ඔබ නොදන්නා බොහෝ දේ (අරගලය ගැන හොදම විග්‍රහය සහ රටේ අනාගතය)

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113

    හොදයි මගේ රත්තරන් යාලුවනේ අදත් මම ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් blog post එකක් ගෙනාවා.

    මේක මම ලියපු එකක් නොවුනට අරගලය ගැන මගේ මතයට ගොඩක් ලගින් යන නිසාත් ...

    එක වුනේ එහෙමයි නේද කියල මේක කියවල හිතන්න පුළුවන් නිසාත් ....

    රටේ අනාගතය යන අත මේක වෙයි කියල හිතන්න පුළුවන් නිසාත් ....

    මේක ගේනවේ ....

    ඔබ නොදන්නා බොහෝ දේ





    ලංකාව පිළිබඳව සිතීමට ලිවීමට මිඩංගු කල කාලය තුල මට තවත් පර්යේෂණ පත්‍රිකා 50ක් වත් CV එකට එක් කරගන්න තිබුණි. නමුත් ඒ ගැන මම කම්පා නොවෙමි. එහෙත් තව දුරටත් එයම කළහොත් අනාගතයේදී කම්පා වීමට සිදුවන බව මට පෙනෙයි.
    මගේ සියළු දැනුම සහ බුද්ධි තොරතුරු එකතු කර බලන විට මට පෙනෙන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේදී සිදු වූ එකම spontaneous සංසිද්ධිය අරගලයේ ඇරඹුම බවයි. එය එවකට පැවති පාලකයාගේ සහ සහචරයන්ගේ මුග්ධ ක්‍රියාන්විතය නිසාම ජනතාව පැවති රජයට එරෙහිව අවදිවූ විරෝධයකි. එය අවබෝධකරගෙන නායකත්වය සැපයීමට නොහැකිවීම ජවිපෙ ලද දරුණුම පරාජයකි.
    අරගලය ආරම්භ වූ පසු දේශපාලන බලවේග කිහිපයක් එහි ගාමක බලය අවබෝධ කරගෙන මුදල් පොම්ප කරන්න විය. ඉන් එක පුද්ගලයෙක් ඔබ කිසිවෙක් නොසිතන එවකට පාලන තන්ත්‍රයේ ප්‍රබල චරිතයක් විය. ඔහුගේ පළමු ඉලක්කය සාර්ථක වුවත් ඉන් පසු වුයේ ඔහු කිසිසේත් නොසිතූ ප්‍රතිදානයකි. අද ඔහු නන්නත්තාර වී ඇත.
    අරගලයේ මුල් සමයේදී එය හාස්‍යට ලක් කල ලෝක බලවතුන් එහි පළමු මස ගතවන විට ඒ කෙරේ විශාල අවධානයක් යොමු කරන්න විය. බොහෝ රටවල සමාජ විද්‍යා වියතුන් ලාංකික අරගලය පිළිබඳව තම අවධානය යොමු කරන්න විය. ඒ ඇසුරින් ආචාර්ය උපාධි පවා ඇරඹෙන්න විය. මේ සමගම ලෝක බලවතෙක් මේ ගැන සෙවීම පිළිබඳව කමිටුවක් පත්කළේය.
    අරගලයට නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක්, මාර්ග සිතියමක් අවශ්‍ය බව මම පුන පුනා කියන්න වුණේ මේ අවස්ථාවේදීය. නමුත් එය ඇසීමට සවන් නොතිබුණි. ඉන් දින කිහිපයකට පසු අරගලයේ ප්‍රතිඵලය තීරණය කිරීම අදිසි හස්තයක් වෙත පැවරුණි.
    රනිල් ජනපතිවීම අහම්බයක් නොවේ. එය ආරගලයේ අවසාන කාර්තුවේදී කිසියම් තානාපති කාර්යාලයකදී තීරණය විය. මේ බව දැනගත් විට මම ලිපියක් ලියමින් ලංකාවේ අනාගත නායකයා තීරණය වී ඇති බව මුහුණු පොතේ සටහන් කලෙමි. මට බොහෝ දේ ලිවීමට නොහැකිය. මා කී දේ තේරුම් ගත් සමහරෙක් විය.
