ඔබ සහ ඔවුන් - MUST READ

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    1. ඔබට පේන්නෙ : "ග්ලූකොෆේජ්, ඩයිමෙතිල්කාබන්මයිඩික් ඩයමයිඩ්, ලැක්ටොබැසිලස් ඇසිඩොෆිලස්, කාඕපෙක්ටෙටි, ඉමෝඩියම්, ඉලෙක්ට්‍රොකාඩියොග්‍රැෆි, කලෝන්ස්කොපි, එන්ඩොස්කොපි"......
    ඔවුන්ට පේන්නෙ : "අර සුදු පාට චූටි පෙත්ත, රතු පාට දිග කරල, සුදු පාට ලොකු පෙත්ත, අර සුදුයි, නිලුයි තියෙන රවුම් පොඩි පෙත්ත, පපුව චෙක් කරන මැසිම, බඩට කැමරාව දාලා බලන එක, බඩ යනකොට බොන පෙත්ත, දොස්තර මහත්තයා දීපු එක...."


    2. ඔබට පේන්නෙ : "වන් ඩිමෙන්ෂනල් එලෙමෙන්ට්, ටූ ඩිමෙන්ෂනල් එලෙමෙන්ට්, ඩ්‍රිප් එජ්, රිජ් කැප්, ෆේෂියා බෝඩ්, ගේබ්ල් ෆේෂියා, ලින්ටල්ස්, සයිඩ් බොල්ස්ටර්ස්...."
    ඔවුන්ට පේන්නෙ : "...ගෙයි යට කෑල්ල, කුස්සි කෑල්ල, ලැට් එක, පඩි පෙළ, නාන කාමරේට ඇඳපු කොටුව, උඩ කෑල්ල, බිත්තිය..."


    3. ඔබට පේන්නෙ : "ලෑන්ඩ් ඩිවෙලොප්මන්ට් ඕඩිනන්ස් 1895, සරෙන්ඩර් ඇන්ඩ් සබ්ඩිවිෂන්, ටයිට්ල් රෙජිස්ට්‍රේෂන් ඇක්ට්, ලෑන්ඩ් ඇක්විසිෂන් ඕඩිනන්ස්, මැට්‍රිමෝනියල් රයිට්ස්, ඉන්හෙරිටන්ස් ස්ටැටියුට්ස්, ක්‍රිමිනල් ප්‍රොසීඩියර්, සිවිල් ජුරිස්ඩික්ෂන්, ඩිටේනීස් රයිට්ස්...."
    ඔවුන්ට පේන්නෙ : "මිල්ලගහවත්ත ඉඩමෙ නඩුව, මහ ගෙදර කොටස ගන්න නඩුව, දුවගෙ දික්කසාදෙ නඩුව, අබ්බගාත් මහත්තයගෙ ගාස්තු, මුද්දර ගාස්තු, උසාවි දානවා, ඇප දීලා ගන්නවා....."



    4. ඔබට පේන්නෙ : "ඩී.එස්.එල්.ආර් ප්‍රොසෙසින්, ඇල්ෆා ඩිසයින්, වීඩියෝ එඩිටර්, ක්ලිප් එක්ස්ට්‍රැක්ෂන්, බ්‍රෝ ටූල්ස්, පේන්ට් බ්‍රෂ්, එයා බ්‍රෂ්, කලරින්, වොයිස් එඩිට්, ලෝඩ් එඩිට්..."
    ඔවුන්ට පේන්නෙ : "දූගේ කසාදෙ පොටෝ ටික, පුතාගෙ උපාධි උත්සවේ පොටෝ ටික, දූගෙ කසාදෙ වීඩියෝ කරපු එක, අත්තම්මගෙ අවසන් කටයුතු වල පොටෝ ටික....."



