ඔබ මේ බුදුගුණ කිව්වද?
මේ එදා
මටනම් කියන්නට දෙයක් ඉතුරුවෙලා නැහැ. ඔක්කොම කියෙව්වනම් තේරෙන්න ඇතිනේද?
බුදුන් අභිබවා ගිය මිනිසුන්
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
මේ එදා
මේ අදයම් පෘථක්ජනයෙක් බුදුරදුන්ගේ ගුණ කියන්නේ නම් ඔහු උන්වහන්සේගේ සිල්වත්කම අරභයාම කරන ගුණ කථනක් මිස බුදු රදුන් විසින් ඉතා දුක සේ සූක්ෂමව අවබෝධ කල ධර්මය වෙනුවෙන් නොවන බව පැවසීය. එවැනි ගුණ කථනයක් කරතොත් බුදු කෙනෙකු විසින්ම එවැනි ගුණ කථනයක් කල යුතු බවද පැවසීය. පෘථක්ජන වූ යමෙක් කෙසේ නම් එවැනි ගුණ කථනයක් කරන්නේදැයි පවසා, කෙසේ වෙතත් යමෙක් ත්රිවිධ රත්නය කෙරෙහි යම් ගුණ කථනයක් කෙරේනම්, ඉතා විනීතව එය දරාගෙන අප කෙරෙහි නුගුණ කියා නම් එම නුගුණ අප කෙරෙහි නැත කියා පිලිගැනීමට උපදෙස් දෙනු ලැබීය.
උපුටා ගැනීම : බ්රහ්මජාල සූත්රය ඇසුරෙනි
“අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ, භගවාති”
අපිට පුළුවන් මේ අප්රමාණ ගුණ නිතර දෙවේලේ කියමින් හෝ සිහිකරමින් ශාන්තියක් උදා කරගන්න. නමුත් එහෙම දෙයක් දැනට ලැබෙන පාටක් නැහැ, ඒ කිව්වෙ කොහේ හරි අපිට වැරදිලා තියෙනවා, ඒකට හේතුව තමයි අපි මෙච්චර කල් ඉපිසෝ භගවා…කියල පටන් අරගෙන තමයි බුදු ගුණ කර්මස්තානය කලේ. ඒ කිව්වෙ වචන දෙකක් එකපාරට එකට කියනවා නමුත් හරි විදිහ නම්, මෙහි “ඉතිපි සෝ” වචන දෙකක් විදියට ශබ්ද කරන්න ඕනෙ.
“ඉතිපිසෝ” කියද්දි “ඉෂ්ඨත්වය පිස දැමූ” කියන අර්ථයයි හැඟවෙන්නේ. “ඉතිපි සෝ භගවා” කියද්දි මෙසේ මෙසේ කාරණා වලින් ඒ භගවතුන් වහන්සේ කියන අර්ථයයි එන්නේ. මේ ආකාරයට පද , අකුරු මුලින්ම වෙනස් කර ගත් විට අග සම්පූර්ණයෙන්ම වැරදිලා යනවා. උපමාවක් විදිහට අඩි 20 විතර උස කනුවක් මුලින් අංශක 10 විතර ඇල කලාම එහි මුදුන විශාල අගයකින් ඇල වෙනව වගේ, මුල වැරදුනාම අගට යන්න යන්න වැරදීම විශාල වෙනවා. ඒ වගේම පද එකින් එකට වෙන් කරලත් කියන්න ඕනෙ. එවිට බුදු රජාණන් වහන්සේගේ ගුණ නමය පද හැටියට කියවෙනවා.
උපුටා ගැනීම: http://blog.hiddendhamma.net/2010/11/
මටනම් කියන්නට දෙයක් ඉතුරුවෙලා නැහැ. ඔක්කොම කියෙව්වනම් තේරෙන්න ඇතිනේද?
බුදුන් අභිබවා ගිය මිනිසුන්
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
Last edited:

