සේල්ස් රෙප්ලගෙ බොරු
ඩිරෙක්ට් මාකටින් කියන්නෙ ලංකාවෙ ලොකුවටම සිද්ධ වෙන දෙයක්. ලෝකෙ ඇත්ත වගේ බොරු කියන අය අතරෙ තුන්වෙනි තැන රැකගෙන ඉන්නෙ මෙයාලා තමයි. එක ඉතිං දියවන්නාවෙ ඈයො. දෙක කොච්චිකඩේ ඈයො. ඒත් ඉතිං මේ සේල්ස් ඩයල් බඩු විකුණගන්න අපිට ගහන බොරුනම් උත්තර දීල ගැලවෙන්න බැරි දේවල්. අනිත් එක එයාලා කතා කරන්නෙ අපි ඒවා ගන්න ඕනෙමයි කියලයි.මේ දෙබස් දැනටත් ඕගොල්ලො අතරෙ ගිහිල්ල ඇති. මෙහෙම දෙයක් වෙලා නැත්තං සූදානමින් සිටින්න.
1. කේබල් ද ටීවී
සේල්ස් – මිස් අපි මේ කේබල් ටීවී එකක් විකුණන්න කියල
ගැනුම් – අපි දැනටම එකක් පාවිච්චි කරනව
සේල්ස් – තවත් එකක් ගත්තට පාඩු නෑ. නෝනා ප්‍රේම දඩයම බලනවා මහත්තයා මැච් එක බලනවා චැනල් එක මාරු කරන්න ගිහින් කාට කොයි වෙලේ තරහ යයිද කවුද දන්නේ? අනික කොහොමත් දැන් ඒවයින් මාරු වෙන්න කාලෙ දැන් හරි මිස්
ගැ – ඇයි?
සේ – ඉස්සරහට ඕවයෙ ගණන් වැඩි කරනවලු, චැනල් අඩු කරනවලු, රිවයින්ඩ් නැති කරනවලු
ගැ – මොකා?
සේ – මිස්ට විශ්වාස නැහැ නේ? ඒ නිසා තමයි අපේ මේ ප්‍රඩක්ට් එක එන්නෙ. මේකෙ චැනල් 780ක් තියෙනවා. මාස දෙකක් රිවයින්ඩ් ටීවී තියෙනවා. ගානත් හුඟක් අඩුයි.
ගැ – කෝ බලන්න. පිස්සුද මනුස්සයො. චැනල් 780වට දොළොස්දාහක් ගෙවන්නලු. මේ කොලේ ගහලම තියෙනව රිවයින්ඩ් ටීවී නෑ කියල. ඇයි ඔහොම බොරු කියන්නෙ
සේ – තාම වෙලා නෑ තමයි. ඒත් ඉස්සරහට වෙයි.
2. සුඩුම සුඩක්
සේ – සර් අපි මේ ඩිෂ් ක්ලීනිං ලික්විඩ් එකක් ගෙනාව.
ගැ – ගිය මාසෙ ආපු කට්ටියගෙන් අපි ඔය ජාතිය ගත්තා.
සේ – ඉතිං මේ මාසෙත් ගන්න.
ගැ – තාම අරක ඉවර නැහැ
සේ – අරං තියාගන්න සර්. අදින් ඔෆර් එක ඉවරයි.
ගැ – වැඩක් නැහැ. කොහොමත් වෙනිං එකකට මාරු වෙන්නයි ඉන්නෙ.
සේ – ඇයි සුදු වෙන්නෙ නැද්ද?
ගැ – සුදු වෙන්නෙත් නෑ. කුණු යන්නෙත් නෑ. තෙල් ගතිය නැති වෙන්නෙත් නෑ.
සේ – වෙන්න බෑ. සර්ලා හෝදන විදිය අවුල් ඇති. මේ බලන්න… දැන් නිව් ඉම්පෘව්ඩ් කියල ලේබල් එකක් ගහල තියෙන්නෙ. ඉස්සර ප්රෙඩක්ට් එකට වඩා දෙහි බෑයක් වැඩිපුර දාල හදන්නේ
ගැ – වැඩක් නෑ. අපිට එපා!
සේ – සර්ලට මේක නොගත්තු අඩුව තේරේවි.
