මේ වන විට ලොව රටවල් කිහිපයකින්ම වාර්තා වී ඇති දැඩි විකෘතිතාවයකින් යුත් "ඔමික්‍රෝන්" කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ වෛද්‍ය සංගමය මුලික කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකර තිබෙනවා.
මස් පිඩු වේදනාව, සුළු කැස්ස, ඇඟේ තෙහෙට්ටුව එම රෝග ලක්ෂණ වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මීට පෙර කොවිඩ් රෝගීන් අතර සුලභව පැවති ගඳ සුවඳ නොදැනීම මෙම නව කොවිඩ් ප්‍රභේදයේ දක්නට නොලැබෙන බවයි දකුණු අප්‍රිකානු වෛද්‍ය සභාවේ වෛද්‍ය ඇන්ජලික් කොඑට්සි සඳහන් කළේ.
නව වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙන බවට පළමු වරට අනතුරු ඇඟවීමක් සිදුකරනු ලැබුවේ ද මෙම වෛද්‍යවරියයි.
ඒ ඉකුත් නොවැම්බර් මස 18 වෙනිදා ඇය හමුවට පැමිණි එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමගයි.
එම ආසාදිතයින්ගේ පවතින රෝග ලක්ෂණ අනුව සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයකින් නව වෛරස් ප්‍රභේදය හඳුනා ගෙන ඇත.
කෙසේ වුවත් "ඔමික්‍රෝන්" වෛරස් ප්‍රභේදය පළමු වරට දකුණු අප්‍රිකාවෙන් හටගත් බවට පැහැදිලි සාක්ෂියක් නොමැති බවයි වාර්තා වෙන්නේ.
Link....
http://nethnews.lk/article/91097
Add......
මෙන්න ළඟටම ඇවිල්ලා වගේ............

අප්‍රිකානු රටවල් කිපයක සංචාරකයින්ට මෙරටට ඇතුලු වීම තහනම් කිරීමත් සමග සිම්බාබ්වේ රැදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ගෙන්වා ගැනීමද අසීරු වී තිබෙනවා.
ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක්විම සදහා සිබ්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුද එරටදී කොරෝනා ආසාදිතයින් ලෙසද හදුනා ගැනුනා
.
එම ක්‍රීඩිකාවන් හය දෙනා හැර සෙසු ක්‍රීඩිකාවන් දිවයිනට ගෙන්වා ගැනිම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරන බවද ඔහු සදහන් කළා. අප්‍රීකානු රටවල සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රොන් කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියද වහාම ක්‍රියාත්මක වන පරිදී අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ තීරණය කළා.
ගුවන් මගින්, ඉන්දියාවේ බෙන්ගලූරු ගුවන් තොටුපළට පැමිණි දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ඒ අනුව අදාළ පුද්ගලයින් දෙදෙනාට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයදැයි තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.
කෙසේවතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් බිය නොවී සිටින්නැයි කර්නාටක ප්‍රාන්ත බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා. ලොව පුරා පවතින ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳ සලකා රට තුළ ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමටයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
එසේම රෝහල්තුළ පවතින පහසුකම් සොයා බලා රෝහල් පද්ධතිය ශක්තිමත්ව තබන ලෙස ද අග්‍රාමාත්‍ය මෝදි උපදෙස් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාවට පැමිණි දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකුට කොරෝනා - නව ප්‍රභේදයදැයි සැකයක්

Last edited: