මට රට යන උණ මුලින්ම හැදෙන්න ගත්තේ මම 10 වසරෙදි වගේ. ඒකට ප්‍රධාන හේතුව උනේ ඒකාලේ අපේ සිල්ලර කඩේ තිබුන ඇන්කර් කිරිපිටි පැකට් වල තිබුන ලස්සන කොලපාට තණකොළ පිට්ටනිවල ඉන්න හරක් එක්ක පිටිපස්සේ තියන හිම කන්දේ රුපය.
මම දැනටත් කාලයක් තිස්සේ ඒ පරණ කිරිපිටි පැකට් එකේ රූපයක් ඉන්ටර්නෙට් එකේ හරි හොයාගන්න බලනවා ඒත් තාම හොයාගන්න බැරි උනා. මම ඒ අතීතයට මාර ආසයි. මම අම්මට ඒ දවස් වල කිව්වෙම, කවදා හරි මම නවසීලන්තයට ගිහින් පිටි පැකට් එකේ වගේ තැනක farm එකක් කරනවා කියලා
.
ඒ කාලේ මට නවසිලන්ත උණ හොඳම එකෙන්. නවසිලන්ත ckricket ටීම් එක තමයි මගේ කැමතිම ටීම් එක උනෙත්. අන්තිමට කොහොම හරි රට යන උණ හොඳ උනා. හැබැයි නවසිලන්තේ ගිහින් නෙවෙයි නොහිතපු විදියට යුරෝපෙට ඇවිත්.
ඔයාලගෙත් රට උණ හැදෙන්න හේතු වුන මේ වගේ දේවල් තියනම් කියන්න
.
මේ පහල දාල තියන ඇසුරුම මම හිතන්නෙ අළුත් එකක්. මට අවශ්‍ය එක හොයාගන්න බැරි වුන නිසා මේක දාන්නේ.