3. පෙස්ටානියා ඩිමොලිෂීනියා
සේ – මිස්ලට හොඳටම කැරපොතු කරදරේ තියෙනව නේද?
ගැ – කොහොමද එහෙම කියන්නෙ?
සේ – මං එද්දි එලියෙ කැරපොත්තො දෙන්නෙකු හිටියා. ඒකයි මං කිවුවෙ.
ගැ – පොඩි එක්කෙනාගෙ කෑම හැලෙනවනෙ. ඒක වෙන්නැති.
සේ – එහෙම නෙමෙයි මිස්. කැරපොත්තො ඉන්න එක පිරිසිදුකමට බාධාවක්. අපි මේ අලුතෙන් මාකට් එකට දාපු මේ ගැජට් එකෙන් පුළුවන් එක කැරපොත්තෙක්වත් නැති වෙන විදියට පිළියමක් දෙන්න.
ගැ – ගිය මාසෙත් ආව. අපිත් අරගත්ත. කෝ කිසිම සෙතක් වුනේ නැහැනෙ.
සේ – ඒ වෙනිං කවුරුහරි වෙන්නැති මිස්. අපේ එක එහෙම නැහැ. මේ තට්ටු දෙකේ ගෙදරටම එකක් ඇති. අනික මුලින් එද්දි හිටපු කැරපොත්තො දෙන්නත් පැනල ගියේ අපේ පැකට් එකේ සුවඳ වැටිච්ච ගමන්. ඒ තරං පවර්ෆුල් මිස් මේක.
ගැ – කමක් නෑ. දැන් එපා! හස්බන්ඩ් ඉන්න වෙලාවක බලමු.
සේ – සර් ඉන්න වෙලාවක නං මේක අනිවා අරගන්නව මිස්. මේ චාන්ස් එක නැති කරගන්න එපා. දැන් ගත්තොත් රුපියල් සීයක් අඩුයිත් එක්ක. ආයිත් මං නොකිවුව කියන්නෙපා මිස්.
4. කුකිං කුකිං කුක් බෝවේ
සේ – ආ… සර්, මිස් ඉන්නවද?
ගැ – එයා නෑ
සේ – එහෙනං මේ පණිවිඩේ සර්ට කියන්නම්. සර් මිස්ට කියන්න
ගැ – එයා එන්නෙ දවස් දෙකකින්
සේ – සර් ඒ ටිකේ කොහොමද උයාගන්නෙ?
ගැ – කඩෙන් කන්නෙ. ඇයි?
සේ – කඩේ කෑම අපිරිසිදුයිනෙ සර්. ගෙදරම බතකුයි පරිප්පුවකුයි හදාගත්තනං ලේසියිනෙ. මේ කුකර් එකේ බත් එක්ක තවත් ව්‍යංජන දෙකක් එක පාර හදාගන්න පුළුවන්.
ගැ – මට වෙලාව නැහැ.
සේ – වෙලාවක් යන්නෙ නැහැ සර්. කඩේට යන වෙලාව විතරයි යන්නෙ
ගැ – මට කඩෙන් කෑම එකක් ගෙදට්ටම හම්බෙනවා. රුපියල් සීයයි යන්නෙත්. දන්නැති එවුවයෙන් උයලා, ඕකට ඔයාලට සල්ලිත් දීලා, වලං හෝදල, ගෙදර හාල් පොල් ටික ඉවර කරනවට වඩා වයිෆ් නැති වෙලාවෙ රුපියල් සීයක් වියදං කරන එක ලාබයි.
සේ – ඔහොම හිතුවොත් නං සර් බලාගෙන ඉද්දිම ලෙඩෙක් වෙයි
ගැ – මං දැනටම ලෙඩෙක්. ඔයාලගෙ මැෂිමෙන් පරිප්පුවයි බතයි කෑව කියල මගේ ලෙඩ සනීප වෙන්නෙ නැහැනෙ නේද?
සේ – සර්ම හිතන්න ඔවුවයෙ තියෙන ජරාව කැවිල සර්ට හැදෙනව ලෙඩක්. නිකමට දවස් තුනක් විතර අල්ලන බඩේ අමාරුවක් සෙට්වෙනව. ඊටපස්සෙ වයිෆ් බරබරේ දාලා යනව කඩෙන් කන්නැතුව උයාගෙන කන්න කියලා. සර්ට කිසිම පළපුරුද්දක් නැති නිසා සර්ට වෙන්නෙ කාගෙ හරි වත්තකට පැනලා උයං කන්න තමයි වඳුරෝ වගේ.
