ඔයාලටත් මෙහෙම හිතෙනවද..?

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
ඔයාලටත් මෙහෙම හිතෙනවද..?

ඊයෙ රෑ අහම්බෙන් වගේ සින්දුවක් ඇහුනා.... සින්දුව අහගෙන ඉන්නකොට මට ඇතිවෙච්ච හැඟිම එලකිරි යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුන නිසයි මේ post එක දැම්මේ.....
පොඩ්ඩක් කියවලා බලන්න මට පිස්සුද නැත්නම් ඔයාලටත් මේ විදියටම හිතෙනවද කියලා.....

මාලනී බුලත්සිංහල කියන්නේ අප අතරින් සමුගත්.... අපට සදා මතකයේ රැඳෙන ගීත රැසක් දායාද කරපු සිංහල සංගීත ක්ෂේත්‍රයේ සදා නොමියෙන තරුවක් කිව්වොත් ඔයාල මාත් එක්ක එකඟ වෙවි ....
ගීතයක් තුලින් කිනිසි පහරක් වගේ හදවත පතුලටම කිඳා බහින්න පුලුවන් විදිහේ මහා පුදුමාකාර දක්ෂතාවයක් ඒ කටහඬට තියෙන බව මට ඊයෙ නම් සක් සුදක් සේ පැහැදිලි වුනා....

ඇයි මම කිනිසි පහරක් උපමාවට ගත්තේ කියලා ඔයාලට සින්දුව අහද්දි තේරේවි කියල හිතනවා....

පුංචි කලෙ අපි රචනා ලියනකොට අපි කියන්නේ ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා.... ඇත්ත කතාවත් ඒකමනේ... ලංකාව කියන්නේ සම්පත් වලින් පිරිච්ච රටක්.... අපිට මොනවද අඩු..? ගිනි කඳු භුමිකම්පා නැතුව අනිත් හැම දෙයක්ම දෙවියන්ගෙ පිහිටෙන් අපේ රටේ තියනවානේ......

ඉතින් ඒක නිසානෙ මේ කියන්නේ.....

ඛේතුමතී රජදහනේ.......
ඉසුරු නැතේ ලංකාවේ.....

ඉතින් අපි මේ ගැන ආඩම්බර වෙන්න ඔනෙ නැද්ද?... මොකටද හත්දෙයියනේ මේ කතාව මහා දුක්බර විදියට කියන්නේ..... සිංදුව ඇහුවම තෙරේවි පුදුම ශෝකාන්විත කටහඬකින්නේ මේ කියන්නේ.....
ඉතින් ඇත්තටම අපිට මේ ගැන සතුටු වෙන්න බැරිද..?
කොහේ හරි වැරැද්දක් තියනවා කියල හිතෙන්නෙ නැද්ද..?
කවුද මේවට වග කියන්න ඔනෙ කියල නම් මගෙන් අහන්න එපා..... නමුත් ලොකේ තියන සම්පත් බහුලම රටේ තත්වය ගැන ලොකු දුකක් ඇතිවුන නිසයි මෙහෙම කිව්වෙ......


අපි හැමදාමත් අපෙ ඉතිහාසය ගැන කියව කියවා ඉන්නවා මිසක් කිසිම අලුත් දෙයක් කරනවද..? දුක් විඳින මිනිහා හැමදාම දුක් විඳිනවා...
අතලොස්සකගේ සතුට සුඛ විහරනය උදෙසා රට වල පල්ලට යනවා...

ඉතින් මටත් අහන්න වෙන්නේ මෙච්චරයි සහෝ.......

" කවදා මුවග හසරැල්ලක් දකින්නේ......? "


මෙන්න සිංදුව


ඛේතුමතී රජදහනේ.......
ඉසුරු නැතේ ලංකාවේ..... //

වැස්සට තෙමෙන පැල්පත් වල සිටින්නේ.....
කිරට හඬන දරුවන් නෙත ගැටෙන්නේ......
බැරි බර කරට ගත් මිනිසුන් පෙනෙන්නේ.....
කවදා මුවග හසරැල්ලක් දකින්නේ.....

ඛේතුමතී රජදහනේ.......
ඉසුරු නැතේ ලංකාවේ..... //

ඉසුරු සොය මැදපෙරදිග ඇදෙන්නේ....
කඳුලු මැදින් යලි සිය රට වඩින්නේ.....
කැදලි බිඳී සිත් විසිරී තැවෙන්නේ.....
කවදා මුවග හසරැල්ලක් දකින්නේ.....

ඛේතුමතී රජදහනේ.......
ඉසුරු නැතේ ලංකාවේ..... //

පන්සල් පල්ලි ලඟ යදියන් යදින්නේ.....
නම් ගම් නොමැති දරුවන් ඉන් යැපෙන්නේ.....
කම්පා වෙවී උන් හදවත් හඬන්නේ.....
කවදා මුවග හසරැල්ලක් දකින්නේ.....


හිතට දැනුනු දේ කිව්ව මිසක් ගීතයේ අර්ථයට හානියක් කරන්න හිතුවෙ නෑ.... එහෙම වුනානම් සමාවෙන්න..... අවශ්‍ය වුනේ ගීතය අහද්දි දැනුනු දේ ඔයාල එක්ක බෙදා ගන්න විතරයි.....


ජය වෙවා අපි හැමෝටම............!!!




youtube video එකක් මේකට දාන විදිය මම දන්නේ නෑ.... දන්න පින්වතෙක් කියා දුන්නොත් වටිනවා....


 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔබ වැනි අය කලාතුරකින් එහෙම හිතද්දී අද බොහො දෙනා වයි දිස් කොලවරි ඩි කියකියා මෙලෝ තේරුමක් නැතුව කියවද්දි හිතට දුකයි
වයි දිස් මාතර කලුතර ජරමර වි ...
මයිඩිය ආතල් ගමු අපිපැත්තට වී...
 

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
ඔබ වැනි අය කලාතුරකින් එහෙම හිතද්දී අද බොහො දෙනා වයි දිස් කොලවරි ඩි කියකියා මෙලෝ තේරුමක් නැතුව කියවද්දි හිතට දුකයි

වයි දිස් මාතර කලුතර ජරමර වි ...

මයිඩිය ආතල් ගමු අපිපැත්තට වී...

හැමදාම වගේ ඔබේ මගපෙන්වීමත් දිරිගැන්වීමත් නිරතුරු අගය කරමි....... හිතට දැනුන දේ කිව්වට අද සමාජයේ තරුණ මානසිකත්වය ගැන හිතුවෙ නෑ.... ආකල්පමය වෙනසකින් තොරව මෙවැනි දේවල් සමාජයට ලබා දීම බීරි අලින්ට වීනා වයනවා වැනි යයි දැන් මට සිතේ...........