මාරම කවියක්.හරිම ආදරණිය විදියට වචන හසුරවලා තියෙනවා.කියවලා තියෙන ලස්සනම කවිය.
අය්යාගෙ කතාව කියවලා තිබ්බ නිසා මෙක දැකලා ඇස් දෙකට කඳුළකුත් ආවා...
අය්යාගෙ කතාව කියවලා තිබ්බ නිසා මෙක දැකලා ඇස් දෙකට කඳුළකුත් ආවා...
සුදු මහත්තයා;6450346 said:මේ නිර්මාණය මගේ එකක් නෙමෙයි. මම ආදරය කරපු ගැහැණු ලමය ( හංසි ) මට එවපු එකක්. ඒත් ඒකෙ ලස්සන නිසාම ඒක දාන්න හිතුනා
සුදු මහත්තයා;6450972 said:එයා මට ගොඩක් ආදරේ කරා තමයි මචං.ඒත් දැන් එයා මා ලඟ නෑ.
See this http://www.elakiri.com/forum/showthread.php?t=386652
karpu???? ubata mwechchara adare karapu kenata uba boot thibada???
karpu???? ubata mwechchara adare karapu kenata uba boot thibada???



ane na ban. onna oya rauxz dela tiyena link 1 balannako 

සුදු මහත්තයා;8984909 said:ane na ban. onna oya rauxz dela tiyena link 1 balannako
![]()
සුදු මහත්තයා;6450349 said:ඔයා දන්නවද
ඔයා නැතිව ගෙවෙන
හරි පාළු වෙලාවකදි
කවුරුත් නැති තැනකට ගිහින්
මම පුංචි ගාණක් හදනවා...
ඔන්න මම මාව ගන්නවා...
පස්සෙ මගෙන් ඔයාව අඩුකරනවා..
දන්නවද රත්තරන් උත්තරය කීයද කියලා...
බිංදුවයි.
හිතන්නකෝ එතකොට මං කියල කෙනෙක්
ඉන්නවද... ම්.. නෑනෙ.
ආයෙත් ඉතින් මං මගේ හදවත ගන්නවා
පස්සෙ අපේ ආදරේ මං මගේ හදවතින්
අඩුකරනවා...
උත්තරය දැක්කම ඇස් වලට කඳුළු එනවා
ඔයාට පුදුම හිතෙයි
උත්තරය බිංදුවයි
එතකොට හිතන්න වස්තුවේ
ඔයාගෙ ආදරේ ඇරෙන්න
මේ පපුවෙ වෙන කිසිදෙයක් නෑ නේද කියලා
මම මාව ගන්නවා
පස්සෙ මගේ ආදරේ ගන්නවා
ඊටත් පස්සෙ මගෙ පුංචි ජීවිතෙ ගන්නවා
මං එක පෙලට පුංචි සමීකරණයක් හදනවා
මම + මගේ ආදරය + මගේ ජීවිතේ...
අවසානයට මම ලකුණක් දාල ඒ ඔක්කොම
එකට එකතු කරනවා
ඔයාට හිතාගන්න පුළුවන්ද ලැබෙන උත්තරය
මමයි මගේ ආදරයයි... මගේ ජීවිතයයි
එකතු කලාම ලැබෙන උත්තරය
ඔව් ඒ ' ඔයා'...
මම මගේ පුංචි අහිංසක හිතේ
සතුට ගන්නවා...
අනේ රත්තරන් ඒක දශම ගානක්
ඒත් මම ඒ පුංචි ඉලක්කම
මගේ හිතේ සතුට කියන පුංචි අගය
ඔයාගෙ ආදරෙන් වැඩි කරනවා
මටම පුදුමයි
මට උත්තරය ලෙස ලැබෙන්නෙ
අනන්තයක්... ගණින්නට බැරි තරම් ගනනක්
ඔයා මගේ ජීවිතේ සතුට කොයිතරම් හදනවද
මම මේ විඳින්නෙ
ඒ සතුටනෙ ර..ත්..ත..ර..න්
ඔයා අහයි ඇයි බෙදල බලන්නෙ
නැත්තෙ කියලා
අනේ මගේ අහිංසක මෝඩයෝ...
ආදරේ කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
හදවත කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
බෑ මමවත් මගේ ආදරේවත් මගේ හදවතවත්
මම බෙදන්නෙ නෑ
ඒ වගේම මම ඔයාවත් ඔයාගෙ ආදරේවත්
ඔයාගෙ හදවතවත්
බෙදන්න ඉඩ දෙන්නෙත් නෑ .....
ඉතින් මම ආයෙත් ' ඔයාව ' ගන්නවා
පස්සෙ මාව ගන්නවා...
පස්සෙ ඔයාවයි මාවයි එකට
එකතු කරනවා ....
අනේ කොච්චර ලස්සනද
ඔයා දන්නවද
මට ආපු උත්තරේ ....
නිකමට හිතල බලන්න
ඔයා + මම = .....
මොකක්ද උත්තරේ .....
ම්.... ඔයා හරි.
කවදද අපි එහෙම එකතු වෙන්නෙ
මෙහෙම දෙතැනක ඉඳල
අපි කොහොමද අපේ සිහින
සැබෑ කරගන්නෙ .....
ජීවිතේ අමාරුයි .. මං දන්නවා
මං නිසා ජීවිතේ මහ ගොඩක් බර
ඔයාගෙ ඔළුවට ආවොත්....
අනේ ඔයාට දුක හිතෙයි ...
ඒත් හීන කියන්නෙ හැබෑනොවෙන ඒවට නෙමේ නේද ...
ආදරේ කියන්නෙ තාරකාවක් නෙමෙයි නේද.....
මං ආස ඔයාගෙ ලේ රස්නය
මගෙ පපුවට දැනෙනවට ....
ආදරය දුර ඉඳන් විඳින්න මම දන්නෙ නෑ..
බලාපොරොත්තු උනත් කාලයක් යද්දි
ඇල් වෙන්න බලනවා ....
මට කියන්න
මාත් එක්ක නේද ජීවිතේ පටන් ගන්නෙ
ඇයි දන්නවද එහෙම අහන්නෙ
ඔයා නැතිව මෙහෙම ජීවතේ ගෙවද්දි
හිතෙන්නෙ හරියට
මං ජීවත් නොවෙනවා කියලයි ...
හරි ඉක්මනට ... මටත් ...
ජීවිතේ හැඩ බලන්න ආසයි
තනියම නෙමෙයි ... ඔයා එක්ක ...
ඉතින් රත්තරන්
කියන්නෙ එක දෙයයි
ඉක්මනට බැඳල
හෙමිහිට ජීවත් වෙමු .....
![]()
සුදු මහත්තයා;6450346 said:මේ නිර්මාණය මගේ එකක් නෙමෙයි. මම ආදරය කරපු ගැහැණු ලමය ( හංසි ) මට එවපු එකක්. ඒත් ඒකෙ ලස්සන නිසාම ඒක දාන්න හිතුනා







sathutu wenna
