ඔයාට මොනවද නැත්තේ

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඔයාට මොනවද නැත්තේ

    538688_364178186978552_228131663916539_987263_1022154268_n.jpg


    ◄ ලද දෙයින් ජීවිතය ජය ගත්තෙමි ►

    Sacral agenesis යනු අතිශයින්ම දුර්ලබ රෝගී තත්වයකි. මෙම රෝගයට ගොදුරු වූවන්හට දෙපා අහිමි වනුයේ මව් කුස තුළදී ඔවුන්ගේ සුසුම්නාව නිවැරදිව වැඩී නොතිබීම නිසාය. ඉතා නිරෝගී මිනිසුන් තමන් ලැබූ දෙයින් සෑහීමකට පත් නොවන ලොවක Doug Forbisට සිය දෙපා අහිමි වීම තම සොඳුරු දිවිය අඳුරු කිරීමට නම් හේතුවක් වූයේ නෑ.

    ඔහු සතුවූ නොපසුබස්නා දිරිය ඔහුගේ ජීවිතය සාර්ථක එකක් කිරීමට හේතු වුනා. මේ 24 හැවිරිදි තරුණයා රෝද පුටු ක්‍රීඩාවලටත්, සිය පෙම්වතියටත්, සිය ජීවිතයටත් ආදරය කරන බව පවසයි. ඔහු ආබාධ සහිත කුඩා දරුවන්ට ගුරුවරයෙක් වීමට සිහින මවයි. ඔහුගේ ආබාධයට ඔහුගේ ජීවිතය අඳුරට ඇද දැමිය හැකි නොවීය. ඔහු ඔබ අප සැමටම ආදර්ශයකි. ඔහුගේ උත්සාහය විසින් ඔහුව සාර්ථකත්වයේ ඉහළම හිණිපෙත්තට රැගෙන යනු ඇත.

    අපිට මොනවද තියෙන්නේ යැයි කණස්සලු වන මොහොතක අපිට ඇත්තටම මොනවද නොමැත්තේ යැයි සිතන්නට මෙය හොඳම නිදසුන නොවන්නේද?


    ඔහු පිලිබඳ වූ youtube වීඩියෝවක්



    බස් එකේදි සිද්ධියක් ත්‍රේඩ් එකෙනුත් මම කියන්න හැදුවේ මේකයි....අපිට තියෙන දෙයින් සතු‍ටු වෙන්න....

    බස් එකේදි සිද්ධියක්..http://www.elakiri.com/forum/showthread.php?t=1433991
     
    Last edited:
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හොඳ ත්‍රෙඩ් එකක්. මේ වගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් වැටෙනව අඩුයි, කෙල්ලෙක්ගෙ පින්තූරයක් දැම්ම නම් පිටු 100ක් විතර දිගට කමෙන්ට් වැටෙනවා. රෙප්+
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හොඳ ත්‍රෙඩ් එකක්. මේ වගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් වැටෙනව අඩුයි, කෙල්ලෙක්ගෙ පින්තූරයක් දැම්ම නම් පිටු 100ක් විතර දිගට කමෙන්ට් වැටෙනවා. රෙප්+

    ~ ඔව් මචෝ තැන්ක්ස් ~
    +