5. දීස් සේවින්ග්ස් හෑවු වින්ග්ස්
සේ – සර් දන්නවද සර්ගෙ ඉතුරුම් ගිණුමට ලැබෙන පොලිය අඩුයි කියල?
ගැ – ඔවු
සේ – සර් දන්නවද කීයද කියල?
ගැ – ඔවු ඇයි?
සේ – කීයද සර්?
ගැ – ඔයාට කියන්නෙ මොකටද මගේ බැංකුවෙ විස්තර. බැංකුවෙන් මට ප්‍රමෝෂන් කරනවට සල්ලි දෙන්නෙ නැහැනෙ.
සේ – එහෙම නෙමෙයි සර්. අපි මේ අලුත් ඉතුරුම් ක්‍රමයක් හඳුන්වලා දෙනවා
ගැ – මට තවත් ඉතුරු කරන්න සල්ලි නෑ
සේ – ඉතිං සර් දැනට ඉතුරු කරල තියෙන ඒවා
ගැ – ඒව ෆික්ස්ඩ් ඩිපොසිට් දාල තියෙන්නෙ. මං අයින් කරන්නෙ නැහැ
සේ – සර් මේකෙ දැම්මොත් අවුරුද්ද අන්තිමට වටිනා කුඩ දෙකක් හම්බෙනෝ. දැම්ම වගේ එකහමාරක් සල්ලි හම්බෙනෝ. ගෙදරටම ඇවිල්ල බැංකු කටයුතු කරනෝ. දිනුම් ඇදීමකින් ඉඩමක් හම්බෙනෝ.
ගැ – ඔයාල මහ බැංකුවෙ රෙජිස්ටර්ද?
සේ – හෙට රෙජිස්ටර් කරන්න කියල ඉන්නෙ සර්
6. හෙල්දි ලයිප්
ගැ – ඇයි?
සේ – බලන්න මිස්. මේ පායන කාලෙ. ලෙඩ වැඩියි
ගැ – ඉතිං
සේ – ඉතිං කියන්නෙ මිස් අපි මේ හඳුන්වල දෙනවා මේ විශේෂ පනාව මේකෙන් හැමදාම හවසට ඔළුව පීරන්නයි තියෙන්නෙ. මතක් කරල කියන්න ඕන මිස්. කොණ්ඩෙ නෙමෙයි. ඔළුව
ගැ – එතකොට?
සේ – එතකොට මිස් හෙම්බිරිස්සා ජාති දාහතකින් ආරක්ෂා වෙනවා. බඩ අඩුවෙනවා. කොලෙස්ටරෝල් දහනය වෙනවා. ෂුගර් පාලනය වෙනවා. ඔළුව කැක්කුම් වර්ග දොළහක් සුව වෙනවා. හච්චෝස්්්්්්…
ගැ – මුලින්ම ඔය අයිනට වෙලා ඔයා ඔලුව පීරගෙනම කතා කරන්න ගත්තනං මොකෝ.
7. ලයිට් නං ලයිට්
සේ – සර්ලට කරන්ට් බිල කීයක් එනවද?
ගැ – ඇයි අහන්නෙ?
සේ – සර් විශ්වාස කරනවද කරන්ට් බිල වැඩිවෙන්නෙ බල්බ් නිසා කියල? නිකංද සර් කරන්ට් බිලට ලයිට් බිල කියල කියන්නෙ
ගැ – ඉතිං?
සේ – ඉතිං සර් මේ මම ගෙනපු බල්බ් වලින් පුළුවන් විදුලි බිල හොඳටම අඩුකරගන්න. කොටිම්ම රුපියල් 300කින් විතර විදුලි බිල අඩුකරගන්න පුළුවන්.
ගැ – දැන් අපිට කරන්ට් බිල එන්නෙ හාරසීයයි. ඒ කියන්නෙ මේ බල්බ් දැම්මොත් අපි ගෙවන්න ඕන සීයයිද?

Last edited:
+5