ආදරණීය මගෙ පුන්චි නංගියෝ
ඔයා දන්නවනම් ඔයාගෙ ___ අයිය ඔයා හින්ද වෙනස් වෙල තියෙන තරම්...
කාලකණ්නි බේබද්දෙක් වෙලා අරක්කු වලින් දිය කරන්න හදපු
ජීවිතයකට ආයෙමත් අළුත් පණ ආවෙ ඔයා හින්ද බව
මහ රෑ එලි වෙනකම් ගණිකාවො ලඟ night club ඇතුලෙ karoake අස්සෙ
බැමි ලිහල දාල තිබුණු ජිවිතයකට ආයෙමත් අළුත් සීමා මායිම් ඇතිවුනෙ ඔයා හින්ද බව
අත්හැරල දාල තිබුණු ජිවිතයක ආයෙමත් අරමුණු ආවෙ ඔයා හින්ද බව
මගෙ පුන්චි නංගියෝ සමහරවිට ඔයා කවදාවත්ම දැන ගන්නෙ නැති වේවි
ඒත් මම ණය ගැතියි මගෙ මුළු හදින්ම හැමදාම ආයෙමත් මට ජීවිතය දැනෙන්නෙ දුන්නට


godak aya katha karanne adareeee nisa thamanta nethi unu dewal winda duk gena 

