ඔබ බුද්ධිමතෙකු බව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔබ බුද්ධිමතෙකු බව

    මිනිසුන් අවශ්‍ය දත්ත හා තොරතුරු බොහොමයක් වර්තමානයේ අන්තර්ජාලයෙන් ලබාගැනීමට පුළුවන්. එය මානව වර්ගයාට අවශ්‍ය දැනුම් සම්භාරයේ ගබඩාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට එය අපේ මොලයට උපකාර වන මිල කිරීමට අපහසු දිගුවක් ලෙස සලකන්නත් පුළුවන්. නමුත් හදිසියේවත් අන්තර්ජාලය නැතිවෙලා ගියොත් ? ඇති වෙන තත්වය නම් ඉතාම නරකයි. මෙහෙම කියන්නේ අපි නෙමෙයි. ඇමෙරිකාවේ මනෝවිද්‍යාඥයන්ගේ සංගමය.
    මෑතකදී සිදු කෙරුණු අධ්‍යනයකට අනුව අපි අපේ දැනුම සහ බුද්ධිමත් භාවය පිළිබඳව ඕනෑවටත් වඩා ආඩම්බර වෙනවා කියලයි. මේ හේතුවට බලපාන ප්‍රධාන සාධකය වන්නේ අන්තර්ජාල පහසුකම් තිබීම කියලයි හඳුනාගෙන තියෙන්නේ. මේ නිසාම අපි අපි තුල ඇති දැනුම හා අපිට පිටතින් ලබා ගත හැකි දැනුම පිළිබඳව පටලවාගන්නවා.
    මනෝවිද්‍යාඥයන් පිරිසක් තවත් පුද්ගලයන් පිරිසක් ද සහභාගී කරගෙන පරික්ෂනාක් සිදුකලා. මෙහිදී ඔවුන්ට පැවරුණු කාර්ය වන්නේ සරල එදිනෙදා ජිවිතයේ දේවල් ඇසුරෙන් නැගෙන ප්‍රශ්න වලට පිළිතුරු දීමට යම් ගැටළුවක් විසඳීමට තමාට ඇති හැකියාව පිළිබඳව තමාටම ලකුණු දමාගැනීමට අවස්තාව සැලසීමයි. Zip එකක් ක්‍රියාකරන්නේ කොහොමද වගේ සරල ප්‍රශ්න ඔවුනට ලබාදෙන ලදී. මේ සඳහා පළිතුරු සැපයීමට එක් පිරිසකට අන්තර්ජාල පහසුකම් ලබාදෙන ලදී. අනෙක් පිරිසට එසේ නොකරන ලෙසටත් දැනුම් දෙන ලදී. ඒවගේම සමහර අවස්ථාවලදී මේ සඳහා තොරතුරු ලබා ගත යුතු වෙබ් අඩවි මොනවා ද යන්නත් ඔවුනට දැනුම් දෙන ලදී.
    මේ පරීක්ෂණය අවසානයේ විද්‍යාඥයන් කණ්ඩායමට පෙනී ගියේ අන්තර්ජාලය භාවිතා කල පිරිස තමාගේ පෞද්ගලික දැනුම වැඩි බව සලකා වැඩි ලකුණු ප්‍රමාණයක් තමාට ලබා දී ඇති බවයි. අන්තර්ජාලය භාවිතා කිරීමට ඉඩලබා නොදුන් පුද්ගලයන් වෙතටත් අවශ්‍ය සියලු තොරතුරු මුද්‍රිත පිටපත් හරහා අදාළ වෙබ් අඩවි වලින් උපුටාගෙන ලබා දී තිබුනත් ඔවුන් තමන්ගේ දැනුම මට්ටමට ලබා දී තිබුනේ සාපේක්ෂව අඩු ලකුණු ප්‍රමාණයකුයි. එම නිසා එයින් පැහැදිලි වුනේ අන්තර්ජාලය භාවිතා කිරීමට පෙළඹෙන බොහෝ දෙනා සිතන්නේ ඒ දැනුම් සම්භාරයම ඇත්තේ තමාගේ සිත තුල බවයි. එය හුදෙක් අප බුද්ධි මට්ටම නියමිත මට්ටමට වඩා ඉහල මට්ටමක් මවා දක්වන මායාවක් පමණක් බව මෙයින් පෙනී ගියා.
    මේ අධ්‍යනය සිදුකල පර්යේෂක කණ්ඩායම වැඩිදුරටත් පවසා සිටියේ විවිධ ආකාරයේ පර්යේෂණ නවයක් ඇසුරෙන් ලබාගන්න ලද ප්‍රතිපල වලට අනුව අන්තර්ජාලය ඔස්සේ කරුණු සොයාබැලීමට හුරුවීම නිසා යමෙක් තමාගේ දැනුම මට්ටම පිළිබඳව අධිතක්සේරු කිරීමක් සිදු කරන බවයි. නමුත් ඇත්තටම සලකා බැලුවත් ඔවුන් බොහෝදෙනෙකුගේ දැනුම පහල මට්ටමක පවතින්නේ.
    මොහොතකට හිතලා බලන්න,

    Google Search එක නැතුව අපිට වැඩක් කරගන්න පුළුවන් ද කියලා.:no::no:


    http://sira.lk
     
    • Like
    Reactions: hawk24