    ලෝක බලවතුන් ගෝඨාභය කෙරේ සැහෙන විශ්වාසයක් තැබුවේ ඔහු ඇමරිකන් පුරවැසියෙකු නිසාය. නමුත් ඔහු මෝඩ ගොම තැම්මබක් බව වසර දෙකකදී ඔවුන්ට අවබෝධ විය. රනිල් පිළිබඳවද ඔවුන්ට විශාල බලාපොරොත්තුවක් නොවීය. එහෙත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොතිබුණි.
    රනිල් යනු සමාර්ට් පුද්ගලයෙක් නොවේ. එහෙත් ඔහුගේ ස්වාමියා ස්මාර්ට්ය. ඔහු ලෝකයේ ඉහලම බුද්ධි ජාලය සහ දැනුම් සංකීර්ණය සතුය. ගෝඨාභයට මේ ස්මාර්ට් ස්වාමියා තේරුම් ගැනීමට තරම් මොළයක් නොතිබුණි. රනිල්ට ඊට වැඩ බුද්ධියක් ඇත. මේ නිසා ලාංකිකයා ඉදිරියේ රනිල් සමාර්ට් පුද්ගලයෙකි. අන්ත මුග්ධ, ග්‍රාම්‍ය පොහොට්ටුවන් 134 ඉදිරියේ ඔහු අතිශය ස්මාර්ට් පුද්ගලයෙකි. දිවි හිමියෙන් එජාපයට කැපවුවන්ටද ඔහු ස්මාර්ට්ය. මම එහි වරදක් නොදකිමි. එහෙත් රනිල් යනු ස්මාර්ට් ස්වාමියකුගේ අණසක අනුව වැඩ කරන රෝබෝවකි.
    මා සිතන ආකාරයට දැන් ලංකාව යනු ලෝක බලවතුන්ගේ පර්යේෂණ සාම්පලයකි. රටක් අන්තර් ජාතික සමාගම් කිහිපයක පාලනයට නතු වූ විට එය ලෝක බලවතුන්ට බලපාන ආකාරය පිළිබඳව පර්යේෂණ නියැදියක් බවට ලංකාව පත්ව තිබේ. විද්‍යාඥයෙකු වශයෙන් මමද මේ පර්යේෂණයට ලොබ බඳිමි. නමුත් අවාසානාවට මමද මේ නියැදියේ අවශේෂ පර්යේෂණ සාම්පලයක් වෙමි.
    ලංකාව අද පත්ව ඇති තත්වයට සම්පුර්ණයෙන් වග කිවයුත්තේ රාජපක්ෂ පවුලයි. ඔවුන් ට්‍රිලියන ගණනින් රටේ සාරය ගසා කෑවේය. තවමත් බොහෝ මුග්ධයන්ට මෙය නොතේරෙයි. ගෝඨාභය ගසා කෑවාදැයි මම නොදනිමි. නමුත් තමන්ගේ අමන, අනුවණ, උද්දච්චකම නිසාම ඔහු ගත් උම්මත්තක තීරණ නිසා ලංකාව අද පවතින තත්වයට පත්විය.
    රනිල් හා අලඟු තැබීමටවත් රාජපක්ෂලා හෝ ඔහුගේ හෙංචයියන්ට නොහැක. ඒ රනිල් ස්මාර්ට් නිසා නොව රනිල්ගේ ස්වාමියාගේ ස්මාර්ට්කම නිසාය.
    එසේම රනිල් සමග හැප්පීමට සමත් විඥානයක් ඇති පිරිසක් ලංකාවේ නොමැති සේය. ඔබ ගන්නා සියලු පියවරයන්ගෙන් සිදුවන්නේ ජනතාව ඔබගෙන් ඈත් වීමයි. වැඩවර්ජන, අන්තරේ විරෝධතා පිළිබඳව දැන් ජනතාවගේ ප්‍රතික්‍රියා විමසා බලන්න. රනිල් පියවර ගන්නේ ඔහුට ස්වාමියාගෙන් ලැබෙන අණ සහ උපදෙස් අනුවයි. මේ උපදෙස් ලැබෙන්නේ රටවල් ගණනාවක කරන ලද පර්යේෂණ ප්‍රතිඵල අනුවයි.
    රටක ජනතාව සමස්තයක් වශයෙන් ගත් කල බුද්ධි හීන භූතාර්ථයකි. එය ඇමරිකාවටද අදාළය. සමාජ විද්‍යාඥයන් සියළු රටවල් සඳහා ජන විඥානය quantify කරයි. මෙහිදී ලංකාව ඉතා පහල අගයක් ගනියි. එහි තේරුම ලාංකික ජන විඥානය ඉතා පහසුවෙන් manipulate කළහැකි බවයි.
    මා වැනි ඉතා සුළු නොවැදගත් පුද්ගලයෙකුට කල හැකි දේ ඉතා අල්ප බව මම දැන් තේරුම් ගනිමි. ලාංකික ඔබට ඔබ අදහන ආගමක සරණයි.


