාත්මක හා භෞතික ලක්ෂණ මුදා ගැනීමෙහි ලක්ෂණ ලෙස අර්ථකතනය කළ හැකිය.මෙම ලක්ෂණ රඳා පවතින්නේ ඒ ඒ නියත මත්ද්‍රව්‍ය මතය.නිදසුන් ලෙස,දුඹුරු සීනි හා මත්පැන්වලින් වැළකී සිටීම නිසි උණ,සීතල,ගැස්ම,වමනය,මස්පිඩු පෙරළීම, හිසරදය,පාචනය හා තදබල වේදනා පහළ වීමට ඉඩ තිඛෙයි.ගංජා භාවිතය නැවැත්වීම නිසා නිනිදට බාධා ඇති වෙයි.එනම් නින්ද නොයාම,නපුරු හීන පෙනීම ආදියයි.තවද ආහාර අරුචිය,උද්දීපනය,ව්‍යාකූලතා,දහඩිය දැමීම,හැඩීම,උණ හා සීතල ද,අද්භූත හීන පෙනීම වැනි ලක්ෂණ පහළ වීමට ඉඩ තිඛෙයි.මත් ද්‍රව්‍යය භාවිතය නැවැත්වීම නිසා පැන නගින ලක්ෂණවල තීව්‍රතාව රදා පවතින්නේ සහිෂ්ණුතා මටිටම මතය.අඩු නිරීම හෝ නවත්තා දැමීම දිගින් දිගටම පවත්වා ගෙන යන විට නිශ්චිත කාලයක් තුළ ඉතා උග්‍ර අතට හැරී අනුක්‍රමයෙන් අඩුවී ගොස් අදාළ මත්ද්‍රව්‍යයේ බලය විරහිත වන විට ඒ අනුව ශරීරය යළි හැඩ ගැසෙන්නට පටන් ගනියි.ඒ අනුව මෙකී තීව්‍ර ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් සෙමෙන් අතුරුදහන් වී යයි.




    Drugs.jpg
     
    • Like
    Reactions: MAXPAYNE1

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    තවත් වටිනා thread එකක්.තොරතුරු බෙදා හදා ගත්තට ස්තූතියි

    Rep දෙන්න වෙන්නෙ පස්සෙ