මහින්ද රාජපක්ෂ යුගයේ 2013 වසරේදි වර්තමාන මධ්‍යම අධිවේගය ලෙස නම් කර ඇති උතුරු අධිවේගය සඳහා ඉදිකිරීම් වෙනුවෙන් චීන සමාගමක් වන එම් සී සී සමඟමට චීන එක්ස්සීම් බැoකුවන් මූල්‍ය පහසුකම් සහිතව කඩවත එඩේරමුල්ල සිට අබේපුස්ස දක්වා කිලෝමීටර් 54 ක් ඉදිකිරීමට ඇමරිකන් ඩොලර් බිලියන 1 ට ලබාදී තිබුනි. ඒ අනුව අද ඩොලර් එකේ වටිනාකම අනුව කිලෝමීටර් එකක් සඳහා අද වටිනාකම රුපියල් බිලියන 2 දශම 7කි.වෙනසකට පුක දුන්නා විතරයි.
එහෙත් අද වනවිට උතුරු අධිවේගය, මධ්‍යයේම අධිවේගය ලෙස නම් කර පසුගියදා ආරම්භ කල අතර එම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37 දශම 1 ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1 දශම 1ක් වැය කරයි , ඒ අනුව දැන් කිලෝමීටර් 1ක් ඉදිවන්නේ රුපියල් බිලියන 4 දශම 7 කටයි.
එමෙන්ම මෙම සඳහා ඉoජිනේරු ඇස්තමේන්තු වනුයේද රුපියල් බිලියන 129 ක් වන අතර එම සමාගම්ට නිශ්චිත ටෙන්ඩර පරිපාටියේන් බැහැරව ලබාදී ඇත්තේ රුපියල් බිලියන 158 කටයි එනම් වර්තමාන ඉoජිනේරු ඇස්තමේන්තුවටත් වඩා තවත් බිලියන 29 ක වැඩි වීමකි.
මේ අනුව වර්තමාන මහානගර සoවර්ධන අමාත්‍ය චම්පික රණවක විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රජය නිර්ධය ලෙස විවේචනයට ලක්වූ අධිවේග මාර්ග සම්බන්ධයෙන් රත්රන් යොදා මාර්ගය ඉදිකරනවාද යන ජනතාව ආකර්ශනය කල සටන් පාඨය ප්ලැටිනම් Platinum ලෙස වෙනස් කොට වර්තමාන රජයේ මධ්‍යයේම අධිවේගය සම්බන්ධයෙන් කතාවක් ගොඩනැඟීමට අවස්ථාවක් වර්තමාන රජයේ පාලකයින් විසින් ඔහු වෙත උදා කර දී ඇත
Mahinda illana kaaleka denawa eyata.. Madei wenasak koranna ona una. Babaa hambela inne.

pora yuddaya iwara karanna dayaka una.. pora kelawa gatte second term eka... 