    source ;
    https://chandimagomes.blogspot.com/...4rSoRIo1PvSnKl_hhgYQmj0zpEWTLImfyOoKkg29Cbv9Q
     
    • Like
    Reactions: chinmak

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    දීප්ත කුමාර ගුණරත්න ලයිට්.
    අරගල කාලේ ලංකාවේ ආන්ඩුවෙන් ගහන්න ඕනි නිව්ස් ගැහුවේ චීන එම්බසි එකෙන්.ඉතිං ඒකෙන්ම පේනවනේ කවුද මේක දෙපැත්තේ හිටියේ කියලා..ලෝකේ ඕනිම රටක කිසිම බාහිර සාධකයකින් ස්වායක්ත පාලනයක් පිහිටවන්න බෑ..ඇමරිකාවේ ජන්දෙටත් රුසියාවෙන් බලපෑම් කරනවා..හැබැයි අපිට පුලුවන් දේවල් ඒකෙන් ලබා ගන්න පුලුවන..අරගලයක් කියන එකයි විප්ලවය්ක් කියන එකයි දෙකක්...අරගලයක් කියන එක කාලාන්තරය්ක් තිස්සේ පවතින ව්‍යාපාරයක්...civil right moment එක ගැන කියවන්න ඇමරිකාවේ.ඒකට cia එක කොච්චර බලපෑම් කලාද? හැබැයි අදටත් එක පවතිනවා,මේක ලියන කෙනා අරගලය විප්ලවයක් විදිහට දැකලා තියෙන්නේ...විප්ලවය ආපහු හරවන්න පුලුවන් මර්දනයකින් හෝ ප්‍රති විප්ලවයකින්...මොක වුනත් ලංකාවට කෙල වෙලා තියෙනවා කියන කෑල්ල කියන්න ඔච්චර හෑල්ලක් ඕනි නෑ😅
     
    Last edited:
    • Like
    Reactions: kasun_kbp

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    කවුද දන්නේ නෑ ස්වාමියා 🙄
    දන්නේ නෑ , සමහර විට රනිල් දන්නෙත් නැතිව ඇති
    කොහොමත් පුංචි අපිට ඕවා බර වැඩියි
     
    • Like
    Reactions: B.Chat

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Sherlock Holmes කතාවක් වගේ නැතුව කෙලින්ම ඔය කියන ස්මාර්ට් ස්වාමියාගෙ නම කිව්වා නම් ඉවරයිනෙ 🥴
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එලම, හරියට හරි! එත් ස්මාර්ට් ස්වාමියා 99 බද්දට දෙන ජාතියෙ ඩැල් එකෙක් රනිල්! මුලම කාලෙ බටහිර එම්බසි එක්ක වැඩ කල ගොඩක් උන්ගෙ සොශල් මිඩියා ප්‍රොෆයිල් පවා මිසින්, ෆෙම්ස් උන් ටික විතරයි ඉන්නෙ,
    අපි දැන් එක්ස්පෙරිමන්ට් එකක කොටසක්, ඉට අමතර අපි ඉන්දියන් සාගරෙ හොදම නාවික හමුදා මුලස්තානය නිසා අපිව ලොවෙත් චිනාගෙ අතට යන්න බටහිර උන් ඉඩතියන්නෙ නැහැ,,

    එයාලා ඔක්කොම යාලුවො / අපි වගෙ පොඩි රටවල චන්දෙ දීනිම තිරනය කරන්න ස්පොන්සර්ස්ලා කියල එකා හිරෙත් ගියා ඇ
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,941
    2,551
    113
    colombo
    "ඉන් එක පුද්ගලයෙක් ඔබ කිසිවෙක් නොසිතන,
    ලෝක බලවතෙක් මේ ගැන සෙවීම පිළිබඳව කමිටුවක් පත්කළේය,
    දේශපාලන බලවේග කිහිපයක්,
    පර්යේෂණ පත්‍රිකා 50ක් වත් CV එකට එක් කරගන්න තිබුණි,
    කිසියම් තානාපති කාර්යාලයකදී,
    ස්මාර්ට් ස්වාමියකුගේ අණසක අනුව"

    ඔච්චර හංගන්නේ මොකද ඔය ටිකක් කියන්න තිබුනනේ