    5. ඔබට පේන්නෙ : "මදර් බෝඩ්, ග්‍රැෆික්ස් ඔන් බෝඩ් ඔර් සෙපරේට්, රැම්, හාඩ් ඩිස්ක්, කෝ අයි සෙවන්, සිස්ටම් ඩිස්ක්, සිස්ටම් ෆයිල්, සිස්ටම් ඉන්ස්ටොලේෂන්, ග්‍රැෆික්ස් ඩ්‍රයිවර්ස්..."
    ඔවුන්ට පේන්නෙ : "...කොම්පියුටරේ කෑලි, හතරැස් ලොකු කෑල්ල, හීනි දිගටි කෑලි ටික, වයර් කෑලි, කොම්පියුටරේ වැඩ කරන්න හදල දෙනවා...."



    6. ඔබට පේන්නෙ : "එයාර් ඉන්ටේක් ෆිල්ටර්ස්, බ්ලෝ ඕෆ් වෑල්ව්ස්, බූස්ට් කන්ට්‍රෝලර් යුනිට්, කැටැලික් කන්වර්ටර්ස්, ක්ලච් කිට්ස්, ඩවුන් පයිප්ස්, එන්ජින් මවුන්ට්ස්, හෙඩර්ස්.."
    ඔවුන්ට පේන්නෙ : "කාර් එක ලෙඩ දෙනවා, දුවන්න හදලා දෙනවා, එන්ජිමේ කෑලි, දිග බටේ, අර රිදී පාට ලොකු බට කෑල්ල, චූට් චූටි කලු ගැහිච්ච එව්වා, අර දැති, දැති තියෙන එක...."




    7. ඔබට පේන්නෙ : "ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකවුන්ට්, ප්‍රොෆිටැබිලිටි රේෂියෝස්, රේෂියෝ ඇනැලිසිස්, ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝස්, බොටම්ස් අප් ඉන්වෙස්ට්මන්ට්, ලීඩර් බෝඩ් ස්ටොක් පර්චෙස්, පේමන්ට් වවුචර්ස්, ඉන්වොයිසස්, ටැක්ස් රෙගියුලේෂන්ස්, ඊ.පී.එෆ් ප්‍රපෝෂන්, ඉනීෂියල් පබ්ලික් ඔෆරින්ග්..."
    ඔවුන්ට පේන්නෙ : "ඉස්ටොක් මාකට් එකේ ගත්තු කොටස්, එකවුන්ටන්ට් මහත්තයා කියපු ඒවා, ආණ්ඩුවට ගෙවන බද්ද, බිස්නස් එක සරුද බලන එක, අතේ තියෙන ගාණ, බැංකුවෙ තියෙන ගාණ, මේ මාසෙ ආදායම.."




    8 . ඔබට පේන්නෙ : "කො-එක්සල් කේබල්ස්, ඔප්ටිකල් ෆයිබර් කේබලින්ග්, රවුටර්ස්, ලෝකල් ඒරියා නෙටිවර්ක්, සර්වර්ස්, ඩොමේන්ස්, හොස්ට්ස්, අයි.පී ක්ලාසස්, සබ්නෙට් මාස්ක්, රේන්ජ් ලිස්ට්, ඩිෆෝල්ට් ගේට්වේ, කන්ෆිගරේෂන්, ලෝඩ් බැලන්ස්, ඇටෙනු-ඒෂන්, මොඩියුලේෂන්, ඇම්ප්ලිෆිකේෂන්, කැරියර් සිග්නල්, සයින් වේව්ස්, සිගන්ල් ලොස්, සවුන්ඩ් ඉෆෙක්ට්, රේන් ෆේඩ්......"
    ඔවුන්ට පේන්නෙ : " කොම්පියුටර් එකතු කරලා හදලා දෙනවා, වයර් කෑලි, ඇන්ටෙනා එක, රවුම් ඇන්ටෙනා එක, ගෙවල් ඉස්සරහා බිත්තියෙ ගහන ඇන්ටෙනා එක, ෆෝන් එක, වහින කොට ටී.වී පේන්නෑ, සෙල්ටෙල් එක, කොම්පියුටර් එකේ නෙට් වැඩ කරන්නෙ නෑ..."




    "දැනුම් අසමමිතිය"හෙවත් යම් කිසි ක්ෂේත්‍රයක් "දැනීම සහ නොදැනීම" අතර වෙනස වංචනික ලෙස, පෞද්ගලික වාසි තකා භාවිතා කිරීම අද මුලු ලෝකයම ගිලගත්, මනුෂ්‍යත්වයට එරෙහි ඉතාම බරපතළ අපරාධයක් බව ඔබ දන්නවාද?.... ආසියාවේ පමණක් සතියකට සාමාන්‍ය මනුෂ්‍යයෙකු කිසි යම් ක්ෂේත්‍රයක් පිළිබඳව තමාගේ "නොදැනීම"නිසා, දැනුවත් වෘත්තිකයන්ට "නොගෙවිය යුතු"මුදල් ඩොලර් 90 ක් පමණ අතිරේකව ගෙවන බව ඔබ දන්නවාද...?.... නොදන්නා මිනිසුන් රවටා, ඔවුන් නොගෙවිය යුතු මුදල් අය කර ගැනීම අද ලෝකයේ නිහඬව ක්‍රියාත්මක වන විශාලතම අපරාධය බව ඔබ දන්නවාද...?
    සියළුම මාදිලියේ වෘත්තිකයිනි....!..... ඔබේ රැකියාව කුමක් වුවත්, ඔබ ළඟට එන ඔබේ ගණු දෙණු කරුවා, ඔබ සොයාගෙන එන්නේ, ඔවුන්ගේ අසරණ කම නිසාය.....!...ඔබේ ක්ෂේත්‍රයට ඔබ රජෙකි....!...උගතෙකි...!...පඬිවරයෙකි...!...ඔබේ දැනුම ඔවුන්ගේ නොදැනුවත්භාවයයි....!....ඔවුන් ඔබ සොයා එන්නේ ඒ නිසාය.....!.. ඒ අසරණ කමෙන් අයුතු ප්‍රයෝජන නොගැනීමෙන් ඔබ, දුක් විඳ, වෙහෙස වී, උගත් ඔබේ වෘත්තිය බබළවනු ඇත....!
    ඔබේ දැනුම යොදාගෙන, ඔවුන්ගේ නොදැනුවත් කම රවටා, නොලැබිය යුතු වාසි ලබන්න එපා...!...ඔබට අතිරේක වාසි ලබන්නට වෘත්තිය සුදුසු කම් සහ උගත් කම් ගණිකා වෘත්තියේ යොදවන්න එපා....!...ඔබට පිටුපසින් සිට, ඔබේ දැනුමෙන්, නොදැනුවත් අනුන්ට වංචා කරනවාට ඔබට තෑගි බෝග දෙන්න ඉදිරිපත් වන සමාගම් හෙළා දකින්න....!
    දුක් මහන්සි වී ලද වෘත්තිය නිපුණත්වයෙන් ඔබේ ශ්‍රමයට සහ දැනුමට "අයිති දේ පමණක්" ලබා ගන්න ...!... යම් දිනෙක මරණ මොහොතේදි, ඔබේ හෘද සාක්ෂිය ඔබව වීරයෙකු ලෙස තීන්දු කරනු ඇත....!... වෘත්තිය වංචාවන් දුරලමු..
    ~දමිත් කේතක(2013)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    web-developer-vs-customer-conflict.jpg
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    BUMP BUMP BUMP

    යම් දිනෙක මරණ මොහොතේදි, ඔබේ හෘද සාක්ෂිය ඔබව වීරයෙකු ලෙස තීන්දු කරනු ඇත....!
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    ඇත්ත කතාව... අපි මේ මොන සෙල්ලම් දැම්මත් දවසක අපිට යන්න වෙනවනේ.. එදාට සෙල්ලම් දාල හොයපු දේවල් මොකුත් ඉතුරු වෙන්නේ නැනේ.