ඔබ සැමට 2 ...

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

වචන භාවිතයේදී ඔබේ පාලනය කෙසේද ? සමහරක් විටදී අපගේ සිත අන් අයගේ වචන භාවිතය නිසා රිදීමට පත් වේ. ජීවිතයේ එක් වරකදී හෝ ඔබත් අනිවාර්යයෙන්ම ඒ අත්දැකීමට මුහුණ දී ඇතිවාට සැකයක් නැත. සමාන්‍යයෙන් ආයුධයකින් ඇති කරනවාට වඩා දරුණු ආකාරයේ වේදනාවක් එක් වචනයකින් ඇති කල හැක. එහිදී ආගම්, ජාති භේදයක් නැත. බෞද්ධ ජීවිතයේදී එබැවින් වචන භාවිතයේදී පාලනය ඇති කරගත හැකි ආකාර කීපයක්ම දක්වා තිබේ. උදාහරණයක් ලෙස අන් අය රවටන ආකාරයේ වචන භාවිතා නොකිරීම, අන් අය අතර භේද ඇති වන ආකාරයේ වචන භාවිතයෙන් වැලකීම, අන් අයගේ හිත රිදෙන ආකාරයෙන් එසේත් නැත්නම් අන්යන්ගේ සිතට කෝපයක් ඇතිවන ආකා‍රයේ වචන භාවිතයෙන් වැලකීම, නිස්කාරණයේ වචන භාවිතයෙන් වැලකීම ආදිය ඒ හැසිරීම් මාලාවට ඇතුලත් වේ. සමාජයේ ජීවත් වන විටදී අපට වචන භාවිතා නොකර සිටීමට නොහැක. නමුත් අපි ඒ භාවිතා කරන වචන වලින් අන් අයට වේදනාවක් ඇති කරන්නේ නම් ඒ වචන භාවිතා කරනවාට වඩා ගොළුවකු සේ සිටීම යහපත්ය.

එසේම කෙනෙකුගේ සිතේ ඇති වන්නානවු අදහස් බාහිර ලෝකයට පෙන්නන්නාවූ කැඩපතක් ලෙසද වචන පිලිගනියි. එබැවින් වචන පාවිච්චි කරන ආකාරය අනුව ඒ තැනැත්තාගේ බුද්ධි මට්ටමද තීරණය කරනු ලැබිය හැක.

එබැවින් වචන යන්නේ ඇති වටිනාකම වටහා ගෙන ඒ ඒ අවස්ථාවට උචිත පරිදි වචන යොදාගනිමින් අන් අයගේ හිත නොරිදවා සමාජයට යහපතක් කර ජීවත් වීම අප සැමගේ කාර්යයකි.

වරක එක්තරා භික්ෂුවක් තම ගෝල සාමණේර නමකට ඉර එළිය බිමට වැටෙන තෙක් නිදා ගැනීම සම්බන්ධයෙන් මහා හඬින් බැණ වැදුනේය. එහිදී ඒ භික්ෂුව කියා සිටියේ පන්සලේ පොකුණේ සිටින ඉබ්බා අව්ව තැපීමට එන තෙක් නිදා ගැනීම සුදුසු නැති බවයි. මෙම කථන්දරය ඒ අවස්ථාවේදී තම මවගේ අසනීපය නිසා ඇයට ශක්තිමත් ආහාරයක් සොයමින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ඇසිනි. ඔහු ඉක්මනින් පන්සලට පැමිණ අව්ව තපින ඉබ්බා දැක ඌ අල්ලා ගෙන ගොස් උගෙන් රසවත් සුප් එකක් සාදන ලදි. ඉන් පසුව ඔහු විසින් ඒ භෝජනය තම මවට ලබා ගැනීම සඳහා භික්ෂුව උපකාර කලා යැයි සලකා පලමුවෙන්ම භික්ෂුවට ඉන් කොටසක් පූජා කරන ලදි.

භික්ෂූව එය පිලිගැනීමෙන් පසුව ඒ දානයේ රසවත් බව පවසා විස්තර විමසීමෙන් පසුව සිදු වී ඇති දෙය වටහා ගෙන තමන් නිසා ඉබ්බා මිය ගිය බව සලකා මින් පසුව නම් එක වචනයක් වත් කථා නොකරන බවට තමන්ටම පොරොන්දු විය. එදායින් පසුව කිසිදු වචනයක් ඒ භික්ෂුවගෙන් පිට නොවිනි.

දිනක් මේ භික්ෂුව ඒ පොකුණ දෙස බලා ගෙන කල්පනාවක වෙලී සිටින විට පන්සලේ වැඩ සිටින තවත් අන්ධ භික්ෂුවක් පොකුණ දෙසට ගමන් කරනවා දුටුවේය. ඔහුට එක් වරම තව දුරටත් ඒ භික්ෂුව පොකුණ දෙසට ගියොත් එහි වැටෙන බව වැටහිනි. නමුත් වචන භාවිතය ගැන තමන්ට වූ පොරොන්දුව නිසා ඔහු දෙලොවක අතරමන් විය. ඒ අතරේ අන්ධ භික්ෂුව පොකුණට වැටී ගිලී අපවත් වන ලදි.

මෙයින් පසුව බලවත් චිත්ත වේදනාවකට ඒ භික්ෂුව පත් විය. ඉබ්බාගේ ජීවිතයට වඩා මිය ගිය භික්ෂුවගේ ජීවිතය ගැන ඔහුට දුක හිතිනි. තමන්ගේ වචන භාවිතය නිසා ජීවිත දෙකක්ම නැති වූ බවද ඔහුට කල්පනා විය. එතැනදී වචන යනු කුමක්ද යන්න මනාව උන් වහන්සේට වැටහිනි. ඒ අනුව තමන් මුලින් සිටි අධිෂ්ඨානය ඉවත් කර බුද්ධිමත් ලෙස මින් පසුව වචන භාවිතා කරන බවට ඉටා ගන්නා ලදි.


අප විසින් බොහෝ විටදී කතා කල යුතු තැන්වලදී කතා නො‍කර සිටින්නෙමු. කතා‍ නොකල යුතු තැන් වලදී කතා කරන්නෙමු. එසේම ඇති විය හැකි පතිපල ගැන නොසිතා වචන භාවිතා කරන්නෙමු. එම තත්වයන් වෙනස් කර ගැනීමට පුරුදු වීම බෞද්ධයන් ලෙසට අපට අපගේ අවසන් අරමුණට ලඟා වීමට මනා පිටි වහලක් වෙයි. අන්‍යාගමිකයෙකුට වුවද එසේමය. එබැවින් සුදුසු අවස්ථාවේදී සුදුසු ලෙස සුදුසු වචන භාවිතා කිරීම මගින් සැනසීම ලබා ගැනීමටත්, අන්‍යයන්ට සැනසීම ලබා දීමටත් ඔබ සැමට හැකි වේවා.
 
  • Like
Reactions: nadun07

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ගොඩක් වටිනා කියන post එකක්.. මේ ඡන්දෙ නිසා කුණුහරප කියාගෙන එක එකා මරාගන්න කාලෙ මම කියන්නෙ මේ පොස්ට් එක talk section එකේ දැම්මා නම් වටිනවා කියලා :)

පැහැදිලිවම වචන වලින් කෙනෙක්ගෙ හැටි හිතාගන්න පුලුවන් :yes: