ඔයාගේ පීසී එකටත් මේ වගේ තීම් එකක් දාගන්න ක#
ඔයාගේ පීසී එකටත් මේ වගේ තීම් එකක් දාගන්න කැමතිද?
අද කියන්න යන්නේ මේ වගේ තීම් එකක් කොහොමද අපේ පීසී එකට දාගන්නෙ කියල. හැබැයි සමහර අය කියයි තීම් දැම්මම ස්ලෝ වෙනවා ස්ටක් වෙනවා කියල. එත් මගේ අත්දැකීමට අනුවනම් තීම් එකක්, අයිකන් පැක් එකක් නිසා එහෙම ස්ලෝව් වෙන්නෙම නැති තරම්.. සමහරවිට වින්ඩෝස් XP, විස්ටා තිබ්බ කාලේ එහෙම වෙන්න ඇති. හරි අපි දැන් බලමු මේක කරන්න මුලින්ම ඕන කරන්නේ මොකද්ද කියල.
හැබැයි මේ තීම් එක ඇප්ලයි කරන්න නම් වින්ඩෝස් 10 මෙන්න මේ බිල්ඩ් වලින් එකක් තියෙන්න ඔනෙවෙනවා.
1703/ 1709/ 1803/ 1809
මේක බලන්න දන්නේ නැත්නම් Run එකේ winver කියල ගහල බලන්න මේ විදියට පෙන්නයි වින්ඩෝස් වර්ෂන් එක. මේක මන් කලින් කියපු ඒවායින් එකක්නම් වැඩේ පටන්ගන්නයි තියෙන්නෙ.
= = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = =
ඉස්සෙල්ලම අපිට ඕනේ වෙනවා UltraUXThemePatcher_3.5.3 කියන ටූල් එක. මේකෙන් වෙන්නේ සිස්ටම් එකේ තියෙන Uxtheme.dll, Themeui.dll සහ Uxinit.dll කියන ෆයිල් තුන පැච් කරන එක. එහෙම කරන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන් අපිට කස්ටම් තීම් දාන්න බැරි වෙන්න බ්ලොක් කරලා නිසා ඒක අන්බ්ලොක් කරන්න.
මෙතනින් ටූල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න (මතක ඇතිව Run as Administrator දෙන්න මොකද අපි මොඩිෆයි කරන්නේ සිස්ටම් ෆයිල් එකක් නිසා)
හරියට පැච් වුනානම් මේ විදියට පෙන්නන්න ඕනේ. ඊට පස්සේ පීසී එක රීස්ටාර්ට් කරගන්න. දැන් තීම් එක දාන්න සිස්ටම් එක රේඩි. තීම් එකේ ෆයිල්ස් ටික මෙතනින් බාගන්න. මේ තීම් එකේ නම තමයි පෝසිලේන්. මීට අමතරව තව තීම් දෙකක් මම පල්ලෙහායින් දාන්නම් කැමති කෙනෙක් ට්‍රයි කරල බලන්න. දැන් ඔයාගේ පීසී එකේ ඩීපීඅයි ස්කේල් එක බලාගන්න ඕනේ මේ විදියට.
ඒක 100% හෝ 125% නම් Theme ෆෝල්ඩර් එකේ 100% & 125% DPI එකේ තියෙන ඔක්කොම කොපි කරලා C:\Windows\Resources\Themes ෆෝල්ඩරේට පේස්ට් කරන්න. දැන් තීම් එක ඇප්ලයි කරන්න තියෙන්නේ. කරන්නේ
Settings > Personalization > Themes > මෙතනින් Porcelain හරි Porcelain Square Corners හරි දෙකෙන් එකක් සිලෙක්ට් කරන්න.
මේ වගේම තවත් තීම් දෙකක් මේ තියෙන්නේ, කැමති කෙනෙක් ට්‍රයි කරලා බලන්න.
| ⇩ Proma |
| ⇩ Matte |
මොනාහරි අවුලක් උනොත් අහන්න.

Last edited:
අවුරුදු 4ක ඉදන් දාගෙන ඉන්නෙ